Ads 468x60px

.

චන්ද්‍රිකා - සනත් ඉලක්ක කර මඩ ප්‍රහාරයක් !

චිත්‍රපට නිෂ්පාදනය කර මුදල් ගසා කාලාලු....

ප්‍රංශයෙන් මීට වසර දහයකට පමණ පෙර ආනයනය කළ අද වන විට රුපියල් ලක්ෂ විසිදහසක් පමණ වටිනා චිත්‍රපට සැකසුම් සහ නිෂ්පාදන උපකරණ තොගයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන රජයේ ගබඩාවක ගොඩගසා තිබෙන බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද (04) විශේෂ හෙළිදරවුවක් යටතේ අනාවරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනිය හා එකල ඇයගේ මාධ්‍ය උපදේශකව සිටි ජනප්‍රිය නළු සනත් ගුණතිලක මහතා ඉලක්ක කර ගනිමින් මෙම පුවත් වාර්තාව පළකර ඇති අතර, එහි වැඩි දුරටත් මෙසේද දැක්වෙනවා .


'' කිරුළපන පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ගබඩාවේ ගොඩ ගසා ඇති මෙම උපකරණ තොගය ප්‍රංශ ණය ආධාර යටතේ ගෙන්වා ඇත්තේ 1999 - 2001 අතර කාලයේදී ජනාධිපති උපදේශකත්වයක් දැරූ ජනප්‍රිය පුද්ගලයකුගේ දැඩි බලපෑම් මතය. මෙම උපකරණ සඳහා මේ වන විටත් ‍එම රටට රජයෙන් ණය ගෙවනු ලබන බවටද තොරතුරු ලැබී
තිබෙනවා.

එහෙත් එම උපකරණ ගෙන්වන ලද ආකාරයෙන්ම මේ වන විටත් වායුසමීකරණ යටතේ තබා ඇතත් ඉන් ප්‍රයෝජනයක් ගැනීම මේ දක්වා සිදු කර නොමැත.

විදේශ රටකට ගොස් අධික වියදමක් දරා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පිළියමක් වෙනුවට විදේශ විනිමය ඉතිරි කර මෙරටදීම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට යැයි මෙම උපකරණ තොගය ගෙන්වා ඇත්තේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ අනුදැනුමද මතය. එම කාලයේදී ඒවා රුපියල් ලක්ෂ දසදහසක පමණ ණය ගිවිසුමක් මත ගෙන්වා
තිබෙනවා.

මෙතරම් විශාල වටිනාකමකින් යුත් චිත්‍රපට නිෂ්පාදන උපකරණ ප්‍රයෝජනයට නොගෙන ගොඩගසා තිබීම සම්බන්ධව ඒවා ගෙන්වන කොන්ත්‍රාත්තුව ලබාගත් නියෝජිතයා ඇතුළු ඒ හා සම්බන්ධ පුද්ගලයෝ විවිධ අදහස් පළ කර සිටි
නවා.

එහිදී ඇතැම් අය පවසා සිටින්නේ මෙරටදී චිත්‍රපට නිෂ්පාදනය කිරීම වෙනුවට ඇතැම් පිරිස් ඉන්දියාවට ගොස් තවදුරටත් චිත්‍රපට නිෂ්පාදනය කර මුදල් ගසා කෑමේ අරමුණ මත මේ උපකරණවලින් ප්‍රයෝජන නොගන්නා බවයි.

තවත් පුද්ගලයන් පවසා සිටින්නේ මෙම උපකරණ මෙරටට නොගැළපෙන බවත් කොමිස් ජාවාරම සඳහා පමණක් ඒවා ගෙන්වා ඇති බවයි. කෙසේ වුවද මෙම උපකරණ තොගය පිළිබඳ කිසිම නිලධාරියෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ඒ සඳහා යෙදවූ රටේ මූල්‍ය සම්පත පමණක් විනාශ වී
තිබෙනවා.''

 
Related Posts with Thumbnails