Ads 468x60px

.

අමිල දනින් වැටී සමාව ගත් කතාවේ ඇත්ත...

කුමාරට එක එක්කෙනා කේලාම් කියලා අමිල මගෙත් එක්ක හිතවත් කමක් තියනවා කියලා...

නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර ඒ පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන තිබූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එයට නයනාගේ නම ඈදුනේ ඇමති කුමාර වෙල්ගම නිසාම නොව නයනාගේ පාර්ශවයෙන් අප විසින් කල සොයා බැලීමකින් අනතුරුවය. ඒ ඇය විසින් ඒ බව කිහිප දෙනෙකුටම ප්‍රකාශ කර තිබූ නිසාය.

නමුත් අමිල අබේසේකර තවමත් පුවත්පත් වලට පවසන්නේ එවන් සිදුවීමක් නොවූ බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්ය.

මේ අතර එක්තරා වෙබ් අඩවියක් මඟින් මේ පිළිබඳව අසත්‍ය පතුරවන බවට වෙබ් අඩවියේ නම සඳහන් නොකරමින් ඇතැම් වෙබ් අඩවි හා පුවත්පත් ගණනාවක් අඳුරේ අතපතගාන තත්ත්වයක් තුළ ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීමට එම ව්‍යාපාර කාන්තාවට කෙලින්ම කතා කළා. 
ඇය වසර 04 ක්‌ ම පිට පිට ශ්‍රම අභිමානී සම්මානය දිනූ දේශීය රෙදිපිළි කර්මාන්ත රැසක සභාපතිනිය වන දීපානි සමරසිංහයි.

ඇය අවධාරණය කර සිටියේ අමිල අබේසේකර එදින ඇගේ දනින් වැටී සමාව ගත් බවත්, නයනා කුමාරි විසින් තමා එම ව්‍යාපාරික කාන්තාව ලෙස පෙනීසිටීමට බාරගෙන ඇති බවත්ය.

එම සම්පූර්ණ කරුනු පහතින්.


"වෙච්ච මුළු සිදුවීම මුල ඉඳලම මම ඔයාලට කියන්නම්. මම දීපානි සමරසිංහ. මම ආයතන 5 ක සභාපතිනියක් විදිහට වැඩ කරනවා. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම කියන්නේ මගේ හොඳම යාලුවෙක්, හොඳම මිතුරෙක්. පහුගිය ටිකේ කුමාරට එක එක්කෙනා කේලාම් කියලා තිබුණා අමිල අබේසේකරට මගෙත් එක්ක හිතවත් කමක් තියනවා කියලා. කුමාරට තමයි ඕක දැනගන්නට ලැබුනේ.

කුමාරට කෙනෙක් කියලා තියෙන්නේ මම අමිලට ටෙලිඩ්‍රාමා එකක් හදන්න්න ලක්ෂ 75ක් දුන්නා කියලා. ඒ වගේම මම එයාට ගොඩාක් උදව් කරනවා කියලා.

ඒ වගේම මම හැම මාසෙකම කුමාර වෙනුවෙන් පූජාවල් 4ක් හදලා යවනවා කතරගම දේවාලෙට. අමිල කියලා තියනවා මම අමිලටත් ඒ වගේම පූජාවල් හදලා එවනවා කියලා. එක එක්කෙනාගේ මාර්ගයෙන් මම ගැන අමිල කුමාරට කියනවා. පස්සේ මට ඕක ප්‍රශ්නයක් වුනා. ප්‍රශ්නයක් වුනාම මම ටිකක් හිටියා. මම මේ ගැන යටින් හෙව්වා.

ඒ අතරේ කුමාර වෙල්ගම භික්ෂු වාට්ටුවක් හැදුවා. ඒකේ බුදුපිළිමය හදන්න මම ගියා. ඒක හදන්න ගිහින් එන දවසේ අමිල කියලා තියනවා මම ඒ ගිහින් එන අතරතුරෙත් එයාව මුනගැහුනා කියලා. ඒක කැත...ම කතාවක්නේ.

පස්සේ කුමාර කිව්ව අපි මේක හෙමින් හොයාගමු නැත්නම් මේක ඔයාට හොඳනෑ කියලා. නමුත් මෙකේ කෙලවරක් නැති නිසා මම DIG සුමිත් එදිරිසිංහට කතා කළා. පස්සේ එයා කිව්ව මෙක ටෙලිෆෝන් එකෙන් කියලා හරියන්නේ නෑ ඇවිල්ලා මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දාන්න කියලා. 

