Ads 468x60px

.

ජනප්‍රිය යොවුන් නිළි ෂෙරිල් ‘දම්සාරි’ ටෙලියෙන් ඉවත් කළ කතාව ඇත්තද?

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘දම්සාරි’ ටෙලිනාට්‍යය ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙලිනාට්‍යයක්. එම ටෙලිනාට්‍යයේ ‘දම්සාරි’ ලෙස ඔබ හමුවට එන්නේ ජනප්‍රිය යොවුන් නිළි ෂෙරිල් ඩෙකර්. 

නමුත් හිටිහැටියේම දම්සාරි ටෙලිනාට්‍යයෙන් ෂෙරිල්ව ඉවත් කළ බව පසුගියදා අන්තර්ජාලයේපළ වී තිබුණා. ඇය එම ටෙලිනාට්‍යය සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත ස්වර්ණවාහිනී නාලිකාව මගින් ෂෙරිල්ව මෙම නාට්‍යයෙන් ඉවත් කළ බවයි අදාළ ප්‍රවෘත්තියේ පළ වී තිබුණේ. 

මේ ගැන දැනගන්න අපි ෂෙරිල්ට කතා කළා. ඇය තම අදහස් සෘජුව අප වෙත දැක්වුවේ මේ විදියට.

ස්වර්ණවාහිනී නාලිකාව මගින් ඔබව ‘දම්සාරි’ ටෙලිනාට්‍යයෙන් ඉවත් කළ බවට පළ වූ පුවත සත්‍යයක්ද?
නැහැ. සම්පූර්ණ අසත්‍යයක්. ඔය චෝදනා දෙකම බොරු. පළමුව කිව යුතුයි ස්වර්ණවාහිනී නාලිකාව මීට සම්බන්ධ  නැහැ. ඒ අය සමග මගේ ප්‍රශ්නයකුත් නැහැ. ප්‍රශ්නය තියෙන්නෙ ‘දම්සාරි’ නිෂ්පාදන අංශය සමග. නමුත් ඒ අය මාව නාට්‍යයෙන් ඉවත් කළා කියන කතාව බොරුවක්.

ඒ කියන්නේ ඔබ දිගටම දම්සාරි තුළ ඉන්නවා.
නැහැ. දම්සාරි නාට්‍යයේ ඉදිරියේදී මම නැහැ.

සත්‍ය සිදුවීම මොකක්ද?
මම ‘දම්සාරි’ නාට්‍යයෙන් ඉවත් වුණා. එයයි ඇත්තම සිදුවීම.

ඊට හේතුව?
අදාළ අංශ සමග ඇති වූ යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් මත මට තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උදා වුණා.

ඔබ අසනීප වූ බව අන්තර්ජාල පුවතක සඳහන්ව තිබුණා.
මාත් එක්ක මේ සාකච්ඡාව ඉවර කළ පසුව ඔබ වුණත් අසනීප විය හැකියි. එය ස්වභාවධර්මය. අපි කවුරුත් ලෙඩ වෙනවා. ඒක හිතා මතා සිදුවන දෙයක් නමෛයි. මම ලෙඩ වුණා.ඒක ඇත්ත. ඒත් මම දිගටම නාට්‍යයේ වැඩ කළා.

අසනීප තත්ත්වය නිසාවත් දම්සාරි කණ්ඩායම ඔබට නිවාඩුවක් දුන්නෙ නැද්ද?
නිවාඩු දුන්නෙ නැහැ. මම නිවාඩු ගත්තා. මට එහෙම කරන්න වුණේ අසනීප තත්ත්වය තියාගෙන රඟපාන්න බැරි හින්දා. අනික වෛද්‍යවරු පවා නියම කළේ මට විවේක ගන්න කියලා. ඒත් මම නාට්‍ය කණ්ඩායම අපහසුතාවයට පත් කළේ නැහැ.  මඳක් සුව අතට හැරුණු හැටියෙ  මම  ගිහින්  වැඩ  කළා.  ඒත් නිෂ්පාදන අංශයට මගෙ අපහසුතාවය ගැන කිසිම අවධානයක් තිබුණෙ නැහැ.

හවස 5 වන විට ඔබ රූපගත කිරීම් නවතා ගෙදර යන බවයි ආරංචි?
හවස 5ට මම වැඩ නතර කරලා යන බව ඒ අය අන්තර්ජාලයට දැනුම් දීලා. ඒත් මම වැඩ පටන් ගන්න වෙලාව එහි සඳහන් වෙලා නැහැ. මම උදේ 6.30 වෙද්දී දර්ශන තලයට යනවා. 6.30ට යන්න නම් නැගිටින්නේ පාන්දර 5ට. අසනීප තත්ත්වය තියාගෙන මම ඒ වගේ කැප කිරීමක් කළා.

