Ads 468x60px

.

ගල්වැටිමෝදර පන්සලේ පිටුපස මුහුදේදී සාමනේර නම අතුරුදන් වුන හැටි...

සාමනේර හිමියන් බේරා ගන්නැයි අපි කෑගැසුවා...
බේරගන්න ගිය බෝට්‌ටුවත් පෙරළුණා...


ගල්වැටිමෝදර පන්සලේ පිටුපස මුහුදේ රළ පහරකට අහුවෙලා සාමනේර නමක්‌ අතුරුදන් වෙලා යෑයි ඉරිදා හැන්දැවේ පානදුරේ පුරා පැතිරෙන්නට වුණා. අනේ, අපොයි කියමින් දෙනෝදහසක්‌ නල්ලූරුව පැත්තට දුවන්නට වුණා.

එසේ අතුරුදන්ව සිටියේ ගොරකපොල විද්‍යාරාජ පිරිවෙනේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි බුද්ධම සුමංගල හිමියන්ය.මේ අනුවේදනීය සිද්ධිය පිළිබඳව විද්‍යාරාජ පිරිවෙනේ වැඩවසන මාබෝදලේ විජිතසේන හාමුදුරුවෝ මෙසේ පැවසුවා.

ඉරිදා සවස ගල්වැටිමෝදර වෙරළට අපි ගියා. 25 ක්‌ පමණ පිරිසක්‌ එතැන හිටියා. ගිහි අයත් හිටියා. අපි 5.30 ට පමණ එගොඩ ආවා. අපි රැල්ල පාගමින් සිටියේ. අපවත් වුණු සාමනේර හිමි තවත් තුන් දෙනෙක්‌ සමග
වැලි හෝදා ගන්න කියල ගියා. ආපු රළ පහරට තුන්දෙනෙක්‌ ගොඩට විසි වුණා. ඒත් සුමංගල හාමුදුරුවෝ රළ පහරට ගසාගෙන ගියා. අපි ආධාර ඉල්ලා කෑගැසුවා.

ගමේ මිනිස්‌සු එතැනට ආවා. ඒත් පිහිනීමට පුළුවන් කෙනෙක්‌ හිටියේ නැහැ. පස්‌සේ එතැන බෝට්‌ටුවක්‌ තිබුණ. ඒක අරගෙන යනකොට පෙරළුණා. හාමුදුරුවෝ පාවෙමින් අත් ගසමින් සිටිනවා අපි දැක්‌කා. පස්‌සේ නොපෙනී ගියා.

පසුව පෙරේදා උදේ 8.30 ට විතර මෝදර මොරටුව ධීවර වරායේ තිබිලා සාමනේර හිමියන්ගේ දේහය සොයාගත්තා.

අපවත්වී වදාළ සුමංගල සාමනේර හිමි සිව්දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියායි. උන්වහන්සේට බාල සහෝදරයෝ හා වැඩිමල් සහෝදරයෙක්‌ සිටිති. වැඩිමල් සහෝදරයා වන බුද්ධම විමල හිමියෝද (24) විද්‍යාරාජ පිsරිවෙනේ වැඩ වසති. උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍ය හිමි නමකි.

අපවත් වුණේ මගේ දෙවැනි සහෝදරයායි. මා 2000 දී මේ පන්සලට ආවේ. මල්ලි වසර 5 කට පෙර මෙම පන්සලට ආවා. මේ ආරංචිය ලැබෙනකොට මා සිටියේ අධ්‍යාපනික වැඩකට යොමුවෙලා.

කර්මය කාටවත් වළක්‌වන්න බැහැ. සාමනේර හිමියන් ගෙනා ආයුෂ එච්චර වෙන්නැති යෑයිද උන්වහන්සේ කීහ.

මොනරාගල ඩී. එම්. ගුණවර්ධන මහතා හා ආර්. එම්. බණ්‌ඩාර මැණිකා අපවත්වුණු සාමනේර හිමියන්ගේ දෙමව්පියෝය. ගොවිතැනෙන් ජීවත් වූ ඔවුහු ශාසනයට බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක්‌ පූජා කළහ. අද (5 දා) උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රතුවත්ත දියමන්ති ජුබිලි විදුහල් ක්‍රීඩාපිටියේදී සිදු කෙරේ.



 
Related Posts with Thumbnails