Ads 468x60px

.

අනියම් කම්සැප, නිරුවත් පින්තූර, වීඩියෝ කරන කල්ලියක්...

මම ඕවා දන්නේ නැහැ..., සරත් කියන්නේ මං අඳුනන කෙනෙක් විතරයි... 

මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා. ඇයි ඔයා විශ්වාස කරන්නේ...

උඹල දෙන්නගේ නිරුවත් පින්තූර, වීඩියෝ දැන් අපේ අතේ... 

මේ දැන් රුපියල් ලක්‍ෂ පහක් දුන්නෙ නැත්නම් හෙට එළිවෙනකොට මේ නාඩගම මුළු රටම දැන ගනියි.'

තහනම් පෙම් සුවය ඊටත් වඩා සුවදායී කියලා හිතුණ නිසා වෙන්නට ඇති සරතුත්, ශිරෝමිත් තම තමන්ගේ විවාහක සහකරුවන්, දුවා දරුවන් පවා අමතක කොට තහනම් ප්‍රේමයෙන් බැඳෙන්නට ඇත්තේ.

සුළු ව්‍යාපාරිකයෙක් විදිහට දිනෙන් දින සරත්ගෙ (35) අත මිට සරුවෙලා ආර්ථිකය ශක්තිමත් වෙද්දි සරත්ට වුණේ හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුවට පේන්න ගන්නවා වගේ තමන්ගේ විවාහක බිරිය එපා වෙලා ගිය එකයි.


මඟ තොටේදී නිතරම දුටුව රූමත් තරුණියක් වුණු ශිරෝමි (27) පිළිබඳ සරත් හිටියේ ඇස ගසාගෙනමයි. ශිරෝමිත් සරත් පිළිබඳ උනන්දුවක් දැක්වුවත් ඇය ඉදිරියට තැබූ පය නැවත වාරයක් ආපස්සට ගත්තේ තමන් සස්වාමිකයි නේද කියලා මතක් වීම නිසයි. 


ඒත් සරත් තම උත්සාහය අත් හරින්නට කැමැත්තක් දැක්වූවේ නැහැ. තමාගේ ආදරය පතාගෙන එන සරත්ව දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරන්නට ශිරෝමිටත් හැකි වුණේ නැහැ. හැමෝගේම ඇස් වැහෙන නිමේෂයේ සරතුත් ශිරෝමිත් ආදරෙන් බැඳුණා.


කාලයත් එක්ක සරත්ට ශිරෝමිවත්, ශිරෝමිට සරත්වත් නැතිවම බැරි තරමට දෙන්නගේ තහනම්
ප්‍රේමය බොහෝම සරුවට ලියලා වැඩෙන්න පටන් ගත්තා. රටේ, ලෝකේ මිනිස්සු මොන තරම් කයි කතන්දර කිව්වත් සම්මතයට එකඟවෙලා අසම්මතය පරාද කරන්න ඒ දෙන්නට වුවමනා වුණේ නැහැ.

සරත්ගේ
ප්‍රේමණීය වදන්, ප්‍රේමණීය පහස විතරක් නෙමෙයි ඔහුගෙන් ලැබුණ තෑගි බෝග නිසා ශිරෝමි හිටියෙ තහනම් ප්‍රේමයෙන් උද්දාමයට පත්වෙලා. ශිරෝමිට දැනුණේ ඇය තවමත් වගකීම් රහිත තරුණියක් කියලයි. තමාගේ නීත්‍යනුකූල සැමියා, තමන්ගේ කුසින් මෙලොවට බිහි කරපු දරුපැටව් පවා අමතක කරපු ශිරෝමි හැසිරුණේ වගකීම් විරහිත බවකින් යුතුවයි.

දවසින් වැඩිහරියක් ජංගම දුරකතනයත් සමඟ කල් මරන ශිරෝමි පිළිබඳ ඇගේ සැමියාට දැනුණේ සැකයක්. ඒ නිසාම ඔහු වෙනදාට වඩා ශිරෝමි පිළිබඳ අවධානය යොමු කළා. ඒත් බොහොම සූක්‍ෂ්ම විදිහට වැඩ කරපු ශිරෝමි තම සැමියාගේ ඇස්වලට වැලි ගහලා තම අනියම් සැමියා වූ සරත්ව සොයාගෙන ගියේ රැහැනින් මිදුණු කිරිල්ලියක් වගේ.

