Ads 468x60px

.

අඩෝ මේකේ පාලකයා මගේ තාත්තා තොපි පුළුවන් ඕනෑ දෙයක් කරපියව්...

නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂකගේ පුතා රෝහල ඇතුළේ බීමතින් යකා නටයි...

මහ මඟ දී රෝගියකු ගෙන ඒමට ගිය ගිලන් රථ රියැදුරුටත් පහර දෙන්න හදලා...

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ පුතා ඇතුළු ඔහුගේ මිතුරන් කණ්ඩායමක් බීමත්ව මාර්ගය අවහිර කරමින් රෝගියෙකු රැගෙන ඒමට ගිය ගිලන්රථ රියදුරකුට බැණ වැදී පහරදීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් නිසා එම රෝගියා රැගෙන ඒමට නොහැකි වීමේ සිද්ධියක් සම්බන්ධව නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වන බවට අපට වාර්තා වුණා. 

අසාධ්‍ය රෝගියකු පිළිබඳව කොටගල රෝහලින් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පෙරේදා රාත්‍රියේ 11.45 ට පමණ නාවලපිටිය රෝහලින් ගිලන් රථයක් යවා තිබෙනවා.

එම ගිලන්රථය නාවලපිටිය නගරයෙන් ගමන් කරන විට බීමත්ව පාර මැද සින්දු කියමින් කෑ කෝ ගසමින් සිටි තරුණ පිරිසක් නිසා පාර අවහිර වී ඇති අතර ගිලන් රථය එම ස්ථානයෙන් ගැනීමට නොහැකිව නවතා තිබෙනවා.


පරුෂ වචන කියමින් මෙසේ කෑ කෝ ගසන පිරිස අතර තම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ පුතකු ද සිටින බව හඳුනාගෙන ඇති ගිලන් රථ රියදුරා ඔහුට කතා කොට ඇයි පුතා මම හඳුනා ගන්න බැරිද අපි අමාරු ලෙඩෙක් ගේන්න යන්නෙයි පවසා තිබෙනවා.

එවිට එම සැකකරු ඇතුළු තරුණ පිරිස ගිලන් රථයට යාමට නොදී මොවුන්ට පහරදීමට සූදානම් වීම නිසා නැවත ගිලන් රථය හරවා රෝහල වෙත පැමිණ රාත්‍රී සේවය කරමින් සිටි බාහිර රෝගී අංශය භාර නිලධාරිවරයාට මේ බව දන්වා තිබෙනවා.

ඒ අවස්ථාවේ මොහු ඇතුළු තරුණ පිරිස රෝහලට ද පැමිණ ‘අඩෝ මේකේ පාලකයා මගේ තාත්තා’ පුළුවන් නම් ඕනෑ දෙයක් කරපියව්’ කියා කෑ ගසා තිබෙනවා.

ඒ අනුව මේ සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත රෝහලින් දැනුම් දී ඇති අතර ගිලන් රථ රියදුරු වන බේලින් ගුණතිලක අය පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා සහකාර පොලිස් අධිකාරි චූලනි වීරරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවටත් අපට වාර්තා වුණා.
 
Related Posts with Thumbnails