Ads 468x60px

.

විමල්ගේ මඩ වෙබ් අඩවියට නඩු දානවා – බොදු බල සේනා...

'සි නිවුස්' වෙබ් අඩවියට එරෙහිව බොදුබල සේනා නඩු මගට...

නිවාස ඇමති විමල් වීරවංශගේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකට විරුද්ධව නඩු මගට බසින බවට බොදු බල සේනා සංවිධානය පවසනවා.

අනුරාධපුර නගරයේ පිහිටි මුස්ලිම් දහම් පාසලක් වැටලීමට බොදු බල සේනාව නැමැති සංවිධනයක් සැරසෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි සදහන් ප‍්‍රවෘත්තියක් විමල්ගේ වෙබි අඩවියේ පලවී ඇති බවත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින බව හගවා තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් කි‍්‍රයාකරන මෙවැනි මඩ වෙබි අඩවි කි‍්‍රයා කරවන්නන්ට එරෙහිව නඩුමගට බැසීමට තමන් තීරණය කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ නායකයෙකු වන දිලන්ත විතානගේ
මහතා අපත් සමග දුරකතන සංවාදයකට එක් වෙමින් පැවසුවා.

මෙතෙක් කලක් බොදු බල සංවිධානයට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුල විශාල මතවාදී සහයෝගයක් දැක්වූ විමල් වීරවංශගේ වෙබ් අඩවිය සහ බොදු බල සංවිධානය අතර ඇතිවී තිබෙන මෙම ඝට්ටනය සිංහල ජාතිවාදි කදවුරෙ මුදුනා වීමෙ අවශ්‍යතාවය මත සිදුවන්නක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ
පවසනවා.

"මුස්ලිම් දහම් පාසල් වැටලීමට බොදු බල සේනාවේ සූදානමක්'' යන ශීර්ෂයෙන් යුතුව, තම සංවිධානය සම්බන්ධයෙන් 'ලංකා සි නිවුස්' වෙබ් අඩවියේ ඊයේ (03) පස්වරුවේ පළකර ඇති පුවත, ජනතාව තුළ කලබලයක් ඇති කිරීමේ හා තම සංවිධානය කෙරෙහි අප්‍රසාදයක් මතු කිරීමේ අරමුණින් පළකර ඇති පුවතක් බව බොදු බල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා තව දුරටත් පවසනවා.

''අනුරාධපුර මල්වතුඔය ඩික්සන් පටුමග ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මුස්ලිම් දහම් පාසල එම ස්ථානයෙන් ඉවත් කර නොගතහොත් එම දහම් පාසල බලහත්කාරයෙන් ඉවත් කිරීමට බොදු බල සේනාව නමැති සංවිධානයක් අනුරාධපුරයට පැමිණීමට සූදානමක් ඇති බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා අධිකරණයට දැනුම් දී තිබෙන''  බවට 'ලංකා සි නිවුස්' වෙබ් අඩවියේ පලවී ඇති පුවත පිළිබඳව '
අප' කල විමසීමේදී විතානගේ මහතා එසේ පැවසුවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතාගේ අධික්ෂයන යටතේ පවත්වාගෙන යනු ලබන එම වෙබ් අඩවියේ පළවූ එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන්
වෙනවා.

''අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය හමුවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් තවදුරටත් කරුණු දක්වමින් පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ යම් හෙයකින් බොදු බල සේනාව නමැති මෙම සංවිධානය අනුරාධපුරයට පැමිණ බලහත්කාරයෙන් ප‍්‍රශ්නගත මුස්ලිම් දහම් පා
ල ඉවත් කිරීමට උත්සාහ කළහොත් අනුරාධපුර නගරයේ සිංහල-මුස්ලිම් ජනතාව අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

ප‍්‍රශ්නගත මුස්ලිම් දහම් පාසලට මීට පෙ ද කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් පහර දී ඇති බව පොලිස් අධිකාරිවරයා කීය. එසේ හෙයින් මෙම මුස්ලිම් සහ සිංහල ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවීමට සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ද පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ. එස්. එම් ෆවුසි මහතා ඇතුළු එහි පාලක සභාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා කියා සිටියේ බොදු බල සේනාව නමැති සංවිධානය ත‍්‍රස්තවාදී මෙන්ම ගෝත‍්‍රික සංවිධානයක් බවයි.''

මෙම පුවත් වාර්තාව සම්බන්ධයෙන් '
අප' වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ බොදු බල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා,

සිංහල බෞද්ධ වෙනුවෙන් පෙනීසිටින බව කියමින් පෞද්ගලික වාසි ලබාගත් සමහර උදවිය, බොදු බල සේනා සංවිධානය ගම මට්ටමින් ක්‍රියාත්මක වීමත් සම්ග කලබලයට පත්වෙලා. එවැනි මඩ වෙබ් අඩවි  පිටුපස සිටින පුද්ගලයින්ගේ හෙළුව දැන් පැහැදිලිව හෙළිවෙමින් තියනවා.  

ඔය කියන පුවත පට්ටපල් බොරුවක්. බොදු බල සේනාව සම්බන්ධයෙන් එවැනි පැමිණිල්ලක් ලැබිලා නැහැ.  අපි ඒගැන සම අංශයකින්ම සොයා බැලුවා. බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් එවැනි කිසිදු දෙයක් අධිකරණයක සිදුවී නැහැ. 

මෙය ජනතාව අතර කලබලයක්, නොසන්සුන් තාවයක් ඇතිකරන හදන කුමන්ත්‍රණයක මුලික පියවරක්. අපි මිට එරෙහිව නඩු කියන්න තීරණය කළා'' යයිද පැවසුවා.

 
Related Posts with Thumbnails