Ads 468x60px

.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ හරක් වැඩ...

නැගෙනහිර ප්‍රදේශයේ හමා යන සුළි කුණාටුව හැඳින්වීම සඳහා    "මහසෙන්" යන නම දීම පිළිබඳව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. එච්. කාරියවසම් වෙත දැඩි විරෝධයක් මේ වන විට  එල්ල වෙමින් පවතී.

මින්නේරි දෙවියන් නමින් ජනතාව අතර ප්‍රසිද්ධ මහසෙන් රජුගේ නම ව්‍යසනකාරී හා පීඩාකාරී සුළි කුණාටුවක්‌ සඳහා යොදාගැනීම පිළිබඳ නුසුදුසු බව බොහෝ විද්වතුන් විසින් පෙන්වා දෙති. 

මේ සම්බන්දයෙන් අදහස් දක්වන මහාචාර්ය ඡේ. බී. දිසානායක මහා විනාශයක්‌ සිදුකරන සුළි කුණාටුවකට මහසෙන් නමැති අතීතයේත් වර්තමානයේත් ජනතාවගේ දෙවියකු ලෙස වන්දනාවට පාත්‍ර වූ උත්තම ගණයේ රජතුමකුගේ නම යෙදීම පිළිබඳව තමා තරයේ විරුද්ධ වන බව පවසයි.

තමන් ජිවත් වන රටේ හරි හමන් ඉතිහාසයක් නොදැන පන්දමට දේශපාලන මුට්ටි ඇල්ලීම මගින් පදවි තානාන්තර වලට පත් වූ එස්‌. එච්. කාරියවසම් වැනි බත් ගොට්ටෙකුගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති.

ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල කාලගුණ විද්‍යා නිලධාරීන් ව්‍යසනකාරී හා පීඩාකාරී සුළි කුණාටු හැඳින්වීමට තම රටේ අතීතයේ විසු නරපතියන්ගේ සහ වීරයන්ගේ නම් කිසිසේත් යොදා නොගන්න අතර එවැනි හරක් වැඩක් සිදු කොට ඇත්තේ ලංකාවේ කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ලෙස ක්‍රියා කරන එස්‌. එච්. කාරියවසම්  නමැති වෘෂභයය. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails