Ads 468x60px

.

දොළුකන්ද හාමුදුරුවන්ට වෙඩි වැදිලා...

ස්වාමීන් වහන්සේ වහාම ශල්‍යකර්මයක...

සාලියවැව - විළඳගගොඩ රාජමහා විහාරගේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ‍වෙඩි වැදීමකින් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (09) වැනි දින දහවල් මෙම සිදුවීම සිදුවී තිබෙනවා

තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ විළඳගොඩ රාජමහා විහාරගේ විහාරාධිපතිව වැඩ විසූ අනුරාධපුර චන්දවිමල ස්වාමීන් වහන්‍සේය. තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ කළක් දොළුකන්ද විහාරස්ථානයේද වැඩ සිට තිබෙනවා.

තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානගේ සිට පිටතට වැඩම කරමින් සිටින විට සතුන්ට ඇටවු ගිනි අවියකට ගොඳුරු වී ඇති බව දැනට කරන ලද විමර්ශණ වලදී පැහැදිලි වී ඇති බව සාලියවැව පොලීසිය කියනවා

තුවාල ලබා රෝහල් ගත කර ඇති ස්වාමීන් වහන්සේට එල්ලවු ගිනි අවියේ හිමිකරු කව්රුන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියනවා. තුවාල ලබා ඇති ස්වාමීන් වහන්සේ ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව පුත්තලම මුලික රෝහල් ප්‍රකාෂිකාවක් කියා සිටියා.
 
Related Posts with Thumbnails