Ads 468x60px

.

වතුර ටිකක් පොවන්න ඇඳ උඩට නැග්ග තරුණයා 84ක් වයසැති කාන්තාව කෙලෙසලා...

නිදා සිටි කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇහිලා...

කෙඳිරිගාන්න එපා කියමින් පිරිමි කටහඬක්...

ගාල්ල පින්නදූව ප්‍රදේශයේ අවුරුදු 84ක් වයසැති කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය නිවෙසේ කාමරයේ සිටියදී කිසියම් පුද්ගලයකු විසින් ඇය දූෂණය කරනු දුටු බවට එම කාන්තාවගේ දියණියක් පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව අක්මීමන පොලිසියේ නිලධාරියෙක් පැවසුවා.

එම වයෝවෘද්ධ කාන්තාවගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීමට පොලිසිය උත්සාහ කළද එය ලබාගැනීමට තරම් ඇය සුදුසු ශාරීරික හා මානසික තත්ත්වයක නොමැති බව එම නිලධාරියා පැවසුවා. එම කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකිරීම සඳහා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වෙත බාරදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.


ඇය නිදා සිටි කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇගේ දියණියට ඇසී ඇති අතර කෙඳිරිගාන්න එපා යැයි පවසමින් පිරිමි කටහඬක්ද එම කාමරයෙන් තමන්ට ඇසී ඇති බව ඇගේ දියණිය පොලිසියට පවසා තිබෙනවා.


ඒ පිළිබඳ පරීක්‍ෂා කර බැලීමට මව නිදා සිටි කාමරයේ ‍ෙදාර ඇරීමට යන විටදී ‍ෙදාරට පුටුවක් හේත්තු කර තිබූ බවත්, එය තදින් තල්ලු කර කාමරයට ඇතුළුවූවාට පසු තමන් එම සිද්ධිය දුටු බවත් ඇය පැවැසුවා.

එම පුද්ගලයා එම අවස්ථාවේදී බියකින් ඇය හට පවසා ඇත්තේ තම මවට වතුර ටිකක් පොවන්න ඇඳ උඩට නැග්ග බව යැයි එම කාන්තාව පොලිසිය වෙත පැමිණිලි කර ඇත. අක්මීමන පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails