Ads 468x60px

.

මාත‍ලේ උසස් පාසලක ගුරුවරියෝ සිසු දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා...

සිසුවියන් ගැබ් අරන්... ඒ අය ගුරුවරුද..?

ගුරුවරු කියන්නේ දෙවිවරු කියලයි සමාජයේ හැමෝම හිතන්නේ. ගුරුවරු තමයි සමාජය නිවැරදි පාරට යොමු කරන්න පරපුරක් හදන්නේ. ඒත් එහෙම ගුරු දෙවිවරු අතරත් ‍නරුම පිරිසුත් ඉන්න බව ඇත්තක්.

මේ එහෙම එක සිදුවීමක් මාතලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ගුරු වෘත්තික කාන්තාවන් කීප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වන බව රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී. ඩි. ජයතිස්ස මහතා අද (13) දා මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුවට වාර්තා කළා.

ඒ විතරක් නෙවේ මෙම පාසලේ අදාල ගුරුවරියන් පස් දෙනාත් ගණිකා වෘත්තියේ යෙදිලා කියලයි ආරංචි. ඒ අතරේ සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්වයක් ඇති බවට සභාපති ජයතිස්ස මහතා චෝදනා කළා. අදාල පාසලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳවත් වාර්තා වෙනවලු. 

බාලවයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම පසුගිය දිනවල වාර්තාවී ඇති නමුත් මෙම පාසලේ විදුහල්පතිවරිය අපයෝජන කි‍්‍රයා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවටද චෝදනා කළා.

කොහොම වෙතත්,බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණමය කි‍්‍රයා මාර්ග ගෙන ඇති බව මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතා කමිටුවට දන්වා සිටියා.

මෙම විදුහලේ වර්තමාන තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කමිටුව සහ ඇමතිවරයා දැනුවත්කර ඇති බව දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ කමිටුයේ සභාපති නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතා මෙතෙන්දී කීවා.
 

මෙම පාසලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සහ පාසලේ කීර්ති නාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළා.

කොහොම වෙතත් රටක් ජාතියක් හදන්න පාර කියන,ඒ වගේම මිනිස් ආත්ම ගොඩ දමන උතුම් පිංකම කරන ගුරුවරු අතර මෙහෙම දුර්ජන උදවියත් ඉන්නවා.එයාලාට ගුරුවරු නෙවේ “ගුරු හොරු”කියලයි කියන්න වටින්නේ.
 
Related Posts with Thumbnails