Ads 468x60px

.

මායි දරුවෝ හතර දෙනයි අසරණ වුණා - පොත්තේ වෙලදී ඝාතනය වූ කළුමහත්තයාගේ බිරිඳ කියයි.

කළුවෝ වැඩිකල් අපි උඹට ඉන්න දෙන්නේ නෑ...

උඹ ඒක දැනගනින්.. උඹ දැන් උඹේ මළගෙදරට ලෑස්‌ති වෙයන්...

කියා මගේ මහත්තයාට මරණ තර්ජන කර සති දෙකක්‌ යන්නටත් මත්තෙන් මගේ ඇස්‌ දෙකට පෙනි පෙනීම ඉතා කුරිරු විදියට වෙඩි තබා මරා දැමීම මමත් මගේ දරුවෝ හතර දෙනාත් කොහොම දරාගන්න දැයි මීරිගම පොලිස්‌ වසමේ පොත්තේවෙල බාඳුරා ගොඩදී වෙඩි වැදීමකින් ඝාතනයට ලක්‌වූ පොත්තේවෙල ශ්‍රීලනිප ශාඛා සමිති සභාපති විඡේසිංහ මුදියන්සේලාගේ සිසිර කුමාර (කළු මහත්තයා) මහතාගේ බිරිඳ වන විඡේතුංග කුලආරච්චිලාගේ කුමාරි විඡේතුංග මහත්මිය අප වෙත පැවසුවා.

මහත්තයා රජයේ කළුගල් වළක්‌ බද්දට අරගෙන එහි ව්‍යාපාර කටයුතු කළා. ගමේ සෑහෙන පිරිසකට මහත්තයා ළඟ රැකියා ලබාදුන්නා. පුළුවන් විදියට ගමේ නැති බැරි අයට උදව් කළා. පන්සලට උදව් කළා. ගමේ නම් හතුරො හිටියෙ නෑ. 

මහත්තයාගේ නමට ඉදිරියෙන් පාතාලය කියන වචනය යොදන්නේ පොලිසියේ සමහරුන්. ඕනෑම ප්‍රශ්නයක්‌ යටගහන්න යොදන අවිය නිසා අද මගේ දරුවො හතර දෙනාට ඉස්‌කෝලෙ යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා. 

මේක ලොකු මානසික පීඩනයක්‌ දරුවන්ගේ මානසික තත්ත්වය බිංදුවට බැහැලා. මේ රටේ ප්‍රශ්න විසඳන ක්‍රමවේදයක්‌ තියෙනවා. පොලිසි උසාවි තියෙන්නේ ඒකට. පළමු සහ අවසාන විසඳුම ඝාතනයද? 

අපි ජනාධිපතිගෙන් ආරක්‍ෂක ලේකම්ගෙන් සහ පොලිස්‌පතිගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සාධාරණ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියලයි. නැවත මෙවැනි තත්ත්වයක්‌ තවත් අයකුට සිදුවන්නට පෙර පියවර ගන්න.

අපේ ගෙදරට ඇවිත් අපිත් සමග කතා කර ඇත්ත තත්ත්වය හොයා බලන්න ආවේ
ඔය ගොල්ලෝ විතරයි. ඒ නිසා අපි ඔය ගොල්ලන්ට ස්‌තූති කරනවා.

සිසිර කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) බ්‍රහස්‌පතින්දා ප. ව. 4.00 ට වත්තෙමුල්ල බෞද්ධ සුසාන භූමියේදී සිදු කෙරේ.


මීරිගම, බාඳුරාගොඩ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට...

මීරිගම, බාඳුරාගොඩ, පොත්තේවෙල ප‍්‍රදේශයේ අද (11) පස්වරුවේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. යතුරුපැදියකින් නිවසට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති අතර ඝාතනය කෙරුණු පුද්ගලයා ප‍්‍රදේශයේ ගල්වලක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙකු බවද වැඩිදුරටත් අප වෙත වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails