Ads 468x60px

.

සේමිණී වෙනුවෙන් ඇගේ සැමියා කතා කරයි...

ඔය කතා ඇත්තද නැද්ද? කියලා හොඳටම දන්නේ මමයි - ධම්මික ඉද්දමල්ගොඩ

මින් ඉදිරියට දමිතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වන්නේ නැහැ - සේමිණී ඉද්දමල්ගොඩ

රංගන ශිලිපිනී දමිතා අබේරත්න කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔබේ බිරිඳ වන සේමිණී ඉද්දමල්ගොඩ ඇයට එරෙහිව නඩු පැවැරුවා. 

ඇයි එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා යොමුවූණේ?

මේ අවස්ථාවේ ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය තමයි අපි ගත්තේ. නීතිය ගැන හොඳට දන්න මිනිස්සු විදියට නීතිමය රාමුවක් ඇතුළේ ගන්න පුළුවන් හොඳම පියවර අපි මේ අවස්ථාවේදී ගත්තා. මේ වගේ දේවල් මින් ඉදිරියට සිදුවීම නවතීවි කියන අපේක්ෂාවෙනුයි අපි මේ ක්‍රියාමාර්ගය සඳහා යොමුවුණේ.

සේමිණී නීතිමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවුණේ ඔබේත් උපදෙස් ලබාගෙනද?

ඔව්. සේමිණීට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් ඒක බලපාන්නේ ඇයට විතරක් නමෛයි. මම, අපේ දියණිය සහ සේමිණී යන තුන්දෙනාටම ඒක බලපානවා. ඒ වගේම අපේ ඥාතීන්ටත් ඒ ගැටලුව බලපානවා. ඒ නිසා ඇයට ගැටලුවක් ඇතිවුණු අවස්ථාවක

අප දෙදෙනාම සාකච්ඡා කරලයි ඒ සඳහා පියවර ගන්නේ. මේ ගැටලුව ඇතිවූවිටත් අපි දෙදෙනාම සාකච්ඡා කරලයි නීතිමය ක්‍රියාමාර්ගයකට යොමුවුණේ.

සේමිණී සහ දමිතා යන දෙදෙනාම කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ශිල්පිනියන් දෙදෙනෙකු නිසා මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස ඔබ ඔබේ බිරිඳට උපදෙස් දුන්නේ නැද්ද?

සමාදාන වෙනවානම් විය යුත්තේ වැරැද්දක් කරන්න පෙරයි. සමාව ගැනීමක් වුවත් තිරය පිටුපසදීයි කළ යුත්තේ. ප්‍රශ්නය එළියට දාලා ඒක හැමදෙනා අතරටම ගියාට පස්සේ සමාදාන ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමෙන් ඵලක් නැහැ. එවිට ගතයුතු හොඳම පියවර තමයි රටේ පවත්නා නීතිය හමුවේ, වැරදි කළ කෙනාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටීම.

දමිතා අබේරත්න සේමිණී සම්බන්ධයෙන් එල්ලකරන චෝදනා ගැන ඔබට ඇත්තේ මොනවගේ අදහසක්ද?

ඇත්තටම සමහර ප්‍රශ්න ගැන හොයන්න තරම් මට වෙලාවක් නැහැ. ප්‍රශ්නයක් ඇතිවුණාම සේමිණී තමයි ගෙදර ඇවිල්ලා මාව ඒ ගැන දැනුවත් කරන්නේ. එවිටයි මම දැනගන්නේ, මොනයම්හෝ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා කියලා. 


ගොඩක් වෙලාවට ප්‍රශ්නය එළියට පනිනකොට තමයි මම ඒ ගැන දැනගන්නේ. රන් එෆ් එම් නාලිකාව සහ ගොසිප් 9 වබේ අඩවිය සම්බන්ධ ප්‍රශ්න ඇතිවූ අවස්ථාවලදීත් ඒවා සම්බන්ධ පියවර ගත්තේ ඒ විදියට දැනගත්තාට පසුවයි.

දමිතා සහ සේමිණී අතර ඇතිවී තිබෙන මෙම මතභේදය ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතයට බලපා තිබෙන්නේ මොන ආකාරයටද?

එය අපේ විවාහ ජීවිතයට ඉතා නරක අයුරින් බලපාලා තියෙනවා. නමුත් අපි එකිනෙකා ගැන අවබෝධයෙන් සිටින නිසා අපේ පවුල කඩා විසුරුවන්න කාටත් නොහැකිවී තිබෙනවා. මොකද ඔය කතා ඇත්තද නැද්ද කියලා හොඳටම දන්නේ මමයි. ඔය කතා පස්සෙම එල්ලිලා ඉන්න ස්වාමිපුරුෂයෙකුට නම් මේක විවාහ ජීවිතය බිඳවැටීම දක්වා දුරදිග යන ප්‍රශ්නයක්.

දමිතා අබේරත්න කියන ශිල්පිනිය ඔබ දකින්නේ මොන විදියටද?

ඇය ගැන කිසිම අදහසක් මට නැහැ. කතා කරන්න කිසිදු දේකුත් නැහැ. ඇය සම්බන්ධයෙන් ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි මේ අවස්ථාවේදී අරගෙන තිබෙන්නේ.


ඉකුත් සති කිහිපය තුළ, අපේ රටේ වැඩිපුරම කතාබහට ලක්වූ රංගන ශිල්පිනියන් දෙදෙනා සේමිණී ඉද්දමල්ගොඩ සහ දමිතා අබේරත්න බවට සැකයක් නැත. 

ඒ කතාබහ ඇරඹුණේ, එක්තරා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී දමිතා අබේරත්න තමාගේ නම ඈඳාගෙන අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි චෝදනා නගමින්, සේමිණී ඉද්දමල්ගොඩ ඉකුත් 21වැනි දින රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පැවැරීමත් සමගය. 

ඇය එසේ නඩු පැවැරීම සම්බන්ධයෙන් දමිතා අබේරත්න දැක්වූ අදහස්, පසුගිය සතියේ අපි ඉදිරිපත් කළෙමු. රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩගේ පාර්ශ්වයටද අදහස් දැක්වීමට අවස්ථාව ලබාදීමක් ලෙස, සේමිණී සහ ඇගේ සැමියා වන ධම්මික ඉද්දමල්ගොඩ මෙවර අපි මෙසේ සංවාදයට එක්කර ගතිමු.

මින් ඉදිරියට දමිතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වන්නේ නැහැ - සේමිණී ඉද්දමල්ගොඩ
මා මේ සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරණය කළා. පසුගිය දිනවල දමිතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මා මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඇතැම් මාධ්‍ය විසින් එහි අර්ථයට හානිවන ආකාරයෙන් පළකර තිබෙනවා. මෙය මගේ පෞද්ගලික ජීවිතයටත් ප්‍රශ්නයක්. නමුත් මා දමිතට විරුද්ධව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග නවතා දමන්නේ නැහැ.
 
Related Posts with Thumbnails