Ads 468x60px

.

රතු වැස්ස වෙනත් ලොවක ජීවීන්ගේ පැමිණිමක්ද..?


මහියංගනය, කෝවිල්යාය ප්‍රදේශයේද අද්භූත යමක්...

වැල්ලවාය ප්‍රදේශත් අද්භූත ආලෝකයක්...

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු වැස්සේ සිටි ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවින් මගින් පෘථිවියෙන් පිටත ජීවින් සිටින බවට තවදුරටත් තහවුරු වන බව බි‍්‍රතාන්‍ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසනවා.

මෙලෙස දෛනිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් මෙලොවට ඇතුළුවන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරනවා.

මෙම රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසුන්ට කිසිදු අහිතකරමය බලපෑමක් එල්ල නොකරන නමුත් මිනිසුන්ට අහිතකර බලපෑම් එල්ලකරන ක්ෂුද්‍ර ජීවීන්ටද මෙලෙස මෙලොවට ඇතුළුවීමට හැකියාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා.

ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයට 2001 හා 2008 වර්ෂයේ ඇතිවූ රතු වැස්සේද මෙලෙසම ක්ෂුද්‍රජීවීන් සිටි බවත්, මෙම ජීවීන් මෙලොව හමුවන ජීවීන්ගේ ව්‍යුහයට අසමාන බව සොයාගෙන ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළා . තවදුරටත් මෙම ජීවීන් පිළබඳ පර්යේෂණ ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සමග සිදුකරන බවද ඔහු පවසා සිටියා.


මේ අතර ඊයේ රාත්‍රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කලේ මෙලෙසින්...



"තනමල්විල පැත්තේ ඉඳන් තමයි ආවේ. රතුපාට එලියක් ආවා පීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් බස්නාහිර පැත්තට හැරිලා ගියා. තවම පේන්න තියනවා."

තවත් පුද්ගලයෙකු පැවසුවේ.

"පීරිසියක් වගේ එළියක් පාවීගන යනවා. ගිහින් දැන් නැවතිලා තියනවා අර හරියේ. ජීවිතේට අද තමයි මේ වගේ එළියක් දැක්කේ. තරුවක් කඩා වැටෙනවා වගේනම් දැකලා තියනවනේ."

මේ පිළිබඳව චන්දන ජයරත්න මහතාගෙන් කල විමසුමකදී ඔහු හීන් සීරිවේ ලිස්සා ගියේ මෙය මීතේන් බෝලයක් බව පවසමින්

"උඩින් යනවා මීතේන් වලින් හැදුන බෝල් එකක්. ඒක ගැන වාර්තා තියනවා වරින්වර. දේවතා එළි කියලත් සමහරු කියනවා. ඒක මේ වගේ එක පාරම අංශක 90 ට හැරිලා යනවා කියලත් කියනවා. එකපාරටම කියන්න බෑ මේක ගැන. අපි නොදන්න පියාඹන වස්තුවක් වෙන්නත් ඉඩ තියනවා"

මීට දින 5කට පෙරද බණ්ඩාරවෙල හා වැල්ලවාය අතර ප්‍රදේශයකදී උදේකාලයේ මෙවැනි එළියක් දර්ශනය වී තිබුණා. පසුගිය ඔක්තෝබර් මස 8 වෙනිදා මහියංගනය, කෝවිල්යාය ප්‍රදේශයේද අද්භූත යමක් පුද්ගලයෙකු දැක තිබුණා. 




මේ අතර වැලිමඩ අධ්‍යාපන කලාපයේ ප/නැදුන්ගමුව විද්‍යාල භූමියේදී අද උදෑසන 10.30 පමණ දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදී ගොස්  ඇත.

මෙම දීම්තිමත් ආලෝකය දුටු පාසල් ළමුන් 6 දෙනෙකු එම දැඩි ආලෝකය නිසා ක්ලාන්ත ගතියකට පත්ව ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා නැදුන්ගමුව රෝහලට ඇතුලත් කර ඇති බවට එම පාසලේ විදුහල්පති කරුණාදාස ගීකියනගේ මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම ළමුන්ගේ තත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති නමුත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවට රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.
 
Related Posts with Thumbnails