Ads 468x60px

.

සමුහ මිනීවල ගැන මාතලේ මවකගෙන් විශේෂ හෙළිදරව්වක්...

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි 'රෙස්ට් හවුස්' කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබෙනවා.

පුල්මුඩේ පදිංචිව සිටි ඇය එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබුනා.


එවක‍ට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල, වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.

"එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරගෙන  ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ... තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා."

ඇයගේ මතකය අනුව යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් ඇගේ අයැදුම පිට කඳවුරට ගොස් තවමත් ඇගේ පුතුන් දෙදෙනා කඳවුරේ සිටින බව දන්වා ඇති නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බව දන්වා තිබේ. ඉන්පසු ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා (MCO) හමුවන ලෙසය.

"මගෙ හදවත කඩා වැටුණා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අ‍පේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා... මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්‍රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා."

ඇය ඉන්පසු දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගිය අතර දරුවන් මාතලේ විවිධ කඳවුරු බලා ගෙන ගොස් ඇති බව කියමින් සෙබළුන් ඇය ඒවා බලා පිටත් කර යවා තිබේ.

ඇය රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට මෙම සිදුවීම දැන්වූවද ඇගේ ලිපි ලද බව දැන්වීමකට වැඩි දෙයක් සිදුවී නැත.

පසුකාලීනව නිදහස් වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇයට පවසා ඇත්තේ, ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය. එසේම ඔවුන් කියා ඇත්තේ, ඒ යටතේ වධ කඳවුරක් ක්‍රියාත්මක වූ බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය බලයට පැමිණීමෙන් පසු අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කරන බව පැවසූවද තමන් තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් මරණ සහතික ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇය, " මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ." ඇය කියයි.

වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්‍රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ. "ඒත් මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ." ඇය වැඩිදුරටත් කියයි.


ඒ පිලිබඳ තව දුරටත් 

මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වතිබෙන මාතලේ සමුහ මිනීවල 1986 හා හා 1990 අතර සිදුවූවක් බවට සාක්ෂි මේ වනවිට තහවුරු කරගෙන තිබේ. නමුත් තවමත් ඇතැම් රජයේ වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳව දෙබිඩි මතයන් පළකරන්නේ කව්රු ආරක්ෂා කිරීමේ උවමනාවෙන්ද යන්න පිලිබඳ සැකයක් පවතී. 

මාතලේ සමුහ මිනීවලට සම්බන්ධ ප්‍රධාන් පාර්ශව දෙක වන්නේ එකල එක්සත් ජාතික පාක්ෂික රජය සහ ජනතා විමුක්ති පෙරමුණය. නමුත් මේවනවිට මෙය රජයතුල වඩාත් උණුසුම් වී ඇත්තේ එකල මාතලේ හමුදාවේ ඉහල නිලයක් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් දරා ඇති හෙයිනි.

එය "ගොටාස්වෝර්" නම් කෘතියේ ඉතා පැහැදිලිව දක්වා ඇත. මේ පිලිබඳ තවත් සාක්ෂි මාතලේ භීෂණ කාලයේ සිය පුතුන් දෙදෙනාම අහිමිවූ මවක් විසින් හෙළිකොට තිබේ. මාතලේ කේ.ජී කමලාවතී මාතලේට පැමිණෙන්නේ සිය පුතුන් දෙදෙනා පැහැරගැනීමට මාස හතරකට පමණ පෙරය. ඇය පදිංචිව සිටි පුල්මුඩේ ප්‍රදේශයෙන් ඉවත්ව මාතලේට පැමිණෙන්නේ එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙනි. 

සැමියාගේ වියෝවෙන් පසුව කමලාවතී සිය දරුවන් දෙදෙනා තනිව රැකබලාගනිමින් සිට ඇත. කමලාවතිගේ දරුවන් දෙදෙනා එවක‍ට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිට ඇතිඅතර නමින් සුසන්ත ජනක (18) සහ රෝහන නිශාන්ත (17) වේ. 
මාතලේ වරක්න්ද වත්ත, උකුවෙල ප්‍රදේශයේ පිහිටි කමලාවතිගේ නිවසේ දහවල් ආහාරය ගනිමින් සිටියදී සුසන්ත සහ රෝහණ හමුදාව විසින් රැගෙන ගොස් තිබේ. 

මේ ඒ පිලිබඳ විස්තර කරන කමලාවතිගේ හඬය 
මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරගෙන ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ.

තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා.
යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් විසින් ඇයට පවසා ඇත්තේ ඇගේ පුතුන් දෙදෙනා තවමත් කඳවුර තුල සිටිනු දුටු බවත් නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බවය.

එම සිදුවීමෙන් පසුව ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා (MCO) හමුවන ලෙසය.

මට මහා දුකක් දැනුනා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අ‍පේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා.මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්‍රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා. 
ඉන්පසු කමලාවතී දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගියත් එහි සිටි සෙබළු විසින් කමලාවතිව වෙනත් කඳවුරු බලා පිටත්කොට ඇත්තේ පුතුන් දෙදෙනා එයට මාරු කල බව සඳහන් කරමිනි.

තම පුතුන් දෙදෙනා පැහැරගැනීම පිළිබඳව රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට දැන්වුවද එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

පසුව රෙස්ට් හවුස් කඳවුරේ සිට නිදහස් වූ කණ්ඩායමක් පවසා ඇත්තේ ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය.

එම කඳවුර වධක කඳවුරක් බවද වොඋන් විසින් ඇයට හෙළිකොට තිබේ. එම සිදුවීමෙන් වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්‍රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ.

මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ.
අවසන් වශයෙන් අදහස් දක්වා තිබු කමලාවතී

මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ.
එකල සිදුවීම පිලිබඳ අදහස් දක්වන අද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක

මට ඒ සිදුවීමනම් හරියට මතක නැහැ,,ඔය වගේ ගොඩාක් කරුණුවලදී මම මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා..මොකද ඒ කාලේ මම තමා විරුද්ධ පක්ෂයෙන් හිටපු එකම කෙනා..අනිත් හතර දෙනාම එක්සත් ජාතික පක්ෂේ..ඒ කාලේ හමුදා සම්බන්ධීකරණ ධුරය දරපු ගෝඨාබය රාජපක්ෂ මහතා මාත් එක්ක ඉතා සහයෝගයෙන් වැඩ කලා..ඒ වගේම ඔහු තරුණයන්ට කරුණාවෙන් සැලකුවා.


 
Related Posts with Thumbnails