Ads 468x60px

.

ආසියාවෙ Sexiම ගැහැනිය තේරීමේ තරඟයෙන් ලංකාව ඉබේම අවලංගු වී ගිය හේතුව...

ඉන්දියාවේ NDTV රූපවාහිනියේ සහ "ඊස්ටන් අයි" සඟරාවේ වැඩක්, යම් කිසි තරගයක්, එසේත් නැත්නම් දර්ශකයක් ගොඩනැංවීමේදී එය වඩාත් සාධාරණවීමට නම් ඒ සඳහා සලකා බැලෙන සෑම දෙයක්ම එකසේ සැලකිල්ලට ගත යුතුය. එසේ නොවුණ හොත් අපට ලැබෙන ප්‍රතිඵල සාධාරණ නොවේ. 

නමුත් ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනී ආයතනයක් වන NDTV හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත් පතක් වන"ඊස්ටර්න් අයි" එකතුව මගින් සෑම වසරකම පවත්වනු ලබන 'අනුරාගීතම ආසියානු කාන්තාව‘ තේරීමේ තරගය හෙවත් දර්ශකය මෙසේ සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නක් බැව් පෙනේ. ඒ පිළිබඳ අනෙකුත් ඉන්දියානු හා ආසියානු මාධ්‍ය ආයතන ද චෝදනා නගන්නට පටන් ගෙන තිබේ.

ඔවුන් සිය
වෙබ් අඩවියෙහි අනුරාගීතම ආසියානු කාන්තාවන් පනස් දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබේ.නමුත් එහි අඩංගු වන්නේ ආසියානු රටවල් තුනකට අයත් කාන්තාවන් පමණි. 

ඒවා නම් ඉන්දියාව,පාකිස්තානය හා බංග්ලාදේශය පමණි. නමුත් ආසියාව යනු රටවල් ගණනාවක එකතුවකි. ඒ සෑම රටකම සුරූපී හා අනුරාගී කාන්තාවන් කොතෙකුත් සිටින්නට පුළුවන. 

නමුත් ඔවුන්ගේ නාලිකාව ඉන්දියාව සමග තවත් රටවල් තුනක් පමණක් මේ සඳහා සැලකිල්ලට ගෙන අවසන් ප්‍රතිඵලය සඳහා 'ආසියාවේ අනුරාගීතම කාන්තාවන්’ යනුවෙන් නම කිරීම සාධාරණ නැති බැව් දැන් බොහෝ දෙනකු පවසන්නට පටන්ගෙන තිබේ.

සැබැවින්ම මෙය අප රටට ද බලපාන ප්‍රශ්නයකි. ඔවුන්ගේ මෙම 'ආසියානු’ හැඳින්වුම සිදු කෙරෙන මෙම තේරීමේදී අප රට ද කිසිදු ගණනයකින් තොරව ඉබේ අවලංගු වී තිබේ.

තත්ත්වය එසේ වුවත් ඔවුන් ඉදිරිපත් කොට ඇති තොරතුරු ඔබට පවසන්නට අපි තීරණය කළෙමු. එය සාධාරණ නොවන බව ඔබට ද හැඟී යනු ඇතිමුත් මෙය අපූරු දර්ශකයක් බැවින් ඔබ ඒ පිළිබඳ දැනගන්නට කැමැත්තෙන් ඇතැයි අපේ හැඟීමයි.

ඔවුන් මෙසේ ඉදිරිපත් කොට ඇති ලැයිස්තුවේ හතළිස් දෙනකුම ඉන්දීය ජාතික කාන්තාවන් වන අතර පාකිස්තානයෙන් හය දෙනකු ද බංගල්දේශයෙන් දෙකක්ද සිටිති. 


ඉන්දීය කාන්තාවන් හතළිස් දෙකක්ම සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් මෙයින් බලා‍පොරොත්තු වන්නේ ඉන්දියානු කාන්තාවන් උසස් හෝ දක්ෂතාවයන්ගෙන් යුක්ත බැව් ලෝකයට හඟවන්නට පුළුවන. නමුත් ලැයිස්තු දෙස බලන විට මෙය සාධාරණ නොමැති බවට චෝදනා එල්ල වන්නේ ද මේ නිසාමය.