මාර්තු 7 වෙනිදා මම DIG ඔෆිස් එකට ගිහිල්ලා මේ ගැන කම්ප්ලේන් කලා "අමිල අබේසේකට මට විරුද්ධව මෙහෙම කැත කතා පතුරවනවා. ඒවා මගේ කනට ඇහුනේ නෑ, ඒත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම තමයි මට ඒවා කිව්වේ" කියලා. 

ඊට පස්සේ ඒ පැමිණිල්ල ලියාගන 08 වෙනිදා, ඒ කියන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ උදේ 10.00 ට අමිලට එන්න කිව්වා පොලීසියට. මම සුමිත්ට කිව්වා සුමිත් ඔයා ඒ වෙලාවට මටත් පොලීසියට එන්න කියන්න කියලා.

පස්සේ අමිලත් ආවා. මමත් ගියා. පස්සේ අමිල ඒ වෙලේ එතනත් රඟපෑමක් කලා. මොකද මම ඉස්සරහා තමයි සුමිත් අයි.පී රොද්‍රිගූ ට කියලා අමිලට එන්න කියන්න කියලා කිව්වේ.

ඒ වෙලේ වෙන කිසිම දෙයක් කිව්වේ නෑ. කිව්වේ "ඔයාට විරුද්ධව කම්ප්ලේන් එකක් තියනවා, හෙට පොලීසියට එන්න" කියලා විතරයි කිව්වේ.

අමිල දන්නේ නැහනේ මම ඉස්සරහා ඒක කතා වුන විත්තිය. අමිල පොලීසියට ආවම මම ඇහුවා "ඔයා මාව දන්නවද" කියලා. අමිල කිව්වා "මම මැඩම්ව දන්නේ නෑ. මට පොලීසියෙන් කිව්වා පානදුර ලේඩි කෙනෙක් මට විරුද්දව කම්ප්ලේන් එකක් දාලා තියනවා" කියලා, චෙක් දෙකකුත් අරගන ආවා. එතකොටම මම දැනගත්තා මෙයා කරන්නේ රඟපෑමක් කියලා.

එතකොට මම සුමිත්ට කිව්වා "සුමිත්, ඔයත් දන්නවා, අයි.පී රොද්‍රිගූ ත් දන්නවානේ, අපි මෙයාට පානදුර ලේඩි කෙනෙකුගේ කතාවක් කිව්වේ නැහැනේ" කියලා. එතකොට මෙයා කොහොමද ඒකත් පටලවාගත්තේ? එතනින්ම තේරෙනවනේ මෙතන වරදක් තියනවා කියලා.



සුමිත් මෙයාට (xxxxxx කපා හරින ලදි xxxxxx) කිව්ව ඇත්ත කියපන් කියලා. ඊට පස්සේ අමිල කිව්ව. සර්, අපි මෙක මෙතනින් නතර කරමු, මම මේ මැඩම්ගෙන් සමාව ගන්නවා කියලා.

මමනේ මෙතන හිටියේ, පස්සේ මේගොල්ලෝ ඒක නතර කලේ නැහැ. මේගොල්ලෝ එක හැමතැනම ගිහින් කිව්වා අර ඇක්ට්‍රස් කෙනෙක් ඉන්නේ නයනා කුමාරි කියලා.

මම දන්නේ නෑ මොන පලහිලව්ද කියලා මේවා...අමිල කියලා තියනව නයනා තමයි ආවේ කියලා.

නිරෝෂන් ප්‍රේමරත්න කියලා "අද පත්තරේ" ඉන්නේ, ඊට පස්සේ මම ඕක නිරෝෂන්ට කිව්වා "මම ව්‍යාපාරික කාන්තාවක්. මට යමක් කරගන්න පුළුවන් කෙනෙක් නිසා මේ වගේ කැත කතා මේ මිනිස්සු පැතිරෙව්වහම මට ඒකට ඒ වෙලේ ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වුනා. නමුත් මොකුත් කරගන්න බැරි කෙනෙකුට මේ වගේ දෙයක් වුනා නම් මොකක්ද ඒකේ තේරුම" කියලා.

ඊට පස්සේ නිරෝෂන් ඒක "අද" පත්තරේ දැම්මා කුමාර වෙල්ගමගේ නමත් එක්ක. එහෙම වෙල්ගමගේ නමින් දාන්න හේතුව තමයි මම වෙල්ගමගේ මීඩියා හැඬල් කලා. එතකොට එයාගේ ආර්ටිකල්ස් සේරම පත්තර වලට දුන්නේ මම. ඒ නිසා ඒ අය කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මේක පත්තරේ දැම්ම්මා මම දීපු එකක් හින්ද.

