Ads 468x60px

.

පසුගිය මාසයේ කොළඹ වරායට පැමිණි නැවෙන් ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑමේ සූදානමක්.

පෙට්‍රල්වල කිසි ප්‍රශ්නයක් නැහැ...

ඩීසල් කොහොමවත් බාන්න දෙන්නේ නැහැ...

එහෙත් ඩීසල් පරීක්ෂා කිරීමට අවසර ලබාදී නැතිලු...

IOC සමාගම සඳහා ඉන්ධන රැගෙන රැගෙන එමින් තිබූ නැව කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය මාසයේය. එහි ඩීසල් ටොන් 5000ක් සහ පෙට්‍රල් ප්‍රමාණයක් තිබී ඇත. කෙසේ නමුත් එහි ඩීසල් තොගය ප්‍රමිති යෙන් තොරවීම නිසා එම ඩීසල් තොගය ගොඩබෑමට ඉඩ ලබාදී නැත.

කෙසේ නමත් එහි තිබූ පෙට්‍රල්වලින් ප්‍රමාණයක් කොළඹට ගොඩබා ඇත. එම පෙට්‍රල් ප්‍රමිතියෙන් යුක්ත බව Callon Petroleum Company (CPC)ය විසින් අවසන් වශයෙන් තහවුරු කර තිබේ.

එහි කාර්ය අවසන්වී පසු ගිය සෙනසුරාදා (09) මෙම නැව ත්‍රීකුණාමලය චයිනබේ වරායට ඇතුළුවී ඇත්තේ ඉතිරිව ඇති පෙට්‍රල් ප්‍රමාණය එහි පිහිටි IOC ටැංකි වෙත බෑම සඳහාය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව නැවක් පැමිණ පැයක් පමණ කාලයකදී එහි තෙල් සාම්පල් පරීක්ෂා කර තෙල් බෑමේ කටයතු ආරම්භ කළයුතු නමුත් පසුවදා ඉරිදා (10) දහවල් 1.30වන තෙක් තෙල් බෑමේ කටයුතු සිදුකර නැත.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ චයිනබේ වරායට බාන ඉන්ධන සාම්පල් පරීක්ෂා කිරීමට සිටින නිලධාරියා විසින් තෙවතාවක්ම ඉන්ධන සාම්පල් පරීක්ෂා කළත් එය ප්‍රමිතියෙන් තොර වීමයි.

මෙසේ තහවුරු වූ බාල පෙට්‍රල් තොගයේ භාගයක් මෙවන විටත් කොළඹ වරායේදී ගොඩබා ඇති අතර එහිදී පරීක්ෂක වරන්ට යම් වැරදීමක් සිදුව ඇති බවත් හෝ අතයට ගනුදෙනුවකින් මෙම තෙල්සඳහා ප්‍රමිති සහතිකයක් ලබාදී ඇති බවයි. එම පෙට්‍රල් මේ වනවිටත් බෙදා හැර තිබේ.


කෙසේ නමුත් IOC සමාගම පවසා ඇත්තේ මෙම නිලධාරීයා ඉන්ධන සාම්පල් පරීක්ෂා කළාට වැඩක් නැහැ යනුවෙනුයි. ඔහු නිවාඩු පිට ගෙදර ගොස් තිබේ. ඒ අනුව CPC නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මෙම ඉන්ධන පරීක්ෂා කර ප්‍රමිතියෙන් යුක්ත බව පවසා එය තවත් තහවුරු කිරීම සඳහා ඔවුන් පරීක්ෂා කළ සාම්පල් කොළඹටද රැගෙන ගොස් ඇත.