ෂෙරිල් ‘දම්සාරි’ ප්‍රධාන චරිතය ඔබ. 5ට රූපගත කිරීම් නතර කළොත් ටෙලිනාට්‍යය කණ්ඩායම අපහසුතාවයට පත් වෙනවා නේද?
මම ඊට වඩා අපහසුතාවයට පත් වෙනවා. අසනීප තත්ත්වය තියාගෙන මම දර්ශන තලයට යනවා. ඊට පස්සේ දිගට හරහට වැඩ කරනවා. ඒ වෙහෙස මට දරන්න බැරි හින්දයි හවස 5ට නතර කරන්න තීරණය කළේ.


හවස 5 වෙද්දී ෂූටිං නතර කරලා ආවේ නැහැ. මගෙ දර්ශන ඒ වෙලාවට නතර කරන්න කියලා ඒ අයට දැනුම් දුන්නා. රෑ. 7,8, වෙනකං වැඩ කරලා ඇවිත් පහුවදා පාන්දර ගිහින් ආයෙම වැඩ කරන්න බැහැ.
උදේ පාන්දර 6.30ට දර්ශන තලයට ගිහින් වාහනෙන් බහින කොටම කියන්නේ මේකප් කරන්න කියලා. අඩුම තරමින් උදේ කෑම ගැනවත් අහන්නේ නැහැ. දවස පුරා පුදුමාකාර විදියට වෙහෙසෙන්න වෙනවා. ඒ දේවල් ගැන කතා කරන්න ගිහින් තමයි මම නිෂ්පාදන අංශය එක්ක ගැටුම් ඇති කරගත්තෙ.

‘දම්සාරි’ ටෙලිනාට්‍යයේ ‘දම්සාරි’ හිටි හැටියේ ඉවත්වීම දම්සාරි ටෙලිනාට්‍යයට බලවත් අසාධාරණයක්.
දර්ශන තලයේ තිබූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන්, අපට සලකපු විදිය ගැන ඇතිවූ සිත් රිදීම් නිසා මම දිගටම ඒ අයට පැවසුවා, මේ විදියට ගියොත් මම නාට්‍යයෙන් ඉවත් වනවා කියලා. අවසානයේ මම නතර වන තැනට කටයුතු සිදුවුණා. ඊට පස්සේ තමයි මම ඉවත් වුණේ. එහෙම නැතුව හිටිහැටියේ ඉවත් වුණේ නැහැ.

ඔබ මුලදී ‍පොරොන්දු වූ මුදලට වඩා වැඩි මුදලක් පසුව ඉල්ලූ බවටත් චෝදනා නැගෙනවා.
මම නාට්‍යයේ ප්‍රධාන චරිතය. ඒ අනුව මට වටිනාකමක් තිබිය යුතුයි. අනික දම්සාරි ආරම්භ කළේ ගිය වසරේ. මේ අවුරුද්ද වන විට එදා මුද‍ලේ වටිනාකම වැඩි කළා නම් වැරැද්දක් නැහැ. අනික මම අර මුලින් කිවුව පසුබිම යටතේ අඩුම තරමින් මගෙ මුදල හෝ වැඩි විය යුතු බවයි මා පැවසුවේ. ඒත් මේ ප්‍රශ්නයේදී මට සිදු වූ ලොකුම අසාධාරණය, ලොකුම අවමානය සිදු වුණෙත් එය මුල්කරගෙන.

මොකක්ද ඒ අසාධාරණය හා අවමානය?
කලාකරුවෙකුගේ මූල්‍යමය වටිනාකම පෞද්ගලිකයි. එය නිෂ්පාදන අංශය හා කලාකරුවා අතරයි පවතින්නේ. ඒ දේවල් ප්‍රසිද්ධියේ අන්තර්ජාලයට දෙනවා කියන්නේ කලාකරුවෙකුට කරන ලොකු අවමානයක්. මම ඒ ගැන අහන්න  නිෂ්පාදන කළමනාකරුට කතා කළා. ඒත් එයා ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නවා.

‘දම්සාරි’ ඔබේ ජනප්‍රියත්වයටත් බලපෑවා නේද?
යම් නිර්මාණයකට නළුවෙක් හෝ නිළියෙක් එකතු වන විට එම නිර්මාණයේ ජනප්‍රියත්වය ඒ අයට බලපානවා. ඒ වගේම ඒ අයගෙ ජනප්‍රියත්වය ටෙලිනාට්‍යයටත් ආලෝකයක් වනවා. දම්සාරිට එකතුවද්දී මම ජනප්‍රියයි. ඒත් ‘අමාට’ එකතුවෙද්දී මම ඒ තරම් ජනප්‍රිය නැහැ. නමුත් අද වුණත් පිටරටකට ගියත් ගොඩක් අය මට කතා කරන්නේ ‘අමා’ කියලා මම ජනප්‍රිය වුණේ ‘දම්සාරි’ හින්දා නමෛයි ‘අමා’ නිසා’
 
Related Posts with Thumbnails