Ads 468x60px

.

වත්සලා තකහනියෙම ගෙදරට දුවන් එන හේතුව

නැන්දවත් කුදලගෙන වාහනයට දාගෙනලු එන්නේ...

වත්සලා අක්කගේ ඉලව් ආදරේ...
මට සත්තු බලන්න දුන්නේ නෑ...

නංගි ගැන කියපු හින්දම අක්කා ගැනත් නොකියා හොඳ නෑ කියලා හිතුණා. අපි මේ කියන්නේ වත්සලා, බුවිනි අක්ක නගෝ ගැනයි. නංගි ගැන අපි කිව්වනේ. අක්කා ගැන අපිට ආරංචි වුණේ මෙන්න මේ වගේ දේවල් ටිකක්.

නංගි අම්මට උයන්න උදව් කරනවා කියලා ගියාට කියව කියව ඉඳලා වැඩ පරක්කු කරනවානේ. හැබැයි ඉතින් අක්කා උයන්න දෙන්නෙත් නෑලු.

වත්සලා ගෙදර එන්නේ වත්සලාගේ අම්මාගේ ගෙවල්වල ළඟ ඉන්න නැන්දා කෙනෙක් එක්කලු. ඒ කියන්නේ වත්සලා ගෙදර එන ගමන් ඔය කියන නැන්දලාගේ ගෙවල් ළඟ වාහනය නවත්තලා

නැන්දවත් කුදලගෙන වාහනයට දාගෙනලු එන්නේ. නැන්දලාගේ ගෙදර මොන වැඩේ පාඩු වුණත් වත්සලා එක්ක එන්නම වෙනවාලු ඒ වෙලාවට. ඒ එන්නේ වෙන මොකකටවත් නෙමෙයි. කාඩ් ගහන්න.

වත්සලාගේ අම්මයි, නංගියි, වත්සලායි, අර එක්කගෙන එන නැන්දයි 4 දෙනයිනේ. වැඩේ හරි. කාඩ් ගහන්න 4 දෙනෙක් එපැයි. ඔන්න ඕකට තමයිලු වත්සලා තකහනියෙම ගෙදරට දුවන් එන්නේ. ඒ ඇවිල්ලත් උයන්න දෙන්නේ නෑලු. “අනේ අම්මා අපි අද කාඩ් ගහමුකෝ.” ඉතිං ඉවරයි. තාත්තාට මොනවා හරි ටිකක් හැදුවා. වත්සලා ආපහු යනකම්ම කාඩ් ගහනවා. ඔන්න ඕක තමයි අක්කගේ රාජකාරිය.

අපිට ආරංචි වුණා වත්සලා එයාගේ මල්ලියාට ගොඩාක් ආදරෙයි කියලා. මල්ලියානම් තාම ඉස්කෝලේ යනවා. වත්සලා එයාගේ මල්ලිව තනියෙන් කොහේටවත්ම යවන්නේ නෑලු. අඩුම තරමේ ඒ මල්ලි අද වෙනකම් ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකක්වත් ගිහින් නෑ කියලා තමයි අපිට නම් ආරංචි වුණේ.

මේ ළඟදි දවසක ගෙදර කට්ටිය එකතු වෙලා දෙහිවල සත්තු වත්ත බලන්න ගිහින් තිබුණා. මල්ලි ළඟින්ම හිටපු වත්සලා මල්ලිට සත්තු හිටපු කිසිම කූඩුවක් ළඟට යන්න දීලා නෑ. අන්තිමට ගෙදර ආපු වත්සලාගේ මල්ලි අම්මලට කියලා තියෙන්නේ “සත්තු වත්තට ගියාට මං එක සතෙක්වත් දැක්කේ නෑ අම්මේ. අක්කා මට සත්තු බලන්න දුන්නේ නෑනේ” කියලලු. අක්කගේ ඉලව් ආදරේ කියලා මල්ලිට හිතෙන්න ඇත්තේ එදා තමයි.


හැම තිස්සෙම කටර් එකක් වගේ කියවන බුවිනි ගැන ඇත්ත කතාවක්... 
 
Related Posts with Thumbnails