Ads 468x60px

.

විජය නන්දසිරිට රිලව් රැලක් නිසා වෙච්ච හදියක්...

ප‍්‍රවීන නළුවෙකු වන විජය නන්දසිරිට රිලව් රැලක් නිසා අකරතැබ්බයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

‘දෙයියොත් දන් නෑ’ වේදිකා නාට්‍ය දර්ශනයක් සඳහා සහභාගිවීමට මහනුවර ප‍්‍රදේශයට යමින් සිටියදී විජය නන්දසිරි මේ අකරතැබ්බයට මුහුණදී තිබෙනවා.

ඔවුන් එම නාට්‍ය දර්ශනයට සහභාගිවීමට යමින් සිටියදී නාට්‍ය කණ්ඩායමේ ගිමන් වෙහෙස නිමා ගැනීමට අතර මග හෝටලයක නවත්වා තිබෙනවා.

පසුව එම හෝටලයෙන් සප්පායම්වී නාට්‍ය කණ්ඩායම නැවත ගමන ආරම්භ කිරීමට බසයට නැගීමට පෙර ගසක සිටි රිලව් රංචුවක් පාන් කෑල්ලක් කන දෙස විජය බලා සිට තිබෙනවා.

එතැනට ආ කුමාර තිරිමාදුර දැන් හැදෙන රිලවු කන්නෙත් කුරක්කන් පාන් නේද? යැයි විජයගෙන් විමසා තිබෙනවා. එයට හූ මිටි තැබූ විජය ඒකනේ මුන්

දන්ව ඇති නේද තිරිගුපිටි පාන් කන්න හොඳ නෑ කියල නේද යැයි පෙරලා තිරිමාදුරගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

අදාල සංවාදය අවසන් කර මොවුන් පැමිණි බස් රථයට ගොඩවී තිබෙනවා.බසයට ගොඩවත්ම එහි සිටි අයෙක් බලන්නකෝ කවුද අපේ බෑග් ඇදලා යනු වෙන් කෑ ගසා තිබෙනවා.

වෙනකවුද ඉතින් රිලව් මිසක් යැයි කියමින් බසයට ගොඩවූ විජය ඔහුගේ බෑගයද ඇද ඇතැයි කෑ ගසා තිබෙනවා.පසුව ඉතින් විජය පවසා ඇත්තේ අනේ මේ රිලවු එක්ක බෑ යනුවෙනි.

පිරිස විජගේ දෝස් මුරයට කිට්ටුවත්ම  රිලව කාල තියෙන්නේ මගේ කුරක්කන් පාන් ගෙඩිය යැයි විජය පැවසීමත් සමග බස් රථය තුළ සිනහ සාගරයක් උපන් බව පැවසෙනවා.
 
Related Posts with Thumbnails