Ads 468x60px

.

අම්බලන්ගොඩ තරංගා දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයාගනී...

මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා... 

ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි...

මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා. 

ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේදීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා තිබෙනවා. 


ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරනවා. මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි. 

“මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා. 

මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.

Tharanga-Kumari-2

මේ අපේ දේශයේ පහලවූ ඒ ඉසිවරිය පිලිබඳ කෙටි සටහනක්...

ඇය සුන්දර යුවතියකි. නුවණක්‌කාර වූ ඇය මේ ඔසුව සොයන්නට දිවා රෑ වෙහෙසුනාය. ඒ අනුව නව නිපැයුමක්‌ සොයා ගැනීමේ අහිංසක බලාපොරොත්තුව ඇය සතු වූවාය. ඒ සුන්දර බලාපොරොත්තුව තුළින් රටත් සමාජයක්‌ මිනිස්‌ ජීවිතයත් සුවපත් කිරීමට හැකියාව ඇය සටහන් කළාය. අපේ කාලයේ යුවතියන් අතරේ ගත් කළ මෙම යුවතිය තම සේවය අකුරටම ඉටු කිරීමට තරම් නිහතමානී වූවාය.

වසංගතයක්‌ ලෙස ව්‍යාප්ත වන ඩෙංගු රෝගය සඳහා ස්‌ථිර ඖෂධයක්‌ සොයා ගත් බව ආයුර්වේද වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනවිය පැවසූවාය. ඇය පදිංචිව සිටින්නේ ගාල්ල හෙරුමානගොඩ අලුත්වල අම්බලංගොඩ ප්‍රදේශයේයි.

"දැනට වසර දෙකක කාලයක සිට පැවැත් වු පරීක්‍ෂණයකින් තමයි මෙම ඔසුව සොයා ගත්තේ. මෙම පරීක්‍ෂණය සිදු කිරීමට මට මගේ මිතුරු මිතුරියන් විශාල පිරිසගේ සහයෝගය කැපවීම ලැබුණා. මාව උනන්දු කිරීමට ඒවා උපකාරී වුණා."

"ඩෙංගු රෝගය වැළඳුන රෝගියෙක්‌ මම අනිවාර්යෙන්ම සුවපත් කරනවා. මෙම ප්‍රතිකාරය, දැනටත් මම සිදු කරනවා. දැනට මෙම ප්‍රතිකාරය පිළිබඳව මම දන්වා තියනවා ආයුර්වේද සභාවට. ඒ යටතේ, සූත්‍රකමිටුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මේ සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනවා. මම දැනටද, මෙම ප්‍රතිකාරය සිදු කරනවා. මගෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සුවපත් වී තියනවා. අන්න ඒ සතුට සැනසුම තමයි මට වැදගත් වෙන්නේ. ජීවිතයක්‌ බේරා ගැනීමට හැකියාව ලැබීමට හැකි වීම ගැන මා සතුටු වෙනවා."

මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්‌ටාවටම සුවපත් කළ හැකි ආයුර්වේද ඖෂධයක්‌ තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක්‌ සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන ගාල්ල හෙරුමානගොඩ අලුත්වල අම්බලංගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසන්නීය.

ඩෙංගු රෝගය සඳහා ඖෂධයක්‌ සොයමින් ඇය පරීක්‍ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක්‌ හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි.

මේ පිළිබඳ අදහස්‌ පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිබඳ කිසිවකුගේ අවධානය මෙතෙක්‌ යොමු වී නොතිබුණ බවයි.

"මම ඒ ගැන කාලයක්‌ තිස්‌සේ පර්යේෂණ කළා. ඒ පරීක්‍ෂණ සියයට සියයක්‌ම සාර්ථකයි." මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක්‌ පමණ වන බවද ඇය කීවාය. මම මෙම ඖෂධය සඳහා පේටන්ට්‌ බලපත්‍රයද ලබාගෙන තියනවා. කෙසේ වෙතත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අතිරේක පහසුකම් ලබා දෙන්නේ නම් එයද කළ හැකිය.

ඇයගේ පියා අම්බලංගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ, සභාපති වශයෙන් සේවය කරන, ලාල් වික්‍රමසූරියයි. මව, 55 වන වියේ පසුවන, රුවිනා වික්‍රමසූරියයි. ඇයගේ එකම සහෝදරයා පුද්ගලික අංශයේ රැකියාවක්‌ කරන, සුමින්ද්‍ර වික්‍රමසූරියයි.

නයනා අම්බලන්ගොඩ අලුත්වෙල මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවාය, ඉන්පසුව, ගාල්ල සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය සා. පෙ.ළ ද, උසස්‌ පෙළද ඉහළින්ම සමත් වූවාය. පසුව, දේශීය ආයුර්වේද විද්‍යාලයෙන් ආයුර්වේදය ඉගෙන ගත් ඇය තම යුතුකම ඉටුකරන්නා වූ අපේ රටේ තරුණ පරපුරේ දේශීය ආයුර්වේද වෛද්‍යවරියෙකි.