ඔවුන්ගේ මේ ලැයිස්තුවේ පළමු පස් දෙනාම ඉන්දියානු ජාතික කාන්තාවන්ය.ඔවුන්ගෙන් හතර දෙනකුම ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිළියන් වීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ ලැයිස්තුව මෙසේය.


1. කත්රිනා කායිෆ්,
2. ප්‍රියන්කා චොප්රා ,
3. ෆ‍්‍රීඩා පින්ටෝ(ස්ලම් ඩෝග් මිලියනයර් හි රඟපෑ නිළිය ).
4. ලයිලා රූසස් ( මෝස්තර නිරූපණ ශිල්පිනියකි).
5. කරීනා කපූර්.


පළමු දස දෙනා ගතහොත් එහිද ඉන්දියානු කාන්තාවන් නවදෙනෙක්ම සිටිති. ඔවුන්ගෙන් ද බහුතරයක් සුප්‍රකට සිනමා නිළියන්ය, බිපාෂා බාසු,ලාරා දත්තා, අයිෂ්වර්යා රායි බච්චාන් හා දීපිකා පදුකෝන් එම නිළියන්ය.

පළමු දස දෙනා අතරින් නව වැනි තැන පසුවන කාන්තාව අයත් වන්නේ පාකිස්තානයටය. ඊට අමතරව මෙම පනස් දෙනාගේ ලැයිස්තුවේ තවත් ඉන්දියානු සිනමා නිළියන් කිහිප දෙනෙක්ම සිටිති.ඔවුන් අතර අසින්ල ශිල්පා ෂෙට්ටි, විද්‍යා බාලන්,සෝනාම් කපූර්, රානි මුඛර්ජි, ප‍්‍රීටි සින්ටා, ඊෂා ඩියොල් හා කමල් හසන්ගේ දියණිය වන සෘති හසන් ද වෙති.

ඉන්දියාවේ සිටි සුප්‍රකට සිතාර් වාදන ශිල්පියකු වූ රවි ශන්කර්ගේ දියණිය වනල දැනට එංගලන්තයේ වෙසෙන දක්ෂ සිතාර් වාදන ශිල්පිනියක වූ අනුෂ්කා ශන්කර් ද මෙම ලැයිස්තුවේ දක්නට ලැබේ. ඇය පසුවන්නේ හතළිස් පස් වැනි ස්ථානයේය. 


බංග්ලාදේශයෙන් මෙම ලැයිස්තුවට අයත්ව සිටින කාන්තාවන් දෙදෙනා අතරින් එක් තැනැත්තියක් වන කොනී හක් හතළිස් වැනි ස්ථානයේ පසුවන අතර අනෙක් තැනැත්තිය වන ටස්මින් ලුසියා ඛාන් විසිඅට වැනි ස්ථානයේ පසුවන්නීය.

මේ ඉන්දියාවේ NDTV හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත්පතක් වන'ඊස්ටර්න් අයි’ මගින් ඉදිරිපත් කළ ලැයිස්තුවයි. නමුත් මෙයට චෝදනා කරනා පාර්ශ්ව පවසන්නේ මෙය වඩාත් සාධාරණ වන්නේ සියලු ආසියානු රටවල කාන්තාවන් මේ සඳහා සැලකිල්ලට ගැනීමෙන් බවය. 


එමෙන් අනුරාගීතම ආසියානු කාන්තාව තෝරා ගත යුත්තේ සමස්ත කාන්තාවන්ගෙන්ම විනා යම් යම් ක්‍ෂේත්‍රවලින් ප්‍රසිද්ධියට පත් කාන්තාවන්ගෙන් නොවන බවද සමහරෙක් පවසති.

ඒ අනුව NDTVනාලිකාව සහ 'ඊස්ටන් අයි' පුවත් පත ඔවුන්ගේ මීළඟ ලැයිස්තුව එවැනි සාධාරණත්වයකින් යුක්ත වේ යැයි කවුරුත් බලා‍පොරොත්තු වෙති. ඒ අනුව අනුරාගීතම ආසියානු කාන්තාව තේරීමේ තරගයෙන් ශ්‍රී ලංකික කතුනට ද යම් අවස්ථාවක් හිමිකර ගත හැකිවනු ඇත.
 
Related Posts with Thumbnails