'ශිරෝමි සරත් කියලා හාදයෙක් එක්ක පැටලිලා.' ඒ වචන ටික ඇහුණ ශිරෝමිගේ සැමියගේ සිතට දැනුණේ දැඩි කලකිරීමක් වගේම දැඩි වේදනාවක්. තමා මේ තරම් ආදරය කරපු තමාගේ ප්‍රාණ සමාන බිරිය මෙවැනි නොපනත්කමක් තමාට කරයි කියන එක ශිරෝමිගේ සැමියාට විශ්වාස කිරීමටත් අපහසු වුණා.


කලබල නොවුණ ශිරෝමිගේ සැමියා බොහෝම සන්සුන්ව ශිරෝමි යන එන තැන් සියල්ල පිළිබඳ සොයා බැලුවා. අවසානයේ ශිරෝමිත්, සරත් පිළිබඳවත් පැතිර තිබුණ කට කතා සියල්ල සත්‍ය බව ඔහු තහවුරු කර ගත්තා.

'මම ඕවා දන්නේ නැහැ, සරත් කියන්නේ මං අඳුනන කෙනෙක් විතරයි. මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා. ඇයි ඔයා විශ්වාස කරන්නේ. කියමින් ශිරෝමි චාටු කතාවලින් සැමියාව රැවටීමට උත්සාහ දැරුවත් ඔහු ඇගේ කතා විශ්වාස කළේ නැහැ.


කොහොමින් කොහොම හරි සරත්ගේ බිරියටත් මේ කතාව කන වැකෙන්න වැඩි දවසක් ගියේ නැහැ. ශිරෝමිගේ සැමියාට මෙන් සරත්ගේ බිරියට මේ කතාව ඉවසා දරා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. සරත්ව හොයාගෙන ගිය බිරිය ඔහුට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තා.


අවසානයේ සරත්ගේ බිරිය තම සැමියාගේ අනියම් පෙම් පටලැවිල්ල නවතා දෙන්න කියලා පොලිසියේ සහාය පතන්නට පෙලඹුණා. රටේ මිනිස්සුන්ගේ දාහක් කයි කතන්දර මැද්දේ සරත්ටත්, ශිරෝමිටත් පාරට බැහැගන්නවත් බැරි වුණාට මේ දෙන්නා තහනම් ප්‍රේමය නවත්වලා දාන්න උත්සාහ කළේ නැහැ.


වෙනදා කොළඹ අවට දී මුණ ගැහුණ සරතුයි, ශිරෝමියි ඉතා රහසිගත විදිහට කොළඹින් පිට ප්‍රදේශවල මුණගැසුණේ කිසිවකුට නොදැනෙන්නයි.


ලෝකයේ නින්දා, ගැරහුම් සියල්ල පසෙක දැමූ සරත්ගේත්, ශිරෝමිගේත් ප්‍රේමයට වසර තුනක් පමණ ගතවුණේ ඔවුනට නොදැනුවත්වමය. බාහිර ලෝකයේ දහසකගේ ඇස් වසා දමලා සරත්ගෙත්, ශිරෝමිගෙත් තහනම් ප්‍රේමය ගලාගෙන යද්දී 2012.11.28 දින ඔවුන් කතිකා කර ගත්තේ කොළඹින් බැහැර කටුනායක ප්‍රදේශයේ අවන්හලකදී හමුවන්න.

ශිරෝමිගේ සැමියා නිවෙසේ නැති වේලාවක් සොයා බැලූ සරත් තම වෑන් රථයේ නැඟී ශිරෝමිගේ නිවෙසටම ගියේ ඇය රැගෙන ඒම සඳහායි. වෙනදා වගේම බොහොම සුන්දරව සැරසිලා වෑන් රියට නැඟුන ශිරෝමිවත් දමාගෙන සරත් පවනට බඳු වේගයෙන් ඉගිල්ලිලා ගියේ කටුනායක ප්‍රධාන පෙළේ හෝටලයක් වෙතය.


තම ප්‍රේමය පිළිබඳ උකුස් ඇස් යොමු කරමින් සිටි මිනිසුන්ගේ බාධාවලින් නිදහස් වී ඔවුනටම පමණක් වෙන්වූ ලෝකයේ ශිරෝමිත්, සරතුත් සීමා මායිම් තරණය කරන්නට පෙලඹුණේ තමන් වටා බැඳී සිට ඇති සියලු බැඳීම් අමතක කර දමමින්.


හෝටලයේ සුව පහසු කාමරය තුළ සරතුත්, ශිරෝමිත් තහනම් ගසේ පල රස විඳිද්දී එක විටෙම කාමරයේ ‍ෙදාර විවෘත කරමින් කාමරයට කඩා වැදුණේ නාඳුනන පිරිමින් දෙදෙනෙක්.

