Ads 468x60px

.

වැලිකඩට ගහන වෙලාවේ මම හිරෙන් පැන්නේ මෙහෙමයි - සිරකරුවෙක් කතා කරයි...

ලේ ගලන තුවාල එක්ක ජේලර් වරයෙක් හිරගෙදර මිදුලේ සිට එලියට දුවගෙන ආවා...

ඔහු පිටුපස්සේ මා ආවේ ඔහුගේ ආරක්ෂාවට පැමිණෙන කෙනෙක් විදිහටයි...


වැලිකඩ බන්ධනාගාරයේ හටගත් ගැටුම අවස්ථාවේ පළා ගිය රිමාණ්ඩ් සිරකරුවකු වූ හේවාබැට්ටගේ තුෂාන් සාරද නොහොත් චන්දන නැමැත්තා රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපොච්චාරණයක් කර තිබෙනවා. 

එම පාපොච්චාරණය අනුව මෙම සිරකරු වැලිකඩ සිර ගෙදරින් පැන ගිය ආකාරය දිග හැරෙන්නේ මෙසේය. 

සිරකරුවන් විසින් ගල්මුල් වලින් පහර දීමේ දී ගල් පහරක් ජේලර් වරයකුගේ හිසට වැදී තිබෙනවා.ලේ ගලන තුවාල සහිතව ජේලර්වරයා සිරගෙදර මිදුලේ සිට පිටතට දිව එද්දී ඔහු පිටුපස්සේ සිරකරුවා පැමිණ ඇත්තේ ජේලර්වරයාගේ ආරක්ෂාවට පැමිණෙමින් සිටින අයකු ලෙස ඇ‍ඟවන ආකාරයටය. 

සිරගෙදර ප්‍රධාන දොරටුවෙන් පිටතට ජේලර්වරයා පැමිණි අවස්ථාවේ සිරකරුවා සිය ගණනක් ආරක්ෂක හා බන්ධනාගාර නිලධාරින් අතරට වැදී මහ පාරට පැමිණ තිබෙනවා. අනතුරුව කිසිවකුට සැක නොසිතෙන ආකාරයට
බන්ධනාගාරයේ තාප්පය අයින දිගේ බොරැල්ල දෙසට ගොස් තිබෙනවා. ඔහු කෙලින්ම පැමිණ ඇත්තේ මාදිවෙල පිහිටි සහෝදරයකුගේ නිවසටය. 

එම නිවසේ 11 වැනිදා දක්වා සැකකරු රඳවාගත් සොහොයුරා එදින අළුයමින්ම රුවන්වැල්ලේ පදිංචි තවත් ඥාතියකුගේ නිවස බලා සැකකාර සොහොයුරා කැටුව ගොස් ඇත්තේ මාදිවෙල වැනි ජනාකීර්ණ පෙදෙසක සිටිනවාට වඩා රුවන්වැල්ල ආරක්ෂිත යැයි සිතූ බැවින්ය. 

එහෙත් මෙම සැකකරුට එහි රැඳී සිටීමට හැකි වූයේ දින දෙකකි. රුවන්වැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න බඹරබැද්ද මහතාට ලැබුණ ඔත්තුවක් අනුව අද අළුයම එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගන්නට හැකි විය. 

මෙම සැකකරුවා ඇතුළු ඔහුට නවාතැන් සැපයූ පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් පොලිසිය සියලු දෙනා කොළඹ අපරාධ විමර්ෂණ මූලස්ථානයට භාර දී තිබෙනවා. 

2007 වසරේ   මිරිහාන පොලිස් වසමට අයත් මාදිවෙල ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකපිට රිමාණ්ඩ් බන්ධනාගාරගත කොට තිබිණ. ඔහුගේ පදිංචිය මාදිවෙලය.
 
Related Posts with Thumbnails