මේ පිළිබඳ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති දේශීය වෛද්‍ය ඇමැති ශාන් විජය ලාල් මහතා පවසන්නේ, දකුණු පළාතට පමණක්‌ නොව රටටම ලෝකයටම මෙම නව නිපැයුමෙන් මහා සේවාවක්‌ වෙනවා. මේ සඳහා පළාත් සභාව හරහා පළාත් සභාවේ සහයෝගය ලබා දෙනවා. මෙම දේශීය වෛද්‍යවරියට, අවශ්‍ය සහයෝගය අදාළ උපකරණ ලබා ගැනීමේ සහයෝගයද ලබා දීම අප ඉදිරියේ දී සිදු කරනවා.

මෙම මාහැගි කටයුත්තට උපකාර කළ කටුනායක ගුවන් හමුදාවේ සේවයේ නියුතු මදාරා හා රෝෂාන්ද, දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රුවන් කොට්‌ටගේ යන මහත්ම මහත්මීහු ද නයනා ආයුර්වේද වෛද්‍යවරිය විසින් සිහිපත් කළාය.

මේ අතර දැනට ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා ඔක්‌තෝබර් මාසයේ අවසාන සමයේ හා නොවැම්බර් මුල් සතියේ ගුවනින් බී. ටී. අයි. බැක්‌ටීරියාව ඉසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය කල් දමා ඇත.

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් බැක්‌ටීරියා ඉසීම පමා කරන්නැයි වසංගත රෝග විශේෂඥ කළ ඉල්ලීමක්‌ අනුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත. බැක්‌ටීරියාව ඉසීමෙන් පසු වර්ෂාව ඇද හැලුනහොත් ඒවා සෝදා ගෙන යන බැවින් නිසි ප්‍රතිඵල ළගා කර ගත නොහැකි වන බව විශේෂඥවරු පෙන්වා දී ඇත.

රුපියල් කෝටි 130 ක්‌ වැය කර කියුබානු බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරටට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර මේ වන විටත් බැක්‌ටීරියා කොටස්‌ දිවයිනට ගෙනවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එසේ නම් මේ සා මහා විශාල මුදලක්‌ ද වැය කිරීමට සිදුව ඇත්තේ, ඩෙංගු මදුරුවා නිසාවෙනි. අහිංසක මිනිස්‌ ජීවිත විශාල ප්‍රමාණයක්‌ ඩෙංගු රකුසා බිලි ගෙන තිබේ. ඒ අතරේ මෙම ඔසුව සොයා ගැනීම වූ කලි කාලීන අවශ්‍යතාවයකි. 


එසේම රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට ඇය සමඟ කතා කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි ඇය පවසන්නේ.

එම ඖෂධය සොයාගත් අම්බලන්ගොඩ සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසන්නේ ඒඩ්ස් රෝග නිවාරණය සඳහා ඖෂධයක් තමා අත්හදා බලමින් සිටින බවයි.

ඩෙංගු රෝගය සඳයා ඇය සොයාගත් මෙම ඖෂධයම තැලසීමියා රෝගයට හා ලියුකේමියා රෝගයට යෙදිය හැකි ද යන්න ඇය විමර්ශනය කරමින් සිටිනවා.

ඇයගේ මෙම ඖෂධයට පදනම වැටුණේ සිය පියාගේ සර්ප විෂ වෛද්‍ය ක්‍රමය හරහා ය. මේ පිළිබඳව ඇය පවසන්නේ මෙලෙසින්

"මම මේ ඖෂධයම තැලසීමියා රෝගයට හා ලියුකේමියා රෝගයට යෙදිය හැකි ද යන්න විමර්ශනය කරමින් සිටිනවා. ඒ සඳහා ඖෂධ සංයෝජනයේ අන්තර්ගත වෛරස් මර්දනය කරන සංඝටක ඉවත් කළ යුතුයි. මම විශ්වාස කරනවා මට එම රෝගීන්ගේ රුධිර පට්ටිකා නිෂ්පාදනය ඉහළ නංවා රෝගය සමනයට සුදුසු ඖෂධයක් නිෂ්පාදනය කිරීමට හැකි වේවි.

මේ හැරුණු විට ඒඩ්ස් (HIV) රෝග නිවාරණය සඳහා ඖෂධයක් මම අත්හදා බලමින් සිටිනවා. එය සාර්ථක වුණොත් ලෝකයටම උපකාරයක් කරන්න මට හැකි වේවි. ඒත් ඖෂධ පර්යේෂණය සඳහා අත්හදා බැලීමට මට තවමත් හමුවූයේ එක් රෝගියෙක් පමණයි. ඒත් මම උත්සාහ කරනවා"



 
Related Posts with Thumbnails