සාමාන්‍යයෙන් IOCය වෙත ඉන්ධන නැවක් ආ පසු CPC නිලධාරීන් කණ්ඩායමකුත්. ඊට අමතරව පුද්ගලික පරීක්ෂක කණ්ඩායමකුත් පැමිණ පරීක්ෂා කර ඒ දෙගොල්ලොත් සෑහීමකට පත්විය හැකි යැයි තහවුරු කළාට පසුව අවසාන වශයෙන් CPC නිලධාරීන් ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු කිරීමෙන් අනතුරුව ඉන්ධන බෑම සිදුකරනු ලබයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සහ වෘත්තීය සමිත් විසින් ප්‍රශ්නකරද්දී ඇමතිවරයා දැඩි සේ ප්‍රකාශ කර සිටියේ පරීක්ෂණ තහවුරු කරගන්නා තුරු කිසිසේත්ම මෙම ඉන්ධන ගොඩබෑමට නොදෙන බවයි. නමුත් මේවනවිට ප්‍රෙටුල් ගොඩබාන අතර එහි බෙදාහැරීමේ කටයුතුත් සිදුකරමින් තිබේ.

ඇමතිවරයා වැඩිදුරටත් පැවසූවේ "පෙට්‍රල්වල කිසි ප්‍රශ්නයක් නැහැ පෙට්‍රල් කෙසේ වෙතත් ඩීසල් කොහොමවත්ම බාන්න දෙන්නේ නැහැ" යනුවෙනි. එහෙත් මෙම ඉන්ධන චීන වරායට පැමිණ අදට (13) දවස් 05ක් පමණ වේ. ඉන්ධන නැවක් පැමිණ මෙප
න කළක් නොතිබෙන අතර මේ වනවිට මෙහි ඩීසල් තොගයද ගොඩබෑම සඳහා සූදානම් කර තිබේ.

එම ඩීසල් පරීක්ෂා කිරීමට පැමිණි CPC නිලධාරීන්ට එම නැවට ගොඩ වීමට හෝ අවසර ලබාදී නැත. සාමාන්‍යයෙන් ඉන්ධන නැවක් පරීක්ෂා කිරීමට පැමිණෙන නිළධාරීන් අදාළ නැවටම ඇතුල්වී එහි ඉන්ධන සාම්පල් ලබාගැනීම සිදුනක නමුත් එම නිලධාරීන්ට නැව අසළටහෝ යාමට ඉඩ නොදී ඉන්ධන සාම්පල් කිහිපයක් ලබාදී ඇත. 


එම ඉන්ධන සාම්පල් ලබාදී ඇත්තේ IOC ටැන්කිවල ගබඩා කරතිබූ පරණ ගෙන්වන ලද තෙල්වලිණ් බව ඉතා විශ්වාස කටයුතු ආංරංචිමාර්ග පවසයි. පසුව CPC නිලධාරීන් මෙම තෙල් සාම්පල් කොළඹටම රැගෙන ගොස් තිබේ.

මේ වනවිට IOCය ප්‍රකාශ කරමින් තිබෙන්නේ ත්‍රීකුණාමලයට මෙම ඩීසල් තොගය ගොඩබාන බවත් එම ඩීසල් වලින් ටූ-ටී හදන බවත්ය. කෙසේ නමුත් මෙම ඩීසල් තොගය බාල බව තහවුරුවූ ඒවා බැවින් බාල ඩීසල් මොනම හේතුවකට හෝ බෑම තහනම් කටයුත්තකි.

එම ඩීසල් ඉතාම ප්‍රෝඩාකාරී ලෙස බෑමට උත්සාහ දරමින් සිටී. එක් ඩීසල් ටැංකියකට ඉන්ධන එක්කෝටි අනූනව ලක්ෂයක් (19,900,000) ගොඩබානු ලබන අතර පරණ ඩීසල් සමග මෙම ඩීසල් කලවම්කළ පසු සාම්පලයේ වෙනසක් සිදු නෙවන නමුත් රථ වාහන සඳහා සුදුසු නොවන බවද පැවසේ.

මෙම ඩීසලවලින් ටූ-ටී නිශ්පාදනය කරන බවටත් වාහන සඳහා නොබෙදන බවටත් කිසිවෙකු විසින් සහතිකයක් ලබාදී නැත. ටූ-ටී නිශ්නාදනය සඳහා වුවද බාල ඩීසල් යොදා ගත්පසු සිදුවන්නේ ඉන් නිශ්පාදිත ඔයිල්ද බාල ඔයිල් බවට පත්වීමය.
 
Related Posts with Thumbnails