නමුත් එතන ඒගොල්ලෝ පොඩි වරද කලා. ඒගොල්ලෝ කළේ ව්‍යාපාරික කාන්තාවක් කියන එකට මගේ නම නොදා කුමාර වෙල්ගමගේ නම දැම්මනේ. ඊට පස්සේ කුමාරගේ මීඩියා සෙකට්‍රි මට කිව්වා "ඇයි මැඩම් වෙල්ගමගේ නම විතරක් සඳහන් කරලා ඔයාගේ නම නොදැම්මේ" කියලා. ඊට පස්සේ මම කිව්වා "සොරි මේක වැරදීමක්, ප්‍රවාහන ඇමතිතුමා මෙක දන්නේ නෑ ඔයා මේක හදන්න" කියලා.

කුමාරගේ බේරිල්ලට මම ඒක කළේ. නමුත් ඊට පස්සේ නයනා කුමාරි පත්තර වලට කතා කරලා කිව්වලු "මේ ව්‍යාපාරික කාන්තාව මමයි" කියලා. ඔක්කොමලා දන්නවා මේ මම කියලා. එක පත්තරේක ලේඩි කෙනෙක් මට කතා කරලා නයනා එහෙම කියපු වොයිස් එක මට අහන්න දුන්නා.

ඒකේ නයනා කුමාරි කියනවා "බලන්න මේ ගෑණු කරන වැඩ. මමයි මේ ව්‍යාපාරික කාන්තාව. මට මේ අපහාස කරන්න ගයත්‍රී ඩයස් ඇතුළු බියුටීෂියන්ස්ලා තමයි මේ කතාව පතුරවන්නේ. කොච්චර කැතද මේක" කියලා. මගේ කනට ඒක ඇහුනා.

නැත්නම් කවදාවත් මේකට මම ඉදිරිපත්වෙන්න හිතුවේ නෑ. මොකද මගේ ඉමේජ් එකකට මම කැළලක් කරගන්න කැමති නැති නිසා. නමුත් නයනගේ කතාව මම කන් දෙනෙක්ම අහපු නිසා මම දිවයිනට මේක කිව්වා. දිවයින කුමාර වෙල්ගමලගේ පත්තරේනේ, මම වෙල්ගමට කිව්වා "කුමා මගේ කනට ඇහුනා මේක" කියලා. ඊට පස්සේ කුමා කිව්වා එහෙනම් ඔයා "මීවිත" ට ප්‍රකාශයක් කරන්න කියලා. ඒ නිසා මං මෙක බාරගත්තා.

මම බාර අරගන මීවිතට කිව්වා "මමයි මේ ව්‍යාපාරික කාන්තාව. අමිල කියනවනේ අමිල මගෙන් වැඳ සමාව ගත්තේ නෑ කියලා. අමිල කියන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක්. එහෙම නම් එයා මට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න ඕනේ කොහෙවත් යන කාන්තාවකට මම වැඳලා සමාව ගත්තා කියනව. ඒක මගේ චරිතයට කැළලක්" කියලා.

ඇයි මට කේස් එකක් ෆයිල් නොක
 පත්තර වලට නෑ..නෑ එහෙම නෑ කිය කිය කියන්නේ? ඒ කියන්නේ එයා වරදක් කරලා තියනවනේ. එහෙම තියෙද්දී ඔයා බලන්න මොකක්ද "හදගැස්ම" කියලා මොකක්ද කෙහෙල්මලක් තියනවනේ "මව්බිම පත්තරේ". ඒගොල්ලෝ එක කොයිතරම් ලස්සනට ගොතාගනද කියලා

ඔයවගේ දේකට කොයිම වෙලාවක වත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම කියලා පාවිච්චි කරන්න හොඳ නැහැනේ. "අද" පත්තරේ නිරෝශන්ගෙන් අහලා තියනවා ඇයි එහෙම කලේ කියලා. ඊට පස්සේ මම ඉන් රයිටිං 'අද' පත්තරේ ප්‍රධාන කර්තෘට ලියුමක් දුන්නා.

