Ads 468x60px

.

ජනපතිට අපහාස කරන්න ගිහින් ජිප්සීස් සුනිල් ගුටිනොකා බේරෙයි...

සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ උත්සවයත් අතරමග නවතී...

ඇතිවූ  සිද්ධියට සුනිල් පෙරේරා සමාව ඉල්ලයි...

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පසුගිය සිකුරාදා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජනපතිට ගැයූ ගීයට විරුද්ධව පිරිසක් කෝලහාල කිරීම නිසා උත්සවයක් අතරමග නතර කර තිබෙනවා.

සුනිල් පෙරේරා ජනපතිට පක්‍ෂව මෙන් ගැයූ ගීය ජනාධිපතිතුමා අපහාසයට ලක්කරන බවට චෝදනා කළ උත්සවයට පැමිණි ආරාධිතයන් ඊට විරුද්ධවීමත් සමඟ බහින් බස් වීමක්ද ඇතිව තිබෙනවා.

මෙම බහින් බස් වීම දුර දිග යෑම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා අදාල පාර්ශවයෙන් සමාව අයැද තිබෙනවා.

කෙසේ වෙතත් උත්සවය අලූයම පහන්වන
තුරු පැවැත්වීමට නිවමිතව තිබුණද එය මැදියම් රැය උදාවෙත්ම අදාල ගැටුම හේතුවෙන් නවතා දැමුණු බව සිනමන්ඞ් ග‍්‍රැන්ඞ් හෝටලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු මෙම ගැටුම ඇතිකරගන තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරයෙකු වන වී.කේ ඉන්දික මහතා සමඟයි.

පසුගිය 10 වනදා පැවැත්වූ මෙම උත්සවයට සහභාගී වූ සු
නිල් පෙරේරා විසින් "එහෙම වෙන්නේ ඇයි" ගීතය "රාජපක්ෂ වරුන්ගේ" වැඩ වගේ යන අර්ථයෙන් ගායනා කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

මෙම ගැටුම ගැන අදහස් දක්වන වී.කේ ඉන්දික පවසන්නේ රාජපක්ෂවරුන් ඉදිරියේ එවැනි ගීත ගායනා කල හැකි වුවත් රාජපක්ෂවරුන්ට අපහාස වන පරිදි තමා ඉදිරිපිට එවැනි ගීත කිව නොහැකි බවයි.

පසුව සුනිල් පෙරේරා විසින් සමාව ගත් නිසා ගැටුම අත්හැර දැමු බවද ඔහු කියා සිටිනවා. එමෙන්ම තම පක්ෂයේ නායකයා රැක ගැනීමට තමා ඕනෑම අවස්තාවක ඉදිරිපත් වන බවද ඔහු මාධ්‍යයට අදහස් දක්වා තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වන සුනිල් පෙරේරා පවසන්නේ තමා එම ගීතය ඕනෑම කෙනෙකු ඉදිරියේ ගායනා කිරීමට සුදානම් බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යය සංගමයේ ප්‍රධානියෙකු පවසන්නේ මෙම ගැටුමට හේතුව සුනිල් පෙරේරා විසින් ගීත ගැයීමට ප්‍රථම සභාවේ සිටි නියෝජ්‍ය කතා නායකවරයාගේ පමණක් අවසර ගැනීමත් වී.කේ ඉන්දික මහතාගෙන් අවසර නොගැනීමත් යන හේතුව නිසා බවය.

කෙසේ නමුත් මෙම ගැටුම හේතුවෙන් උත්සවය අතරමග නවත්වා දැමීමට සිදුව ඇත.


 
Related Posts with Thumbnails