Ads 468x60px

.

ශ්‍රී ලංකාව නම් ගෝත්‍රික රටේ දකුණු පළාතෙන් පැමිණි ගංකබරයෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයේ කල හදිය

ශ්‍රී ලංකාව නැමැති අර්ධ වනචාරී පසුගාමී දේශයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කල දිනයේදී බොජුන්හලේ ආසන මදි වීම නිසා පාර්ලිමේන්තු භෝජනාගාර පුටු පොළෙවේ ගසමින්, ස්ථාවර දුරකථනවලට පහර දෙමින් කලබලකාරී ලෙස හැසිරී තිබේ. 

උසස් සංස්කෘතියක් සහ සංවර්ධනයක් පවතින රටක අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ මැරයෙකු සේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ නම් එය ඔහුගේ දේශපාලන ජිවිතයේ අවසානය වේ. ඔහුගේ පක්ෂයේ නායකයා ඔහුව පක්ෂයෙන් ඉවත් කරනු ඇත. 

මාධ්‍ය ඉතා බලවත් ලෙස ඔහුගේ හැසිරීම විවේචනය කරනු ඇත. පාසල් ගුරුවරු දෙමාපියන් ඔහු  අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ක්‍රියා කිරීමට නුසුදුසු අයෙකු බවට පවසමින් නමුත් මේ පුද්ගලයා තනතුරින් ඉවත් කල යුතු බවට උද්ඝෝෂණය කරනු ඇත. 

නමුත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණිද සොයිසාට මේ කිසිම දෙයක් සිදු වුයේ නැත. ඔහු තවමත් යහතින්ය. ඒ මන්ද යත්
ශ්‍රී ලංකාව යනු කිසිම සංස්කෘතියක් නොමැති බහුතරය නූගත්  ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වූ පසුගාමී රටක් බැවිනි. මේ රට වනචාරී දේශයක් බවට අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රයෝගිකව පෙන්වා දුන්නේය.  

කිසිම සංස්කෘතියක් නොමැති ශ්‍රී ලංකාව නම් ගෝත්‍රික රටේ දකුණු පළාතෙන් පැමිණි මේ ගං කබරයා කල රංගනය නිසා මෝඩ ගෝත්‍රිකයන් අතර ඔහු වීරයෙකු වනවා පමණක් නොව ලබන චන්දයේ දී ඔහුට තව වැඩිපුර මනාපත් හිමි වනු ඇත. 

සංස්කෘතියක් නොමැති  ලංකාව වැනි  කාලකන්නි රටක නූගත්  ගෝත්‍රිකයන්ට රට පාලනය සඳහා  මැන්ඩෙලා , ඔබාමා , ජේම්ස් කැමරන් වැනි උගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබෙන්නේ නැත. උන්ට ලැබෙන්නේ  විජිත් විජයමුණිද සොයිසා වැනි ගං කබරයන් පමණි. 


අපි සල්ලි ගෙවලා තියෙන්නේ සල්ලිත් අරගෙන කන්න හදලා නැහැ - විජයමුණි කැන්ටිමේ යකා නැටු හැටි.

 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails