Ads 468x60px

.

රිවිර පුවත්පතේ තිබූ "පියාඹන පීරිසි 6ක් ඇවිත් 1ක් චීන ගුවන් යානයේ නාසයේ හැපේ" හි ඇත්ත කතාව

රිවිර පුවත් පතේ පලවී තිබූ ලිපියක "පියාඹන පීරිසි 6ක් ඇවිත් එකක් චීන ගුවන් යානයක හැපේ..." යනුවෙන් සඳහන් කර තිබීම පාඨකයා නොමඟ යවන සුළුය. 

මක් නිසාද යත් පියාඹන පීරිසි 6ක් දර්ශනය වී ඇත්තේ 2012 දෙසැම්බර් 30දා එංගලන්තයේය. නමුත් චීන ගුවන් යානයක පියාසර වස්තුවක් ගැටීමක් වාර්තා වන්නේ 2013 ජූනි මාසයේය. පාඨකයා නොමඟ යවන අනෙක් කරුණ නම් පියාඹන පීරිසි 6ක් ඉන්දියාවේදී ජංගම දුරකථනයක් මඟින් ජායාරූප ගත කළ පුවතයි. 

එය සාවද්‍ය එකක් බවට අප ඔබට කරුණු ගෙන ආවේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලින් ගන්නා ජායාරූප සඳහා පියාඹන පීරිසි ඇතුලත් කළ හැකි ඇප්ලිකේෂන් ඇති බවට හෙළිකරමින්, ඒවා ඩවුන්ලෝඩ් කරගත හැකි ලින්ක් ද සපයමිනි. බැලූ බැල්මටම එය ව්‍යාජ පින්තූරයක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලිවේ. එම ව්‍යාජ පින්තූරය පහතින්. 


රිවිර පුවත්පතේ පලවී තිබූ එම ලිපිය පහතින්.


ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ හමුදා නිලධාරියෙකු විසින් තම ජංගම දුරකථනයෙන් හඳුනා නොගත් පියාසර වස්තුවක් ජායාරූප ගතකල පුවත හා එලෙස ව්‍යාජ ජායාරූප ගත හැකි මෘදුකාංග සහිත විස්තර පිළිබඳව තවත් ලිපියක් පහතින්.


මෙම ජායාරූපයේ දැක්වෙන පරිදි හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුබිමෙන් දිස්වන ජායාරූපයක් ගැනීමට ඔබත් කැමතිද? ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා පහතින් එම මෘදුකාංගය දුරකථනයට ඩවුන්ලෝඩ් කරගැනීමෙන් එලෙස ව්‍යාජ ජායාරූප ගැනීමට ඔබට පුළුවන.

ඇතැම් ඇප්ලේකේෂන් මඟින් ජායාරූපය ගන්නා මොහොතේම හඳුනා නොගත් පියාසර වස්තුවක් ජායාරූපයට එක්වන අතර මීට පෙර තමන් ගත් ජායාරූපයකට තමන් කැමති හැඩයකින් යුත් පියාසර වස්තුවක් පසුව අඩංගු කල හැකි ඇප්ලිකේෂන්ද වේ. ඒවා ඩවුන්ලෝඩ් කරගැනීමට පහතින්.

UFO photo prank
https://play.google.com/store/apps/details?id=com.ar.ufoccam

UFO Camera
https://play.google.com/store/apps/details?id=com.project.ufo_camera

UFO Photo Bomb
https://play.google.com/store/apps/details?id=com.km.house.ufo

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත මඟින් පසුගියදා ගෙන ආ පුවතකින් කියවුනේ කේරල ප්‍රාන්තයේ හමුදා නිලධාරියෙකු විසින් තම HTC-1 ජංගම දුරකථනයෙන් හඳුනා නොගත් පියාසර වස්තුවක් ජායාරූප ගතකල පුවතකුයි. එය ව්‍යාජ ජායාරූපයක් බව බොහෝ වෙබ් අඩවි පවසන අතර ඇතැම් වෙබ් අඩවි පවසන්නේ එය කූඨ HTC වෙළඳ උපක්‍රමයක් බවයි.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්.

http://newindianexpress.com/states/kerala/Army-Major-captures-UFO-in-Kerala/2013/06/18/article1640262.ece

පියාඹන පීරිසි 6ක් එංගලන්තයේදී දර්ශනය වූ පුවත පිළිබඳව තවත් ලිපියක් පහතින්.


බ්‍රිතාන්‍යයේ Gatwick ගුවන් තොටුපලට ගොඩබෑමට ලඟාවූ මඟී ගුවන්යානා 3ක සිටි පිරිසක් රිදී පැහැයෙන් පීරිසියක හැඩය ගත් පියාසර වස්තූන් කිහිපයක්ම දැක තිබෙන පුවතක් පසුගියදා බ්‍රිතාන්ය පුවත්පත් වාර්තා කර තිබුණා.

එම සිද්ධිය වාර්තා වන මොහොතේම එම ගුවන් තොටුපල රේඩාර් තිරයේද හඳුනා නොගත් පියාසර වස්තූන් 6ක් දර්ශනය වී ඇති අතර අනතුරුව ක්ෂණයකින් ඒවා රේඩාර් තිරයෙන් අතුරුදහන්ව තිබෙනවා. එක් යානයක සිටි මඟීන් ඒවා දැක ඇත්ත් ගුවන් යානයට අඩි 100ක් පමණ පහතිනි.

මෙම පියාසර වස්තූන් අහසේ රැඳී තිබී ඇත්තේ පහත රූපයේ ඇති Church of Scientology headquarters වලට උඩිනි.

මෙය සිදුව ඇත්තේ මීට මාස කිහිපයකට පෙර වුවද බ්‍රිතාන්‍ය මාධ්‍ය මඟින් ඒ පිළිබඳ හෙළිකර තිබුනේ පසුගියදාය. මේ පිළිබඳ වැඩි විස්තර පහතින්.

http://www.thesun.co.uk/sol/homepage/news/4960250/flying-saucers-over-british-scientology-hq.html

http://www.dailymail.co.uk/news/article-2337836/Pilots-passenger-planes-saw-UFOs-Britains-Scientology-base-landed-Gatwick.html

Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් පසුගියදා අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබීම පිළිබඳව තවත් ලිපියක් පහතින්.


Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් පසුගියදා අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබෙනවා. එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබෙන අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙනවා.

අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පවසන්නේ.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්.
 
Related Posts with Thumbnails