Ads 468x60px

.

දුමින්ද නවලෝක රෝහලෙන් පිටව ගිය අයුරු...

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා ඇප මත නිදහස්‌ කිරීමෙන් පසු එම රෝහලෙන් පිට වූ අවස්‌ථාවේ ඔහු පිළිගැනීමට විශාල ජනකායක්‌ රැස්‌ව සිටියා.

ආධාරකරුවන් විශාල පිරිසක්‌ දුමින්ද සිල්වා මහතා පිළිගැනීමට පැමිණ සිටීම නිසා ඔවුන් පාලනය කිරීමට පොලිසිය මහත් පරිශ්‍රමයක්‌ දැ
රුවා.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ටාර්වරයකු වන ඉන්දික ගුණසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලට ගොස්‌ ඇප බැඳුම් කරවලට දුමින්ද සිල්වා මහතාගේ අත්සන ලබාගැනීමෙන් අනතුරුව මුදාහරිනු ලැ
බුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකුව සිටි දුමින්ද සිල්වා මහතාට අධිකරණය මගින් ඇප නියම කරනු ලැබුවේ ඉකුත් 24 වැනිදාය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්‍ෂ පහක්‌ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කෙරිණි. දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගැනිණි.

එසේම මෙම නඩුවේ සාක්‍ෂිකරුවන්ට යම් බලපෑමක්‌ එල්ල කර ඔවුන්ගෙන් පැමිණිල්ලක්‌ ඉදිරිපත් වුවහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවද අධිකරණය එහිදී දුමින්ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිස ඝාතන සිද්ධියේදී දුමින්ද සිල්වා මහතාද බරපතළ තුවාල ලැබූ අතර එම තුවාල හේතුවෙන් හෙතෙම මෙරට සහ තවත් වසරක පමණ කාලයක්‌ සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා අධිකරණයෙන් ඇප නියම කෙරෙන අවස්‌ථාව වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉකුත් 24 වැනිදා එසේ අධිකරණයෙන් ඇප ලැබුණද ඒ වන විටත් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා අධිකරණ ඇපයට අනුව එම රෝහලින් පිටව ගියේ පෙරේදා (27 දා) පෙරවරු 11.00 ට පමණය.

දුමින්ද සිල්වා මහතා එසේ රෝහලින් පිටව යන අවස්‌ථාවේ ඔහුගේ ආධාරකරුවන් තුන්දහසකට අධික පිරිසක්‌ මන්ත්‍රීවරයාට සුබ පතමින් ඔහු දැක ගැනීම සඳහා රෝහල අවට රැස්‌වී සිටි අතර රෝහලින් පිටතට පැමිණි මන්ත්‍රීවරයා රැස්‌ව සිටි පිරිස සමඟ සුහදව කතාබහ කරමින් 'කොළොන්නාව ජනතා සමඟ මා ඉන්නවා. සත්‍යය හා යුක්‌තිය ජය ගනු ඇති' යෑයි ද මන්ත්‍රීවරයා පැවසීය.



ඒ අවස්‌ථාවේ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂකයන් මෙන්ම පොලිස්‌ ආරක්‍ෂාවක්‌ද මන්ත්‍රීවරයා සඳහා ලබා දී තිබෙනු දක්‌නට ලැබිණි.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිස ඝාතන සිද්ධියේ තවත් ප්‍රබල සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තා මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවේ.


එහි තවත් විස්තර පහතින් 

 
 
Related Posts with Thumbnails