Ads 468x60px

.

රුවන්ගි, මේනකා, නෙතු, මහේෂි ටෙලි නිලියන්ගේ හදවතට එබී බලමු...

‘ජීවිතය ලස්සනයි’ සමඟ ඔබ හමුවන සිව් සුරූපිනියෝ...

සැර වගේ පෙනුනට සැර නැති කෙනෙක් - මහේෂි

පාඩුවෙ ඉන්න කෙනෙක් - රුවන්ගි

මේ දිනවල තිරගත වන සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් පනස් තුන් වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ බැනර්, පෝස්ටර්, කටවුට් අප නෙතට ඕනෑ තරම් හසු වී ඇත්තේය. ඒවාහි බොහොමයක ඇත්තේ අපූරු සේයාරුවකි. හෙළ සිනමාවේ සුපිරි තරුව වූ රන්ජන් රාමනායක මැදි කොට ගත් සුරූපී යෞවනියන් සිවු දෙනකුගේ මනබඳීනා දසුනකි.

ඔවුන් කවුරුන්ද යන වග සෙවීමට බොහෝ දෙනෙකු උත්සාහ කරනුයේ රිදී තිරයට ඒ මුහුණු ආගන්තුක වන බැවිනි. ජීවිතය ලස්සනයි හරහා සිය සිනමා රංගන චාරිකාව ඇරැඹූ ඒ චරිත හතර මේ වන විට ජනප්‍රියත්වය දෝත දරාගෙන හමාරය.

නම් වශයෙන් මම ඔවුන්ව මෙසේ හඳුන්වා දෙමි. රුවන්ගි, මහේෂි, මේනකා සහ නෙතු. රිදී තිරයට පායා ආ ඒ අලුත්ම තාරකා සතරෙහි කෙටි විස්තරයන්
පහතින්.

ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ දිනේත්‍රාගෙ චරිතයයි.

භාවිත කරන නම?
මහේෂි මධුසංඛා.

සුරතල් නාමය?
මාෂි.

ගම?
නුවර.

පාසල?
ස්වර්ණපාලි බාලිකාව, හේමමාලි බාලිකාව 

සහ ඕමාන් පොලිග්ලෙට්.

උපන් දිනය?
1992. 10. 27

ලග්නය?
වෘෂ්චික.

වැඩිපුර අඳින්න කැමැති?
ඩෙනිමයි, ටී ෂර්ට් එකයි.

පුංචි තිරයේ ජනප්‍රිය?
මුතු වරුසාහි තාරුකා හැටියට.

විනෝදාංශ?
නර්ථනය.

ආගම?
බුද්ධාගම.

රඟපාන්න ආවේ ඇයි?
දක්ෂතාවයක් තියනවා කියලා දැනුණ නිසා.

ප්‍රේමවන්තයා?
නැත.

මීට පෙර දායක වී ඇති නිර්මාණ?
මුතුවරුසා, පිපෙන මල්.

ඔබ ගැන සරලව හඳුන්වන්න?
සැර වගේ පෙනුනට සැර නැති කෙනෙක්.

රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්?
ලියන්න මේ ලිපිනයට, 74/6, පිළියන්දල පාර, මොරටුව.



ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ කාව්‍යාගේ චරිතයයි.

භාවිත කරන නම?
රුවන්ගි රත්නායක.

සුරතල් නාමය?
රුවන්ගි.

ගම?
කුරුණෑගල.

පාසල?
ශුද්ධ වූ පවුලේ බාලිකාව, කුරුණෑගල.

උපන් දිනය?
1988. 11. 08

ලග්නය?
අවශ්‍ය නැහැ.

වැඩිපුර අඳින්න කැමැති?
ඩෙනිමයි, ටී ෂර්ට් එකයි.

පුංචි තිරයේ ජනප්‍රිය?
සොදුරු ගිම්හානයේ මන්තිකා හැටියට.

විනෝදාංශ?
නිදා ගැනීම.

ආගම?
බුද්ධාගම.

රඟපාන්න ආවේ?
ආස හිතුණා.

ප්‍රේමවන්තයා?
හිස් තැනක් තියන්න.

මීට පෙර දායක වී ඇති නිර්මාණ?
සිහින සිත්තරාවි, අහසින් වැටුණ.

ඔබ ගැන සරලව හඳුන්වන්න?
පාඩුවෙ ඉන්න කෙනෙක්.

රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්?
මේ විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.ruwange88@gmail.com


ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ දෙවුමිණිගේ චරිතයයි.

භාවිත කරන නම?
නෙතු ප්‍රියංගිකා.

සුරතල් නාමය?
නෙතු.

ගම?
පුස්සැල්ලාව.

පාසල?
ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල පුස්සැල්ලාව, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය.

උපන් දිනය?
ජනවාරි 24.

ලග්නය?
තුලා.

වැඩිපුර අඳින්න කැමැති?
ස්කර්ට්.

පුංචි තිරයේ ජනප්‍රිය?
යස් බොස් හි පිළිගැනීමේ නිලධාරිණිය හැටියට.

විනෝදාංශ?
අන්තර් ජාලයේ සැරිසැරීම.

ආගම?
බුද්ධාගම.

රඟපාන්න ආවේ?
ආසාවට.

ප්‍රේමවන්තයා?
එහෙම කෙනෙක් ඉන්නවා. නම කියන්න බැහැ.

මිට පෙර දායක වී ඇති නිර්මාණ?
ලොක්කයියා, සමනලී.

ඔබ ගැන සරලව හඳුන්වන්න?
බොරුවට අකැමැති කෙනෙක්.

රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්?
නෙතු ප්‍රියංගිකා නමින් ඇති ෆේස් බුක් එකවුන්ට් එකෙන් පුළුවන්.



ජීවිතය ලස්සනයි හි ඇය රඟනුයේ ප්‍රබෝධනීගේ චරිතයයි.

භාවිත කරන නම?
මේනකා මධුවන්ති.

සුරතල් නාමය?
මේනු.

ගම?
මත්තෙගොඩ.

පාසල?
ආනන්ද බාලිකාව, කෝට්ටේ.
 

උපන් දිනය?
ජූලි 01.

ලග්නය?
කන්‍යා.

වැඩිපුර අඳීන්න කැමැති?
ස්කිනිස්.

පුංචි තිරයේ ජනප්‍රිය?
සිටු මැදුරේ කිෂානි හැටියට.

විනෝදාංශ?
ෆිල්ම් බැලීම.

ආගම?
බුද්ධාගම.

රඟපාන්න ආවේ?
අහඹු ආරාධනාවකට.

ප්‍රේමවන්තයා?
තවම හොයනවා.

මීට පෙර දායක වී ඇති නිර්මාණ?
චායා, සිටු මැදුර, චංචල රේඛා.

ඔබ ගැන සරලව හඳුන්වන්න?
ආදරණීය කෙනෙක්.

රසික රසිකාවන්ට ඔබට කතා කරන්න වුවමනා නම්?
menakapassion@gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් පුළුවන්.
 
Related Posts with Thumbnails