Ads 468x60px

.

මාලක සිල්වා ගොන් පුතාගේ වැඩ ගැන චන්ද්‍රිකාට ලියයි

තමන්ගේ ඇසේ තියෙන පොල් පරාලේ ගැන සොයන්නේ නැතුව... 

අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද ගැන සෙවීමෙන් වලකින්නලු...

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාර නායක මහත්මිය විසින් පසුගිය දා පැවැති විජය කුමාරතුංග ගුණානුස්මරණ උත්සවයේ දී ‘මර්වින් සිල්වාගේ නෝනයි දුවයි, අර මාලක කියන එයාගේ ගොන් පුතයි වැඩකරන ගෑනු කෙනයි අපේ ගෙදර ඇවිත් නතර වුණා’ යනුවෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පවසන්නේ තමන්ගේ ඇසේ තියෙන පොල් පරාලේ ගැන සොයන්නේ නැතුව අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද ගැන සෙවීමන් වළකින ලෙසයි.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් දක්වමින් මාලක සිල්වා මහතා විසින් නිකුත් කර ඇති සංදේශය සම්පූර්ණයෙන් මෙසේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට විවෘත සංදේශයක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දා මහනුවර ශී‍්‍ර පුෂ්පදාන සමිති ශාලාවේ පැවැති විජය කුමාරතුංග ගුණානුස්මරණ උත්සවයට සහභාගී වී පැවැත්වූ ‘‘මර්වින් සිල්වාගේ නෝනයි දුවයි අර මාලක කියන ගොන් පුතයි වැඩ කරන ගෑනු කෙනයි අපේ ගෙදරට ඇවිල්ලා නතර වුණා’’කියන ප‍්‍රකාශය හා සම්බන්ධ වේ.

බණ්ඩාරනායකවරුන් කියන්නේ මුළු රටේම ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ පිරිසක්. එහි ප‍්‍රධාන තැන හිමිවන්නේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී.බණ්ඩාරනායක මහතාටත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්ය. මාගේ පියාණන් බණ්ඩාරනායකවරු හඳුනාගත්තේ 1971 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මාර්ගයෙනි.

බණ්ඩාරනායකවරු හදුනාගත් දින පටන් මාගේ පියාණන් බණ්ඩාර නායක වරුන් හට විශාල සේවාවක් ඉටු කලේ මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ නාමයෙනි. අපි කුඩා කාලයේදී මගේ මතකයේ හැටියට මාගේ පියාණන් අපිට වැඩිය බැලූවේ බණ්ඩාර නායක වරුන් ගැනය. එදා බණ්ඩාර නායක වරුන්ට යම් ප‍්‍රශ්නයක් වූ අවස්ථාවකදී ප‍්‍රශ්න වලින් මඟ හැරියේද නැත. 

එදා බණ්ඩාරනායක සමාධිය විනාශ කරන්න ආපු මැරවරයින් ගෙන් සමාධිය බේරගන්න නොබියව ඉදිරිපත් වූයේද මාගේ පියානන් බව මැතිනිය අමතක නොකල යුතුය. මෙවැනි පසුබිමක් තුළ චන්ද්‍රිකා මැතිනිය අපගේ පවුල හා මා සම්බන්ධව අපහාසාත්මක ලෙස යම් යම් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මා කණගාටුවට පත්වෙමි.

එබැවින් මම චන්ද්‍රිකා මැතිනියට පවසා සිටින්නේ තමන්ගේ කට ඇත්තේ යහපත් ප‍්‍රිය චවන කථා කිරීමට මිස ඇනුම්පද කීමට නොවන වගයි.

කෙනෙක් මේ ලෝකයකට බිහිවන වන විට ඒ බිහිවන කෙනා පිළිගැනීමට සමාජය සංතෝෂයෙන් සිනහා වේවි බලා සිටින අතර ඒ පුද්ගලයා මියගිය දිනෙක සිනහා වේවි සිටි පුද්ගලයන් හඬා වැලපුනොත් තමයි ඒ මනුෂ්‍යයා මේ සමාජය පිළිගත් විධියට ජීවත් වෙලා හිටියයි කියන්නේ. 

ඔබතුමිය සමඟ සිනාසුණු සෑම අයෙක්ම මෙම මනුෂ්‍ය ලෝකයෙන් ඔබතුමිය සමුගන්නා විටද අවංකව දුක් වීමට සිටින බව ඔබතුමිය සිතාගත යුතුය. එසේ නොවුණහොත් සිදු වන්නේ ඔබ වෙනුවෙන් කඳුළු සැලීමට ‘‘යම ලෝකයෙන් ’’ පිරිසක් ඒ වෙනුවෙන් රැගෙන ඒමටය.

එම නිසා මාගේ ගති සිරිත් පිළිබඳව ඔබතුමිය සොයා බලනවාට වඩා තමන්ගේ පවුලේ ඇති දුර්වලතා පිළිබඳව සොයා බැලීම ඉතා අගනා කාර්යයක් සේ මා සළකමි. ‘‘තමන්ගේ ඇසේ තියෙන පොල් පරාලේ ගැන සොයන්නේ නැතුව අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද’’ ගැන සෙවීමෙන් වලකින ලෙස මා මැතිනියගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

තව දුරටත් මේ ආකාරයෙන් ඔබතුමිය මා හට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වළකිනු ඇතැයි මා විශ්වාස කරන අතර එමෙන්ම ඔබතුමියගේ බුද්ධිමත්භාවය නැතිවන ආකාරයෙන් කටයුතු කිරීම ඔබ පවුලේ සියලූ දෙනාටම කරනු ලබන අගෞරවයක් බැවින් ඔබතුමියට වඩා මා බුද්ධිමත්ව මෙම ලිපිය මා මෙසේ අවසන් කරමි.

ස්තුතියි,
මෙයට,
මාලක මනෝජිත් සිල්වා
(මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මැතිඳුන්ගේ පුත්)


 
Related Posts with Thumbnails