Ads 468x60px

.

ආලයෙන් උන්මාද වී සිටි 37 හැවිරිදි රූමත් තරුණිය 19 හැවිරිදි තරුණයා ඉල්ලා පොලිසිය දෙකක් කරලා.

වසර 16ක් සැමියා සමඟ විවාහ ජීවිතය ගත කර මීට මාස කිහිපයකට ඉහතදී හමු වූ තරුණයා සමඟ පවුල් ජීවිතය ගත කිරීමට අවශ්‍ය බව කියමින් දරු දෙදෙනාත් සැමියාත් අමතක කර 19 හැවිරිදි තරුණයෙකු සමඟ නව දිවියක් ඇරැඹීමට ගිය මිහින්තලය, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචිකාරියක් පිළිබඳව අපූරු පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ කාන්තාව දැනට 37 වැනි වියේ පසුවන රූමත් කාන්තාවක් වන අතර ඇය රජයේ සේවකයෙකු සමඟ විවාහ වී වයස අවුරුදු 08ක දියණියක් හා වයස අවුරුදු 15 පිරිමි දරුවෙකු සිටින මවකි. 

මීට දින කීපයකට ඉහතදී සැමියාට තම බිරිය තරුණයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති අතර එම ඇසුර නිශ්චිතවම තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැමියා මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව සැමියාත් බිරියත්, බිරියගේ පවුලේ ඥාතීනුත් මිහින්තලය පොලීසියට කැඳවා අවවාද කර ඇති අතර සැමියා බිරියගේ වැරැදි සියල්ල අමතක කර දමා වෙනත් ප්‍රදේශයකට ගොස් නැවතත් විවාහ ජීවිතය ගත කිරීමට එකඟත්වය ඵල කර තිබෙනවා.

පොලීසියට පැමිණි කාන්තාවගේ දෙමාපියන් හා ඥාතීන් ද බෑණා ඉතා ගුණගරුක පුද්ගලයෙකු බව මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව මිහින්තලය පොලීසියේ ස්ථානාධිපති වරයාත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයාත් පැය 03කට ආසන්න කාලයක් නැවතත් සාමකාමී ලෙස පවුල් ජීවිතය ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් දරුවන් දෙදෙනා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කාන්තාවට පවසා තිබෙනවා

එහෙත් ආලයෙන් උන්මාද වී සිටි කාන්තාව දෙමාපියන්ගේ, සැමියාගේ, දරුවන්ගේත් , පොලීසියේත් කිසිදු ඉල්ලීමක් හෝ ආයාචනයක් පිළි නොගෙන තරුණයා සමඟ නව පවුල් ජීවිතයක් අරඹන බව තරයේ කියා තිබෙන බවයි අප වෙත වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails