Ads 468x60px

.

සිස්ටයින් දෙව්මැදුරේ කවුළුවෙන් සුදු දුමාරයක් - නව පාප් වහන්සේ ආජන්ටිනාවෙන්

පාප් වහන්සේ බැතිමතුන් අමතති...

මැල්කම් කාදිනල්තුමෝ නව පාප්තුමාට සුබ පතති...

සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා නව පාප්වහන්සේ ලෙස තේරී පත් වුනා.

ආජන්ටිනා ජාතික ජෝජ් මාරියෝ කාදිනල්තුමා නව පාප් වහන්සේ ලෙස ඊයේ ඉතාලි වේලාවෙන් පස්වරු හතට (ලංකාවේ වේලාවෙන් රාත්‍රී එකොළහයි තිහට පමණ) තෝරාගෙන තිබෙනවා.

කාදිනල්වරුන් 115 දෙනා අතරින් තුනෙන් දෙකේ බහුතරයකගේ මනාපය ජෝජ් මාරියෝ කාදිනල්තුමාට හිමිව ඇති අතර ඒ අනුව සිස්ටයින් දෙව්මැදුරේ කවුළුවෙන් සුදු දුමාරය නිකුත් කොට නව පාප් වහන්සේ තෝරාගැනීම ජනතාවට දැනුම්දී
තිබෙනවා.

වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස්වූ කාදිනල් වරුන් 115 දෙනකු නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් තිස්සේ පස් වතාවක් ඡන්දය පාවිච්චි කොට
තිබෙනවා.

ලතින් අප‍්‍රිකා කලාපයෙන් පත්වූ පළමු පාප් වහන්සේ මෙතුමා වන අතර මින් පසුව නව පාප් වහන්සේ පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නමින් හදුන්වනු ඇත.

ලෝකයේ අඩුම පිරිසක් ජන්දය ප්‍රකාශකොට ඉතාම රහසිගත ලෙස තොරාගන්නා පාප් වහන්සේට නිල කාලයේ සීමාවක් නැත. එනමුත් මෙයට පෙර සිටි ජර්මන් ජාතික සොළොස් වන බෙනඩික්ට් පාප් වහන්සේ පෙබරවාරියේ ස්වේච්චාවෙන් විශ්‍රාම ගියේය.

එසේ අවසන් වතාවට ස්වෙච්ච්චාවෙන් විශ්‍රාම ගෙන ඇත්තේ මෙයට සියවස් හතකට උඩදීය. 76 හැවිරිදි නව පාප් වහන්සේ ලබන 19 වනදා නිල වශයෙන් එම ධූරය භාරගැනීමට නියමිතයි.


ෆ්‍රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූහ.

ආජන්ටිනාවේ හොසේ මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමා පළමුවැනි ප‍්‍රැන්සිස් පාප්තුමා හැටියට පත්වීම පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඉමහත් සතුටට පත්වන බව ඉතාලියේ ශ්‍රී ලාංකීක ශ‍්‍රම සංක‍්‍රමනික අධ්‍යාත්මික උපදේශක නෙවිල් ජෝ පියතුමා රෝමයේ සිට ප‍්‍රකාශකර සිටී.

නව පාප්තුමාගේ මව සහ පියා ඉතාලියේ පියමොන්තේ ප‍්‍රාන්තයේ සිට අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවරට සංක‍්‍රමිකයන් ලෙස පදිචියට ගියහ. පියා දුම්රිය සේවකයෙකි. පස්දෙනෙකුගෙන් යුත් දුප්පත් පවුලක ඉපදුණු හොසේ (ජොසේ) මාරියෝ බෙර්ගෝල්යෝ කාදිනල්තුමෝ, පළමුවැනිවරට ජේසු නිකායේ, ලතින් ඇමරිකා රටක, මෙන්ම යුරෝපීය නොවන රටකින්, මෙන්ම ප‍්‍රැන්සිස් යන නාමය යටතේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස පත්වූහ

මෙතුමා රසායන විද්‍යා උපාධිධාරයෙක්ද වේ. ඔහු තමන්ගේ ආහාර තමා විසින්ම සකසා ගන්නා ඉතා සරල ජීවිතයක් ගතකරන පූජකවරයෙකි.





























 
Related Posts with Thumbnails