Ads 468x60px

.

රත්තොටින් සුදු පාට පෙණ ගොබයක් මතුවෙලා..

දැඩි රසායනික දුගදක් වහනය වෙනවලු...

රත්තොට කොස්වාන දකුණ ගලමල කන්දෙන් ඊයේ (07) පෙණ ගොබයක් මතුව තිබෙනවා. මහ වැස්සත් සමග අඩි 7ක් පමණ උසට මතුවූ පෙණ ගොබය හේතුකොටගෙන ප්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිනවා. 

මෙලෙස පෙණ ගොබයක්ව ගලාගිය ස්තානයේ දැඩි රසායනික දුගදක් වහනය වෙමින් තිබෙනවා. පාට පාට වැහි වැටෙන අතර මෙලෙස පෙණ ගොබයක් මතුවීම අස්වාභාවික
තත්ත්වයක් යැයි බොහෝ දෙනා විමතියෙන් පවසනවා

මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දෙන් මෙසේ අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමියෝ කියනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මාතලේ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හුණුගල් දියවී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන බවයි. 

ඒවා සුදු පැහැති පෙන ආකාරයෙන් පවතින බව ද මහාචාර්ය වරයා කියයි. මෙම පෙන හෝ ජලය ශරීරයට විෂ නොවන නමුත් පෙන මතුවන ස්ථානයේ හුණුගල් දියවෙමින් පවතින බැවින් ඉදිරියේදී ගිලා බැහීම් වලට ඉඩ ඇත්දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම පවසයි. 

 
Related Posts with Thumbnails