Ads 468x60px

.

රසිකයින්ට කියන්න තියෙන්නේ ළඟදීම දවසක අපි දෙදෙනා විවාහ වෙනවා - නෙහාරා

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පෙම්වතුන් බව රහසක් නෙවෙයි. මේ දෙදෙනාම නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය නළු නිළි යුවළක්.

නෙහාරාත් මේනකත් පසුගිය දෙසැම්බරයේ විවාහ වූ බවට කටකතාවක් පහුගිය දිනවල පැතිර ගියා. නමුත් එය කටකතාවක් පමණක් බවයි නෙහාරා මාධ්‍ය වලට පවසා තිබුනේ. 


කොහොම වුනත් නෙහාරයි මේනකගෙයි සම්බන්ධය රටට රහසක් නොවන නිසා මේ දෙදෙනා නුදුරේම විවාහ වනු ඇති.

ඒ සම්බන්ධව නෙහාරා සති අන්ත පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුනේ “ඇත්තෙන්ම අපි දෙදෙනා ගැන මේ විදිහට පැතිර යන ආරංචිය සම්පූර්ණ බොරුවක්. මේනකගේ මවගේ 60 වැනි උපන් දිනය වෙනුවෙන් අපි පුංචි සාදයක් පවත්වන්න හෝටලයක් බලන්න ගියා.

එහිදී ඔවුන් විමසා සිටියා අපි වෙඩින් එක ගන්න ද මේ හදන්නේ කියලා. එතැන් සිට තමයි මේ අසත්‍ය ආරංචිය හැම තැනම පැතිරී තිබෙන්නේ.

නමුත් අපේ දයාබර රසිකයින්ට කියන්න තියෙන්නේ ළඟදීම දවසක අපි දෙදෙනා විවාහ වෙන බවයි.
 
Related Posts with Thumbnails