Ads 468x60px

.

ලෝක විනාශ හිස්ටීරියාව රුසියාවත් වෙලා ගනී...


2012 දෙසැම්බර් 21 සිදුවන ලෝක විනාශයට ඇත්තේ සති 3ක් පමණයි...

නෞකාවක යන ගැලවීමේ චාරිකාවක් සඳහා ආසනයක් සඳහා ගාස්තුව රූබල් 80000ත් 150000ත් අතර...

ලෝක විනාශය පිලිබඳ මායා රෝගය රුසියාව හා එහි අසල්වැසියනුත් වෙලාගෙන තිබෙනවා. දිව්‍ය ලෝකයට සහ අපායට සංචාර සූදානම් කරන අතර මිනිසුන් කෑම හා ඉන්ධන රැස් කරනවා. නිලධාරීන් තත්වය සමනය කිරීමට ප‍්‍රසිද්ධියේ අනාවැකිය ප‍්‍රතික්ෂෙප කරනවා.

2012 දෙසැම්බර් 21 සිදුවන මේ සඳහා ඇත්තේ සති 3ක් පමණක් නිසා මිනිසුන් භාණ්ඩ රැස් කිරීමට හා නගර හැරයාමට පටන් ගෙන තිබෙනවා. එක් ජනප‍්‍රිය මතවාදයක් අනුව දෙසැම්බර් 21 වනදා ක්ෂීර පථයේ මධ්‍යය සමඟ සූර්යයා එක එල්ලේ පිහිටන නිසා පෘථිවිය අඳුරු වී ස්වභාවික ව්‍යසනයන් රැසක් සිදු වන බව කියවෙන එකයි.

ලෝක විනාශය පිලිබඳව වූ වෙලඳ ආයතන විවිධ ද්‍රව්‍ය ඇතුලත් ‘ගැලවීමේ කට්ටල’ විකිණීමට පටන් ගෙන තිබෙනවා. අපායට සහ දිව්‍ය ලෝකයට යන
තහවුරු කරන ලද චාරිකා සංවිධානය වන අතර යුක්රේන ආයතනයක දිව්‍යලෝක චාරිකාවක් ඩොලර් 15 ක්ද අපායේ චාරිකාවක් ඩොලර් 18ක් ද වෙනවා.

නෞකාවක යන ගැලවීමේ චාරිකාවක් සඳහා ආසනයක් සඳහා ගාස්තුව රූබල් 80000ත් 150000ත් අතර වන බව අන්තර්ජාල දැන්වීම් වල පලකර තිබෙනවා. බාර් සහ රාත‍්‍රී සමාජ ශාලා විවිධ තේමා යටතේ විනෝද උත්සව සංවිධානය කර තිබෙනවා. රුසියාවේ වේගයෙන් පැතිර යන ලෝක විනාශ ඏතිකාවට අධිකාරීන් විරුද්ධ ප‍්‍රතිචාර දක්වනවා.

මාධ්‍ය වලට මේ පිලිබඳව මත පලකිරීමෙන් වලකින ලෙස ඩූමා පාර්ලිමේන්තුව විසින් විවෘත ලිපියක් නිකුත් කර තිබෙනවා. විවිධ විද්‍යාඥයන් සහ මායා සංස්කෘති විශේෂඥයන් මායා කැලැන්ඩරයේ අවසානය ලෝක විනාශය නොවන බව දැක්වීමට උත්සාහ කලත් කටකතා ඊට වඩා වේගයෙන් පැතිරී යනවා.

මින් පෙරද ලෝකයේ අවසානය පිලිබඳව අනාවැකි බොහොමයක් පලවු අතර ඒවා සත්‍ය වූයේද නැත. මේ මතය මෙතෙක් දුරට ජනප‍්‍රිය වූ හේතුව කිසිවෙක් තවම නොදනී.


Marina Mendelson wedding agency sells Last Day sets in Tomsk. (RIA Novosti / Yakov Andreev)

Pictures advertizing tickets to heaven sold for $15. Images taken from pokupon.ua
 
Related Posts with Thumbnails