Ads 468x60px

.

මඩ ගහන අය අපිට විරුද්ධව ලියලා රෑට හොඳින් නිදියනවා. ඒත් ඒ සැනසීම අපට නැහැ - ගයාන්

ජීවිතයේ යම් වැරදීම් සිදුවුණා.
ඒවා මාධ්‍ය තුළත් පළවුණා. 

මමත් ඒවාට පිළිතුරු දුන්නා...
මමත් වේදනාව දැනෙන මිනිහෙක්

ජනප්‍රිය ඒ වගේම දක්ෂ නළුවකු ලෙස පුංචි තිරයෙන් නිතර හමුවන ඔහු මේ දිනවලත් ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපට හමුවනවා. 

ඔහු ගයාන් වික්‍රමතිලක. පහුගිය කාලය තුළ ගයාන් කතා බහට ලක් වූ චරිතයක් වුණේ ඔහුගේ ජීවිතයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හිංදා. කාලෙකට පස්සේ අපි  ගයාන්ව කතා බහකට එකතු කරගත්ත. 

ගයාන්ගෙ පුද්ගලික ජීවිතයේ සහ කලා ජීවිතේ තොරතුරු ගැන එහිදී ගයාන්  අපිත් එක්ක කතා කළා.

ගයාන් මොනවද අලුත් තොරතුරු........

සුපුරුදු විදියට ම බිඳුනු සිත්, හිරු තනිවෙලා වීදිය බණ්ඩාර වැනි ටෙලි නාට්‍යවල කටයුතුවල යෙදෙනවා.

සාමාන්‍ය ජීවිතය
සාමාන්‍ය විදියට ගෙවෙනවා.

පසුගිය කා‍ලේ ඔබේ ජීවිතයේ තිබූ අර්බුදකාරී තත්ත්වයන් සමනය වෙලාද?
දැනටත් උසාවියේ නඩුවක් පවතිනවා. ඒ හිංදා ඒ ගැන වැඩිදුර තොරතුරු ඒ නඩුව ඉවර වූ පසුව කියන්නම්.

ඒ ඔබේ දික්කසාද නඩුව?
ඔව්

දික්කසාදයෙන් පසු ඔබ ජීවිතය නැවත ආරම්භ කරන්නේ කොහොමද?


ඒක කොහොමද දැන් මම  තීරණය කරන්නේ. දැනටමත් මම මගේ පුතාලා දෙන්නට උපරිම වශයෙන් මගේ යුතුකම් ඉටුකරනවා. ඉදිරියටත්  ඒවා ඒ විදියටම තියෙයි.

ඔබ හා චතුරිකා සම්බන්ධ කටකතා මෑත කාලයේ උණුසුම් පුවත් මැව්වා. අනාගතයේ ඔබ චතුරිකා හා විවාහ වේවි කියන අදහස තමයි බොහෝ  අය තුළ තිබෙන්නේ....


එහෙම හිතන අය වික්‍රමතිලක පවුලට ඥාති සම්බන්ධතා ඇති අය වෙන්න ඇති. එහෙම නැතුව ඒ අය මගේ පෞද්ගලික ජීවිතේ අනාගත තීන්දු තීරණ ගැන දැන ගන්න විදියක් නැහැනේ.

ගයාන් චතුරිකා නිසා එක්තරා ටෙලි නාට්‍යයක සහය අධ්‍යක්ෂවරයෙකුට පහර දීලා ඔහුව නාට්‍යයෙනුත් ඉවත් කළ බවට රාවයක් යනවා....


ඒක අමූලික බොරුවක්. එහෙම කියන අයට කියන්න තියෙන්නේ පුළුවන් නම් ඔය සහය අධ්‍යක්ෂවරයාව මා ඉදිරියට කැඳවාගෙන ඇවිත් ඔය ගැන අහන්න කියලා.  


