Ads 468x60px

.

ෂෙරිල්ගෙයි රුවන්ගෙයි පෙම් පලහිලව්වට මාස පහයි ඔන්න දැන් දෙන්නම බඳිනවලු...

රුවන්ට දැන් රොමේන්ව නොදැක ඉන්න බැරිලු...

ෂෙරිල්ගෙයි රුවන්ගෙයි විවාහයට තව දින තුනයිලු...

එහෙත් රුවන්ට ෂෙරිල් මුණගැසී තවමත් මාස පහයිලු...

නොදැක ඉන්න බෑ ගීතය හරහා ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි ලබන ජනවාරි 05 වැනිදා ජනපි‍්‍රය නිළියක වන රොමේන් ඩෙකර් හා විවාහ ගිවිස ගැනීමට නියමිත බව අපට වාර්තා වුනා.

මේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන 05 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සවශාලාවේදී පැවැත් වෙනවා
උත්සව අවස්ථාවට ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සමීපතම හිතවතුන් සහ කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවද පැවසෙනවා.

කෙසේවුවද රුවන්ට ෂෙරිල් මුණගැසී තවමත් ගෙවීගොස් ඇත්තේ පස් මසක් පමණක් බවද මේ අතර වාර්තා වෙනවා
පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.


ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.

පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා. 
ඇය විවාහ වීමට යන්නේ "නොදැක ඉන්න බෑ මට නම්" ගී ය ගායනා කළ ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සමඟයි.

රුවන් සහ ෂෙරිල් අතර විවාහ ගිවිසගැනීම සෙනසුරාදා සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.


ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.


රුවන් හෙට්ටිආරච්චි මේ පිළිබඳව පවසන්නේ,


"මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්‍ෂේත්‍රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.


ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. 


අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.

අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්, ක්‍ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. 


නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්‍ෂේත්‍රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ" යනුවෙනි

රුවන්ගේඅලුත්ම ගීතයේ වීඩියෝව සඳහා ෂෙරිල් දායක වූ ආකාරය බලන්න පහතින්


 
Related Posts with Thumbnails