Ads 468x60px

.

ස්කයිප් එකෙන් නිරුවත් පින්තුර ජාවාරමක් සිදුකළ මහාචාර්යවරයා ගුරුවරියකටත් අතවර කරලා...

විවිධ අස්‌වාභාවික ලිංගික අතවර කරලා...

ස්‌කයිප් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්‌සේ ළාබාල රූමත් තරුණියන් හා සුරූපී තරුණ කාන්තා වන් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩ නඟාගෙන ඔවුන් සුපිරි හෝටල්වලට රැගෙන ගොස්‌ විකෘති කාම අරමුණු ඉටු කරගෙන, ඔවුන් අනාථ කර මහාචාර්ය වරයෙක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඒ සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කොට ඇති ස්‌වීඩනයේ විශ්ව විද්‍යාලයක සේවය කරන ශ්‍රි ලාංකික කථිකාචාර්යවරයා, ගුරුවරියකටද අස්‌වාභාවික ලිංගික අතවර කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

එසේ
කථිකාචාර්යවරයාගේ අතවරයට ලක්‌වූ උසස්‌ පාසලක සුරූපී තරුණ ගුරුවරියක්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.


මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙක් බව කියන නවරත්න පතිරණගේ නලින් මුත්කුමාර නවරත්න නැමැති අයෙකි. ඔහුගේ ලංකාවේ පදිංචිය ලෙස අංක 25/14, හරමුල්ල පාර, වේයන්ගොඩ යන ලිපිනය සොයාගෙන තිබෙනවා.

වෛද්‍යවරියක වූ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ස්‌වීඩනයේ පදිංචිව සිටින මෙම සැකකරු වසර හතරක පමණ කාලයක සිට මෙම අපචාර ක්‍රියාවන් සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා.

ස්‌වීඩනයේ පදිංචිව සිටින සැකකරු ස්‌කයිප් මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ධනවත් පවුල්වල ලාබාල තරුණියන් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩ නඟාගෙන
තිබෙනවා. මාස කීපයක නිවාඩු ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන මොහු තමන් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගත් තරුණියන් සුපිරි හෝටල් වලට රැගෙන ගොස්‌ ඔවුන් සමග ලිංගිකව හැසිරී තිබෙනවා.

ලිංගිකව හැසිරෙන අයුරු හොර රහසේම වීඩියෝ ගතකරන සැකකරු එම වීඩියෝ පට ප්‍රසිද්ධ කරන බව කියමින් එම තරුණියන් විවිධ අස්‌වාභාවික ලිංගික කටයුතු සඳහා යොදවාගෙන ඇති බවද පරීක්‌ෂණවලින් අනාවරණය වී
තිබෙනවා.

මෙම සැකකරුගෙන් එල්ලවන තර්ජන නිසා අතවරයට ලක්‌වූ තරුණියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නැත. මේ සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි අනුව පසුව කළ පරීක්‌ෂණවලදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර
තිබෙනවා.

මේ ආකාරයට තරුණියන් විශාල පිරිසක්‌ මෙම සැකකරුගේ අතවරයට ලක්‌ව ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී
තිබෙනවා. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

ස්කයිප් එකෙන් නිරුවත් පින්තුර ජාවාරමක් සිදු කළ මහාචාර්යවරයාට වැඩ වරදී...
 
Related Posts with Thumbnails