ඒ සහය අධ්‍යක්ෂවරයාව ඒ ටෙලි නාට්‍යයෙන් ඉවත් කළේ එහි අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා. ඒකට හේතුව ඔහු තමන්ගෙ රැකියාව හරියට නොකිරීම මිස ඔය කියන විදියේ ප්‍රශ්නයක් එතැන ඇති වුණේ නැහැ.

ඒ සහය අධ්‍යක්ෂවරයා චතුරිකාට චතූ කියා කතා කිරීම නිසා  ඔබ කෝපයට පත්වෙලා ඔහුට පහර දීම මේ ප්‍රශ්නයට මුල බවට අන්තර්ජාලවල පළවුණේ ඇයි...?


ඔහු චතුරිකාට චතූ කීවා නම් ඒක නුසුදුසු දෙයක් නම් එයාට ගහන්න ඕන මම නමෛයි චතුරිකා.  ඇයි මම ඒ මනුස්සයට ගහන්නේ. අන්තර් ජාලවල ඇතැම්
වෙබ් අඩවි ගැන මම කතා කරන්න වත් කැමති නැහැ.  මම දැන් මේ විදියට කතා කරන්නෙත් තෝරා බේරාගත් මාධ්‍ය එක්ක විතරයි. 

ඇතැම්  තුට්ටු දෙකේ පත්තර හා ඔය කියන වෙබ් අඩවි කොතැනින් හෝ කවුරුන් හෝ කියපු දෙයක් අල්ලාගෙන පළකරන ප්‍රවෘත්ති තුළින් අපි අපහසුතාවයට පත් කරවන තරම් දන්නේ අපි විතරයි. 

මගේ ජීවිතේ වැරදි තැන් තියනවා. නිවැරදි තැනුත් තියෙනවා. ඒත් ඔය විදියට  අපිට මඩගහන අය කතා කරන්නේ ඒ අය හරියට සුජාත පුත්‍රයෝ වගේ. ඒ අයගේ ජීවිතවලත් වැරදි තියෙනවා.

ඒත් ගයාන් ඔබ ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය සමාජයට නිරාවරණය වනවා. හොලිවුඩ් බොලිවුඩ්  තරුවල අතිශය පෞද්ගලික තැන් පවා මාධ්‍යවල පළවනවා.


හොලිවුඩ්, බොලිවුඩ් තරු සාමාන්‍ය සමාජයෙන් දුරස්. ඒ අය ගත කරන්නේ වෙනම ජීවිත. ඒ අයට පෞද්ගලික ‍ලේකම්වරුන් , බොඩි ගාඩ්ලා ඉන්නවා. අපි එහෙම නැහැ. අපි ගත කරන්නේ සාමාන්‍ය ජීවිත. මාකට් එකට ගිහින් බටු 500 ඉල්ලන වෙලාවේ “හා අපි දැක්කා ඔයා ගැන මේ විදියට පළවෙලා තියනවා” කියලා වෙළෙන්දා කියන කොට අපි මොකද කරන්නේ. 


ජීවිතයේ යම් වැරදීම් සිදුවුණා.  ඒවා මාධ්‍ය තුළත් පළවුණා . මමත් ඒවාට පිළිතුරු දුන්නා. ඒත් දිගින් දිගට ඒ දේවල්ම අල්ලාගෙන මට පහර දෙන විට මට ඒක විඳ දරා ගන්න බැහැ. ඔබ කියන විදියට මම ජනප්‍රිය චරිතයක්. ඒත් මමත් දුක වේදනාව දැනෙන සාමාන්‍ය මිනිහෙක්. 

මාසෙකට දවස් 15 ක් ෂූටිං තිබුණත් ඉතිරි දවස් 15 ගෙදර ඉන්න ඕනෑ. හිත සැනසීමෙන් නිදාගන්න ඕනෑ. අපිට මඩ ගහන ඔය පුද්ගලයින් අද දවසේ අපිට  විරුද්ධව ඕවා ලියලා රෑට සැහැල්ලුවෙන් නිදියලා පහුවදා  උදේ නැගිටින්නේ ඒකම කරන්න. ඒත් ඒ සැනසීම අපට නැහැ.
 
Related Posts with Thumbnails