Ads 468x60px

.

ඔය කියන දේවල් මම කරලා නෑ - අමිල අබේසේකර

ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්‌...

මේ වගේ බොරු ප්‍රවෘත්තියක්‌ පළකරන්නේ කොහොමද..?

අන් කවර කලෙකටවත් වඩා මේ කාලයේ කාන්තාවන් හිංසනයට පීඩාවට පත් වෙනවා. පහුගිය කාලය පුරාවට විශේෂයෙන් ජාතික පුවත් පත්වල පළවූ ප්‍රවෘත්ති වලින් කාන්තාවන්ට සිදුවන හිංසන පීඩන පමණක්‌ නොව ස්‌ත්‍රී දූෂණ හා මරණ ගැන හෙළිදරවු වුණා.

එම සිද්ධීව වලින්ද සමහරක වැරදිකරුවන් නීතියේ රැහැනට අසුවූවා. අපි මේ සටහන තැබුවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ අමිල අබේසේකර ව්‍යාපාරික කාන්තාවකට අපහාස කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්‌ දමා ඇති බවත් අමිල අදාළ කාන්තාවගෙන් සමාව ගත් බවත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ පිළිබඳව අප අමිල අබේසේකර ගෙන් විමසීමක්‌ කළා.


ඔව්... මම ඒ ප්‍රවෘත්තිය ගැන දන්නවා. මම දන්න කියන කෙනෙක්‌ තමයි ඔය ප්‍රවෘත්තිය පළකරලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්‌. මේ වගේ බොරු ප්‍රවෘත්තියක්‌ පළකරන්නේ කොහොමද?

ඒ අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරැදි කරන ලෙස ඉල්ලලා මම නීතිඥ මහතකු මගින් අදාළ පාර්ශ්ව වෙත ලිඛිත දැනුම්දීමක්‌ කරලා තියෙනවා. ඒ සඳහා මට ලැබෙන ප්‍රතිචාරය අනුව අවශ්‍ය වෙතොත් නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" රංගන ශිල්පී අමිල අබේසේකර අපට පැවසුවා.
 
Related Posts with Thumbnails