Ads 468x60px

.

සාදින්නාගල කන්දෙන් හමුවූ උමං මාර්ගය රාවණා රජුගේ නෙමෙයිලු...

කිසිම පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැතිලු...

වටිනාකමක් නැති නිසා අපගේ පරීක්ෂණ කණ්ඩායම් ඉවත්වුණා...

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්ද හරහා උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය යටතේ කැණීම් කටයුතු සිදුකිරීමේදී හදිස්සියේ මතුවූ රාවණා රජුගේ උමං මාර්ගක් පිලිබඳ පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා. එහෙත් එම උමං මාර්ගයේ කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැතැයි’ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසනවා.

මීට පෙරදී ලංකාවේ මතුගම, නුවරඑළිය වැනි ප‍්‍රදේශවලින්ද මෙවැනි උමං මාර්ග මතුවී තිබූ බවත්, මෙම ස්ථානයේද තහවුරු වූ බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම ඉන් ඉවත් වූ බවද ඒ මහතා සඳහන් කළා.

‘වැල්ලවාය සාදින්නාගල ප‍්‍රදේශයේ උමං මාර්ගයක් මතු වූ බව සැළවූ වහාම අපේ නිලධාරීන් යොදවලා එම ස්ථානය පරීක්ෂා කළා. එම ස්ථානයේ මීට පෙරත් උමං මාර්ගයක් තිබුණු බව වාර්තා වුණා. භූගත තැන්වල මෙවැනි උමං මාර්ග පිහිටන්න ඉඩ තියෙනවා. 

 
නමුත් මෙම ස්ථානයේ කිසිදු මානව සබඳකමක් නැති බව අපේ නිලධාරීන් තහවුරු කරගත් පසු එහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති බව තහවුරු කරගත්තා. පුරා විද්‍යාත්මක වටිනාමක් තියෙනවා නම් මානව ද්‍රව්‍ය තිබිය යුතුයි. 

ලෙන් සකස් කිරීමේ සාක්ෂි, එකල මිනිසුන් පරිහරණය කළ ද්‍රව්‍ය සාක්ෂි ලෙස තියෙන්න පුළුවන්. එසේම යම් තැනක පස් පරීක්ෂා කළාමත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇතිබව තහවුරු කරගන්න පුළුවන්.

මෙම ප‍්‍රදේශයේ යම් වැදගත්කමක් තියෙන්න පුළුවන්. එසේම අපේ රටේ විශාල පුරා විද්‍යාත්මක ස්ථාන තියෙනවා. මෙම ස්ථානයේ බිත්ති මටසිලිටු නිසා මානව කි‍්‍රයාකාරකම් සිදුවූ බවට සමහරු තර්ක කරනවා. මානව සබඳතා නිසා බිත්ති මටසිලිටු වන අවස්ථා තියෙනවා. 

නමුත් මෙහි කිසිදු මානව කි‍්‍රයාකාරකමක් සිදු වී නැති නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති නිසා අපගේ පරීක්ෂණ කණ්ඩායම් ඉන් ඉවත්වුණා’ යැයි සෙනරත් බණ්ඩාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර හෙළ යුගය පිළිබඳව විවිධ මාධ්‍යයන් ඔස්සේ කතාබහට ලක්කරන සංවිධාන එකමුතුවක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදු කෙරෙමින් පැවතියදී හදිසියේ මතුවී ඇති ඉපැරණි උමං මාර්ගය හා ඒ අවට පිළිබඳව කිසිදු ගවේශණයක් සිදු නොකර, තවදුරටත් ව්‍යාපෘතිය සිදුකරගෙන යාමෙන්, ගවේශණයට ලක්කළ යුතු එම සුවිශේෂත්වයට බරපතල හානි සිදුවෙමින් පවතින බවයි.

රාවණා රජුගේ උමං මාර්ගයක් සාදින්නාගල කන්දෙන්.

 
Related Posts with Thumbnails