Ads 468x60px

.

වැලිකඩින් හමු වූ සිම් කාඩ් වලින් තමිල්නාඩුවේ ජයලලිතාටත් එස්‌. එම්. එස්‌. යවලාලු

සිරකරුවන්ට මත්ද්‍රව්‍ය, මත්පැන්, මුදල්, ජංගම දුරකථන, සිම්කාඩ් ආදිය ලැබුනේ කොහෙන්ද...?

ඉන්දීය සිරකරුවන් සතුව තිබූ දුරකථන කීපයක්‌ ද සොයාගෙන..

වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී සොයාගත් පාතාල නායකයන්ට අයත් ජංගම දුරකථනවල සිම් කාඩ් භාවිත කරමින් ඔවුන් නිරතුරුවම සබඳකම් පැවැත්වූ ඇතැම් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා විවිධ පාර්ශ්ව ගැන තොරතුරු රැසක්‌ හෙළි වී තිබෙනවා.

මෙම ජංගම දුරකථන සිම්කාඩ්පත් ලබාගෙන ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පත් මගින් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙන අතර මේ පිළිබඳ ක්‍ෂේත්‍ර කිහිපයක්‌ ඔස්‌සේ ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ ආරම්භ කර
තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය සමීපයේ ඇති ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානවල මෙම පාතාල නායකයන් විසින් සබඳතා පැවැත්වූවන්ගේ අංක සටහන් වී
තිබෙනවා.

ආරක්‍ෂක අංශ විසින් සැක නොකරන පාර්ශ්වයන් සමඟ ද දුරකථන සබඳතා පවත්වා ඇතැයි තවදුරටත් හෙළිවී
තිබෙනවා.ආරක්‍ෂක බලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කළ විමර්ශනයේදී ඉන්දීය සිරකරුවන් සතුව තිබූ දුරකථන කීපයක්‌ ද සොයාගෙන ඇත.

එම දුරකථනවලින් ඔවුන් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා සහ

ඉන්දීය මාධ්‍ය වෙත ද එස්‌. එම්. එස්‌. පණිවුඩ යවා තිබූ බව සනාථ වී තිබෙනවා.

මේ අතර වැලිකඩ සිරකරුවන්ට ජංගම දුරකථන සැපයීමේ ජාලයට සම්බන්ධ ඇතැමුන් විසින් විශේෂ කාර්ය බළකායට හා හමුදාවට එරෙහිව විවිධ තොරතුරු ඇතුළත් පෙත්සම් යවන බවට වාර්තා වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග
පැවසුවා.

මෙකී ජාලයට සම්බන්ධ වූවන් ගැන තොරතුරු රැසක්‌ මේ වන විට ආරක්‍ෂක බලධාරීන්ට හෙළිවී
තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් අතර දිගු කාලයක සිට දුරකථන සම්බන්ධකම් පැවැති බව ද ආරක්‍ෂක ඔත්තු සේවා අනාවරණය කරගෙන
තිබෙනවා.

සිරකරුවන් හා නිලධාරීන් දුරකථන මගින් සුහද සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව ආරක්‍ෂක අංශවල අවධානය යොමුවී
තිබෙනවා.

මෙලෙස සිරකරුවන් සමඟ සබඳතා පැවැත්වූ නිලධාරීන් දසදෙනකුගෙන් පමණ ඉදිරි දින කීපය තුළදී ප්‍රශ්න කෙරෙන අතර ඔවුන් සිරකරුවන්ට මත්ද්‍රව්‍ය, මත්පැන්, මුදල්, ජංගම දුරකථන, සිම්කාඩ් ආදිය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී
තිබෙනවා.

ඇත්තටම වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද…? ජේලර් කෙනෙකුගෙන් නිර්නාමිකව ලිපියක්...
වැලිකඩට ආරක්‍ෂක හමුදා කැඳවූවේ කවුද...? අනුර කුමාරගෙන් ප්‍රශ්න 9ක්..  

වැලිකඩදී මැරුන මාලන් එක්ක විවාහ වුනු එක ඇත්ත ඒත් ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි - අනුෂා සොනාලි

වැලිකඩ ගැටුම මෙහෙයවුයේ අනූශා සොනාලිගේ සැමියා සහ තවත් 4 දෙනෙක්ලු...  

වැලිකඩ කැරැල්ලේ මිය ගිය රැදවියන් සංඛ්‍යාව 27 තෙක් ඉහලට...  
 
Related Posts with Thumbnails