Ads 468x60px

.

සුපර්ග්ලූ වලින් කල විශ්මිත මොළයේ සැත්කම...

බිළිදා ගොඩගන්න සුපර්ග්ලු..

‘‘සුපර්ග්ලූ‘‘ යොදාගෙන පිපිරුණු රුධිර නාළයක් වසා දමා සති තුනක් වයසැති බිළිදියකගේ දිවි බේරා දුන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් ගැන ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලීය රෝහලෙන් වාර්තා වේ.

කුඩා ඇෂ්ලින් ජූලියන් රෝහලට ඇතුළත් කරන විට සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට සොයාගත හැකි වූයේ ඇෂ්ලින්ගේ මොළයේ කුඩා රුධිර නාළයක ඇති පිපිරීමකි.


සාමාන්‍ය අවස්ථාවකදී නම් වෛද්‍යවරුන් කරනුයේ හිස් කබල පලා විවෘත කර නාළය වසා දැමීමේ සැත්කම කිරීමයි.නමුත් ඇෂ්ලින් තවමත් සති 3 ක් පමණ වයසැති නිසා බරප ශල්‍යකර්මයකට ඇයට භාජනය කළ නොහැකි වීමෙන් වෛද්‍යවරුන් තිරණය කරන්නේ සැත්කමක් නොකර පිපිරීම වසා දැමිමටය.ඒ සදහා ඔවුන් යොදාගන්නේ සුපර් ග්ලූය.

ඇෂ්ලින්ගේ පාදයේ රුධිර නාළයකට සුපර් ග්ලූ බිදක් බහාලූ කැතීටරයක් ඇතුල් කරනා වෛද්‍යවරු එය මොළයේ පිපිරීම ඇති නාළය දක්වා මෙහෙයවීමට සමත් වන්නේය.කැතීටරයේ ඇති සුපර් ග්ලූ පිපිරීම වෙත එල්ල කර නිදහස් කළ විගස එය එය ක්ෂණිකයෙන් වියළි යන්නේ පිපිරුම වසා දමමිනි.

වෛද්‍යවරුන්ගේ උත්සාහය සාර්ථකය.දැන් කුඩා ඇෂ්ලින් ක‍්‍රමයෙන් සුවය ලබමින් සිටී.ඇයගේ දෙමව්පියන්ගේ සතුටට නිමක් නැත.

යොදාගත් සුපර්ග්ලූ වලත් අන්තර්ගත වන්නේ සාමාන්‍ය වෙළදසැළකින් මිලදී ගන්නා සුපර්ග්ලූ වල අඩංගු සංඝටකයන්ම බව වෛද්‍යවරුන් කියයි. වෛද්‍ය පිරිසේ ප‍්‍රධානියා වන කෝජි එබර්සෝල් නැවත මෙවන් සැත්කමක් කිරීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවත් ඇෂ්ලින්ගේ දිවි බේරීම ප‍්‍රාතිහාර්යයකට නොඅඩු දෙයක් බවත් පවසයි. 

 
 
Related Posts with Thumbnails