Ads 468x60px

.

ගුවනේදී යකා නැටු සිද්දියට රමිත් රඹුක්වැල්ල සමාව අයදී...

ගුවන් යානයේ සිද්ධියට සම්බන්ධ රමිත් රඹුක්වැල්ල – SLC...

පැය 4ක් පමණ මත්පැන් පානය කලා...
එක හරිම බියජනකයි...

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට එමින් සිටියදී ගුවන් යානයේදී වූ සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි බවත් ඔවුන්ද විශ්වාසයෙන් යුතුව, ඔහුගේ සමාව අයැදීම බාරගෙන ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න මහතා සිය වාර්තාව
ඊයේ (2 වැනිදා) සවස් වරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට බාරදී තිබෙනවා.

එම වාර්තාව අනුව, ජූනි මස 30 වැනිදා පස්වරු 5.00 ට පමණ, ලන්ඩන් බලා පියාසර කරන, ගුවන් ගමන් අංක ඊ 2158 දරන, ගුවන් යානයට ශී‍්‍ර ලංකා කණඩායම ගොඩවී ඇත්තේ ග්‍රෙනඩාවෙනි.

අදාළ සිදුවීම ඇතිවී ඇත්තේ මධ්‍යම රාති‍්‍රය ආසන්නයේදීය. රමිත් රඹුක්වැල්ල නම් කී‍්‍රඩකයා යානයේ වැසිකිළිය භාවිතා කිරීමට උත්සාහ කර
තිබෙනවා. එහෙත් ඒ වන විට යානයේ තිබූ මන්දාලෝකය හේතුවෙන්, වැරදීමකින් යානයේ කුටියේ දොර විවෘත කිරීමට ඔහු උත්සාහ කර ඇත්තේ වැසිකිළියේ දොර යයි සිතමිනි.

මෙම අවස්ථාවේදී යානයේ සිටි මගීන් විසින් එය වැසිකිළියේ දොර නොව, යානයේ කුටියේ දොර බවත් එය වැරදි දොරක් බවත් ඔහුට වටහා දී
තිබෙනවා. එම අවස්ථාවේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නිලධාරීන්ද එතැනට පැමිණ කී‍්‍රඩකයා නිවැරදි දිසාවට යොමුකර තිබෙනවා.

පසුව කී‍්‍රඩකයා තමන්ට සිදුවූ වැරදීම සම්බන්ධයෙන් යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි අතර ඔවුන්ද විශ්වාසයෙන් යුතුව ඔහුගේ සමාව අයැදීම බාරගෙන
තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්‍රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී තිබෙනවා.

මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'

'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'

'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.

ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්‍රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටි බවයි.

කළමණාකරුගේ වාර්තාව අනුව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වුවහොත් ඔහුට විරුද්ධව පියවර ගැනෙනු ඇත. 

එහි තවත් විස්තර පහතින්

කොදෙව් සංචාරය අවසන් කොට ඉකුත් සඳුදා (1දා) කොදෙව්හි ග්‍රෙනාඩානුවර ශාන්ත ලුසියා ගුවන් තොටින් පෙරවරු 8.00 ට ගුවන්ගතව ලන්ඩනයේ ගැට්‌වික්‌ ගුවන් තොට දක්‌වා පියාසර කරමින් තිබූ අංක 2158 දරන බ්‍රිටිෂ් එයාර්වේස්‌ බොයිං 777 ගුවන් යානය පැය හයක ගුවන් කාලයක්‌ ගෙවා අත්ලාන්තික්‌ සාගරයට අඩි 35,000 ක්‌ ඉහළින් පියාසර කරමින් තිබිය දී මෙම සිද්ධිය උද්ගතව ඇත. මෙම අවස්‌ථාවේ ගුවන් යානයේ සිටි මගී සංඛ්‍යාව 229 කි.

ශාන්ත ලුසියා සිට ගැට්‌වික්‌ ගුවන් තොටවල් අතර පූර්ණ ගුවන් කාලය පැය 9 කි.අධික ලෙස බීමත්ව සිට ඇති මේ ශ්‍රී ලංකා " ඒ" ක්‍රිකට්‌ ක්‍රීඩකයා, ටොයිලට්‌ වැසිකිළි දොර යෑයි සිතා ගුවන් යානයේ දොර ඇරීමට උත්සාහ කළ බවද පැවසේ.

සිද්ධිය ඇසින් දුටු, දොරටුව අසල ආසනයේ සිටි මගී කාන්තාවක වන ලන්ඩනයේ විල්ස්‌ඩන්හි 28 හැවිරිදි චාලේන්
ෆ්‍රැන්සිස්ට අනුව, මේ ක්‍රීඩකයා සිද්ධිය වූ අවස්‌ථාවේ ශ්‍රී ලංකා වර්ණ සහ ලාංඡනය සහිත ටී ෂර්ටයක්‌ ඇඳ සිටි අතර හෙඩ්ෆෝනයක්‌ දෙකන්හි රඳවාගෙන සිට ඇත.

මම හිටියේ දොර ළඟම ආසනයේ. මගේ අවුරුද්දක්‌ වයසැති දුවයි, මල්ලියි, අම්මායි යාබද ආසනවල හිටියා....... පෙනුමෙන් ඔහු හොඳටම බීමතිනුයි හිටියේ...... මිනිත්තු දෙකක්‌ පමණ ඔහු වැරෙන් දොර අරින්න උත්සාහ කළා. ඊට පස්‌සේ අන්ද මන්ද වෙලා වගේ මගේ දුවගේ ආසනයේ එල්ලිලා හිටියා.

මම ඒ වෙලාවේ කොච්චර බය වුණා ද කියලා කියාගන්නත් අමාරුයි. චාලේන්
ෆ්‍රැන්සිස් මහත්මිය මාධ්‍යයට පවසා ඇත.

වාණිජ පංතියේ (ඉකොනොමි ක්‌ලාස්‌) ගමන් කර ඇති මෙම ශ්‍රී ලංකා " ඒ" කණ්‌ඩායම, ගුවන් ගත වීමට පෙර පැය හතරක්‌ මත්පැන් පානය කරමින් සිටි බවද අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක්‌ කර ඇති බ්‍රිටිෂ් එයාර්වේස්‌ ගුවන් සේවයේ ප්‍රකාශිකාවකට අනුව, මෙවැනි බීමත් පුද්ගලයන් මෙල්ල කිරීමට තම කාර්ය මණ්‌ඩලයට විශේෂ පුහුණුවක්‌ ලබා දී ඇති බවත් සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක අංශවලට දන්වා සීරුවෙන් තැබූ බවත් පවසා තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසිය කැඳවීමට උත්සුක නොවූ බවද ඇය පවසා ඇත.

බීමත් ක්‍රිකට්‌ ක්‍රීඩකයා වත්තම් කර ගැනීමට කණ්‌ඩායමේ සෙසු ක්‍රීඩකයන් ද දැඩි උත්සාහයක යෙදී ඇත. අවසානයේ බීමත් ක්‍රීඩකයා ගුවන් සේවයේ නිලධාරි මණ්‌ඩලයෙන් සමාව අයෑද සිටි බවද වැඩිදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails