Ads 468x60px

.

එහෙම කෙනෙක් හිටියා. දැන් නැහැ - රුවංගි

මා ගැන මා ආහපු ලොකුම කටකතාව... 

ඒක සම්පූර්ණ බොරු කටකතාවක්...

රූපරාජිනී තරගවලින් ජය අරගෙන ඒ තුළින් නිළිකමට එකතුවූ රූමතියෝ අපේ නිළි පරපුරේ ඉන්නවා. 

වර්තමාන ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය යොවුන් නිළියන් අතර සිටින එවැනි සුන්දර නිළියක්ව අපි කතාබහට එකතු කරගන්නවා.

මේ දිනවල සතියේ දින හත පුරාම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය රුවංගි රත්නායක.

රුවංගි මේ දිනවල සතියේ දින හත පුරාම රූපවාහිනිය තුළින් අපට හමුවනවා. එම නිර්මාණ ගැන කතා කළොත්?


ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වන ‘මල් දෙවැට’ ටෙලිනාට්‍යයේ ධනවත් පවුලක දඟකාර කෙළිලොල් යුවතියකගේ චරිතයක් රඟපානවා. දෙරණ නාලිකාවේ සතියේ දින පහම රෑ 7.30ට විකාශය වන “සිහින සිත්තරාවි” නාට්‍යයේ මම ගමක ජීවත්වන දුප්පත් තරුණියක්. 


සතියේ දින පහම රෑ 9ට “ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන “සිටුමැදුර” නාට්‍යයේ මම වලව්වක තරුණියක්. සෙනසුරාදා හා ඉරිදා 7.30ට විකාශය වන “සොඳුරු ගිම්හානයේ” මම ‍පොලිස් කාන්තාවක්.

නිතර නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙන විට ප්‍රේක්ෂකයින්ට එපා වෙනවා කියලා ඇතැම් අය කියනවා.
ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් එහෙම වෙන්නේ එකම විදියේ චරිත ඒකාකාරි විදියට රඟපෑවොත්. විවිධ චරිත රඟපෑවොත්  එහෙම වෙන්නේ නැහැ.

රුවංගි රඟපෑමට ආශා කරන යම් චරිතයක් එහෙම තියෙනවද?
ඔව්, එහෙම චරිතයක් තියෙනවා. ඈත පිටිසර ගමක කටුමැටි පැලක ජීවත් වන චීත්ත රෙද්දයි හැට්ටෙයි අඳින දුක් විඳින ගැමි තරුණියකගේ චරිතයක් රඟපාන්න ආශයි.

රුවංගි නිළියක් වන්න හීන මැව්ව කෙනෙක්ද?
නැහැ. නිළිකමට එකතු වුණේ අහම්බෙන්. ඒත් දැන්නම් පූර්ණ කාලයම යොදවල තියෙන්නෙ රඟපෑමට.

කොහොමද නිළියක් වුණේ?
මම 2010 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනුවා. නේචර් සීක්‍රට් ඡවි කල්‍යාණි තරගයේ තුන්වැනි ස්ථානය හිමි කරගත්තා. ඊට පස්සේ මට වෙළෙඳ දැන්වීම් වලට අවස්ථා උදාවුණා. ඒ කාලය තුළ මට එක දිගට වෙළෙඳ දැන්වීම් 20ක් විතර ලැබුණා. 


ඒ විදියට වෙළෙඳ දැන්වීම් වලට ඉන්න කොට තමයි “බිනරි” ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයකට අවස්ථාව උදා වුණේ. මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑවේ “අහසින් වැටුණ” ටෙලිනාට්‍යයේ මේ වන විට නාට්‍ය 10ක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට එකක රඟපෑවා. ඒ “ජීවිතය ලස්සනයි”  චිත්‍රපටයෙ.

නිළියක් වෙලා ජනප්‍රිය වුණාම ජනතාවගේ ආදරය ලැබෙනවා. නමුත් කටකතා වැනි සිත් රිදවීම්වලට ලක්වන්නත් සිදුවනවා.
එහෙම වෙනවා. කටකතා වැනි දේවල් නිසා සිත් රිදීම් ඇති වෙනවා. ඒත් නළු නිළියක් වැනි ජනප්‍රිය චරිතවලට ඒ දේවල්වලට මුහුණ දෙන්න සිදුවන බව දැනගෙනයි මේ ක්‍ෂේත්‍රයට එන්න ඕනෑ. එතකොට එවැනි සිදුවීම්වලින් සිත් රිදවා ගන්නෙ නැතුව ඉන්න පුළුවන්.

රුවංගිටත් කටකතා හැදිල තියෙනවද?
ඔව්.

ප්‍රවීණ කලාකරුවකු වන නිමල් ලක්ෂපතිආරච්චි මියගියදා ඔබ රඟපෑ ටෙලිනාට්‍යයක ශිල්පීන් ඒ අවමංගල්‍ය්‍යට යාමට සැරසෙන විට “අනේ ඔය මළගෙවල්වල ගිහින් කාටද හරි ගියේ” කියලා ඔබ ඒ ගමනින් වැළකී සිටි බවට කටකතාවක් ක්‍ෂේත්‍රය පුරා පැතිරී ගියා.
ඕක තමයි මා ගැන මා ආහපු ලොකුම කටකතාව ඒක සම්පූර්ණ බොරු කටකතාවක්.

ඇයි ඒ විදියේ කතාවක් පැතිරුණේ?
එක්තරා ඡායාරූප ශිල්පියෙක් මට ඡායාරූප ගන්න ආරාධනා කළා. ඔහු පැවසුවේ මේ රටේ ජනප්‍රිය පුවත්පතක ප්‍රධාන ඡායාරූප ශිල්පියා ඔහු බවයි. ඒත් ඒ පත්තරේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා මම හොඳින් හඳුනනවා. ඉතින් අර ආරාධනාවට මා ගියේ නැහැ. 


ඒ තරහට පළිගැනීමක් විදියට ඔහු තමයි මේ කතාව නිර්මාණය කරලා පතුරවලා හැරියේ. පසු කාලයේ යම් යම් තැන්වල ඔහු ඒ ගැන කියා තිබුණා. “මමයි රුවංගිට මේ කතාව හැදුවේ ‘කියලා ඔහු කිවූ බව මට ආරංචි වුණා.

රුවංගිගේ පුද්ගලික තොරතුරු ටිකකුත් කියන්න
මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තේ කුරුණෑගල හෝලිෆැමිලි කොන්වන්ට් එකේ. දැන්නම් පදිංචිය කොළඹ. මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. මම පවු‍ලේ බාලයා.

පෙම්වතා ගැන තොරතුරු කියන්න කැමති නැද්ද?
(හිනැහි) දැනට පෙම්වතෙක් නැහැ. හිටපු දවසක තොරතුරු කියන්නම්.

ඒ වුණත් රුවංගිට පෙම්වතෙක් ඉන්නවා කියලා ක්‍ෂේත්‍රය තුළ රාවයක් තියෙනවා.
එහෙම කෙනෙක් හිටියා. ඒත් නොගැළපීම් හින්දා ඒ සම්බන්ධය නතර කරලා දැම්මා.
 
Related Posts with Thumbnails