තමා අතේ තිබූ ජංගම දුරකතනයෙන් හා ඩිජිටල් කැමරාවකින් සරත්වත්, ශිරෝමිවත් ඡායාරූප ගත කරන්නට හා වීඩියෝ කරන්නට පටන් ගත් නාඳුනන පිරිමින් දෙදෙනා සරත්ටත් ශිරෝමිටත් තර්ජනය කරන්නට පටන් ගත්තා.

'උඹල දෙන්නගේ නිරුවත් පින්තූර, වීඩියෝ දැන් අපේ අතේ. මේ දැන් රුපියල් ලක්‍ෂ පහක් දුන්නෙ නැත්නම් හෙට එළිවෙනකොට මේ නාඩගම මුළු රටම දැන ගනියි.'


කප්පම්කරුවන්හට දෙන්නට ඒ මොහොතේ සරත් අත මුදල් තිබුණේ නැහැ. ඒ බව පවසමින් සරත් ඔවුන් ඉදිරියේ බැගෑපත් වුවත් කප්පම්කරුවන් පසුබට වුණේත් නැහැ. එහෙනම් උඹ ගාව සල්ලි නැහැනේ කියූ කප්පම්කරුවෝ දෙදෙනා අසල ටීපෝව මත තිබූ සරත්ගේ වෑන් රථයේ යතුර රැගෙන කාමරයෙන් පැන ගත්තේ ක්‍ෂණයකිනි.


ඇඳුම් ඇඳගෙන සරත් හෝටල් කාමරයෙන් පිටතට එනවිට නන්නාඳුනන පුද්ගලයෝ දෙදෙනා සරත්ගේ වෑන් රථය පණ ගන්වාගෙන ගිහිල්ලත් අවසන්. කරන්නට අන් යමක් නොවුණ තැන සරත් තීරණය කළේ සියල්ල පොලිසියට පවසන්නයි.

ලැජ්ජාව, බිය පසෙක තියපු සරත් 2012.11.29 වැනි දින කටුනායක පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ පාඩුව දරාගන්න නොහැකි නිසාමයි.


වහාම ක්‍රියාත්මක වුණ කටුනායක පොලිසියේ නිලධාරි මහත්වරුන් මේ කොල්ලය පිළිබඳ විවිධ දිශානතීන් ඔස්සේ සොයන්නට පටන් ගත්තා. ඒ මෙහෙයුමේදී ඔවුනට නම් සරත්ගේ අනියම් පෙම්වතිය වුණ ශිරෝමි විසින් ඉතා සූක්‍ෂ්ම ලෙස මෙම මංකොල්ලය සැලසුම් කළා කියලත් සැකයක් නොතිබුණා නෙමෙයි.


කොහොම වුණත් පොලිසියේ ප්‍රබල සැකය එල්ල වුණේ ශිරෝමි දෙසට. ලෝකයේම ඇස් වහල හෝටල් කාමරයට ඇතුළු වුණු ශිරෝමිටයි, සරත්ටයි කාමරේ ‍ෙදාරේ අගුල දාගන්න අමතක වුණේ ඇයිද කියන එකත් පොලිසියට ගෙන ආවේ දැඩි සැකයක්.

ඒ නිසාම තමයි පොලිසිය ශිරෝමිව අත්අඩංගුවට ගැනීමට පෙලඹුණේ. පොලිසියේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ශිරෝමි ලබා දුන් ප්‍රතිචාරවලින් වුණේ ඇය පිළිබඳ සැකය තවත් වැඩි වීම පමණයි. කොහොම වුණත් ශිරෝමිව පොලිස් ඇප මත මුදා හරින්නට පොලිසිය කටයුතු කළා.
මේ වනවිට බලෙන් කාමරයට කඩන් වැදුණු නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කොටගෙන තිබෙන අතර ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්.

කොහොම වුණත් දෛනික පොලිස් වාර්තාවේ සඳහන් වෙන්නේ ශිරෝමිගේ අනුදැනුම ඇතිව පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන, ඒවා ප්‍රදර්ශනය නොකිරීම වෙනුවෙන් සරත්ගෙන් මුදල් ඉල්ලා එය නොලැබුණු විට සරත් සතුව තිබූ ලක්‍ෂ 26ක් වටිනා වෑන් රථය පැහැරගෙන ගිය බවක් පමණයි.


මේ වනවිට සරත්ගේ වාහනය සොයාගෙන ඇති අතර ශිරෝමිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කටුනායක පොලිසියේ නිලධාරීන් පවසන්නේ.
 
Related Posts with Thumbnails