Ads 468x60px

.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පලක් නෑ : ෂරියා නීතිය රටට හොඳයි - තරුණ පිරිසක් කියයි...

ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවීම පාවාදීමක්ලු

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාකිස්තානයට යහපතක් සිදුව නැති බව පාකිස්තාන තරුණ පරපුරෙන් අඩකට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන අතර 40% කට ආසන්න ප්‍රමාණයක් ඉස්ලාමීය ෂරියා නීතිය රටට වඩා යෝග්‍ය බව කියා තිබෙනවා.ඊයේ ප්‍රකාශයට පත් සමික්ෂණ වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා.

පාකිස්තානය මැයි 11 දා ඓතිහාසික මහ මැතිවරණයක් පවත්වනු ලබන මුත් බ්‍රිතාන්‍ය මණ්ඩලයෙන් නිකුත් එම වාර්තාවෙන් දැක්වෙන්නේ පවත්නා දේශපාලන ක්‍රමය පිළිබඳව වයස අවුරුදු 18-29 අතර ඡන්ද දායකයන් අතර ඇත්තේ දැඩි අසුබවාදී මතයක් බවයි.

'ඉදිරි පරපුර මැතිවරණයට යොමු වෙයි' යන හිසින් නිකුත් මේ සමීක්ෂණ වාර්තාවෙහි පාකිස්තානය වැරැදි දිශාවකට ගමන් කරන බව 96% ක් විශ්වාස කරන බවත් 3/1ක් ම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා හමුදා පාලනය ප්‍රිය කරන බවත් සඳහන්ව
තිබෙනවා.

පාකිස්තානයට ප්‍රජාතන්ත්‍රවාදය සුදුසු බව 29%ක් ප්‍රකාශකර
තිබෙනවා. 38%ක් පවසා ඇත්තේ ව්‍යවස්ථාපිත ඉස්ලාමිය ජනරජයක් යටතේ ෂරියා නීතිය ක්‍රියාත්මක වනු දැක්මට රිසි බවය. අයිතීන් හා නිදහස භුක්තිවිඳීමට මෙන්ම ඉවසීම ප්‍රගුණ කරනු පිණිස එය යෝග්‍ය බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

තවද සමීක්ෂණයට යොමු වූ කිසිවකු ප්‍රජාතන්ත්‍රීය නොවන ඉස්ලාමිය රජයක අත්දැකීම් විඳ නොතිබුණු අතර එවන් ක්‍රමයකින් ලැබෙන දේ පිළිබඳව සමහරකුගේ ඇත්තේ අපේක්ෂා සහගත දැක්මක් බව වාර්තාවේ දැක්වෙනවා.

මෙහි දී එක් පුද්ගලයකු පවසා තිබුණේ ඔහු කලීෆා පාලනය කෙරේ විශ්වාසය තබන අතර ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවීම යනු රටත් ආගමත් අමෙරිකාවට පාවාදීමක් වන බවයි.


 
Related Posts with Thumbnails