මම ලිව්වා මගේ ලෙටර් හෙඩ් එකේ "මම මේ ආයතන වල සභාපතිතුමිය, මගේ අනුදැනුම මත තමයි නිරෝෂන් විසින් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේ නම පාවිච්චි කලේ. ඒකේ සම්පූර්ණ වගකීම දීපානි සමරසිංහ වන මම බාරගන්නවා. නිරෝෂන් ප්‍රේමරත්නට මෙහිදී යම් කිසි දෙයක් වුනොත් ඒ වගකීමත් මම බාරගන්නවා" කියලා. ඒකේ කොපියක් ප්‍රවාහන අමාත්‍යාංශයටත් යවන්න කියලා. මම නිරෝෂන්ව බේරගන්න එහෙම කිව්වා.

ඔය හැමදේම මම හොඳ විදිහට කරද්දිත් ඇයි මේ මිනිස්සු මේ විදිහට කැත මඩ ප්‍රචාර කරන්නෙ? ඒකට හේතුව වුනේ මොකක්ද දන්නවද? ඒ අය කවදාවත් හිතුවේ නෑ අතනදී 
ව්‍යාපාරික කාන්තාව කියලා මම නිහඬව හිටියනේ, ඒ නිසා ඒ අය හිතුවේ නෑ මගේ ඉමේජ් එකේ හැටියට මම මේ වගේ දේකට ඉදිරිප්ත් වෙයි කියලා.

මෙතන කුමාර වෙල්ගමට ප්‍රශ්නයක් වෙනවනේ, මම එයාගෙ නම පාවිච්චි කලා. ඒ නිස එයා වෙනුවෙන් තමයි මම මේ ඉදිරිපත් වුනේ.

මොකද ඒ මනුස්සයගේ ඉමේජ් එක රකින්න ඕනේ නිසා. හැමතනම යන්නේ "ප්‍රබල 
අමාත්‍යවරයෙක්" කියලා මිසක් නමත් එක්ක යන්නේ නෑ. ඒත් 'අද' පත්තරේ එහෙම දැම්මේ මට තියන හිතවත්කම නිසා. එතකොට මගේ වගකීම තමයි යම් කිසි ප්‍රශ්නයක් නිරෝෂන්ට වෙනවා නම් එයාව බේරගන්න එක. ඒ වගේම වෙල්ගමලගේ දිවයින පත්තරේ "මීවිත" ටත් මම දුන්නා.

ඊලඟට ලබන සතියේ සඳුදා නවලිය පත්තරෙත් මම තනි පිටුවක් දානවා. ඒකෙත් මගෙන් ප්‍රශ්නයක් අහනවා "කලා ක්ෂේත්‍රයේ කාන්තාවක් විසින් මෙම ව්‍යාපාරික කාන්තාව තමා කියලා බාර අරගන තියනවා නේද?" කියලා

එතකොට මම දෙන උත්තරේ තමයි "මහරගම ප්‍රදේශයේ කීර විකුණන්නියන්, පලතුරු විකුණන්නියන්, කොණ්ඩ කපන්නියන් හා තැඹිලි විකුණන්නියනුත් ව්‍යාපාරික කාන්තාවෝ. එතකොට මම මහරගම ප්‍රදේශයේ කර්මාන්තශාලා පවත්වාගන යන පිට පිට 04 වතාවක් "හොඳම ව්‍යාපාරික කාන්තාවට හිමි සම්මානය" ලබාගත් මහරගම ප්‍රදේශයේ එකම ව්‍යාපාරික කාන්තාව 
මම" කියලා.


කිසිම ප්‍රශ්නයක් නෑ නේද ඔය කියපු කතා ටික අපි ඔය විදිහටම දැම්මට? කිසිම ප්‍රශ්නයක් නෑ. හැම වචනෙකම වගකීම මම බාරගන්නවා. මම ඒ බාරගන්නේ මම කියන හැම දෙම ඇත්ත නිසා.

ඉස්සරහා හිටියේ මම කියලා එයා දන්නේ නැද්ද? හරියට නිකන් ඉස්සරහා හිටියේ නයනා වගේනේ එයා කතා කරලා තියෙන්නේ. අර මොකක්ද අමිල "වික්ෂිප්ත වුනා" ද මොකක්ද කියලා මව්බිම පත්තරේ දාලා තියෙන්නේ. පුදුමයට පත්වුණා කියන තේරුම නේද ඒ දීලා තියෙන්නේ? කොයි තරම් බොරුද මේ අය කියන්නේ කියලා බලන්න.



අමිල නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගත්තේ වෙල්ගමගේ බලපෑමටද..?
අමිල නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගත් කටකතාවේ ඇත්ත නැත්ත මෙන්න...
 
Related Posts with Thumbnails