Ads 468x60px

.

කේ. සුජීවා ලංකාවට ආවාද...?

“දික්කසාද රැල්ලට” සුජීවාත් අහුවෙලාද...?

ජනප්‍රිය ගායිකා කේ. සුජීවා පසුගිය කාලෙ අතුරුදන් වෙලා කියල කතාවක් පැතිරිලා තිබුණා. අන්තර්ජාලයේ තිබුණේ ඇය ඉන්නේ ඩුබායිවල බවයි. 

ඒත් ඇය ඊට පිළිතුරු දී තිබුණේ තමා ඉන්නේ බහරේන්වල කියමින්. මේ අතර මේ දිනවල කලා ලොවේ පවතින “දික්කසාද රැල්ලට” සුජීවාත් අහුවෙලා කියලා කතාවක් පැතිරුණා. ඒත් පසුගිය සතියේ ඇය ලංකාවට ආ බවත්, සැමියා සුනෙත් කැලුම් හා දරුවා සමග ගැටලුවක් නැතිව සිටින බවත් ආරංචි වුණා.

ලංකාවෙන් පැන ගිය සුජීවා පිලිබඳ අප පෙර පල කල ලිපිය පහතින් 

ලංකාවෙන් පැන ගිය සුජීවා ඩුබායි වල මොකද කරන්නේ...

කැලුම්, සුජීවාගෙන් දික්කසාද වෙන්න නඩුවකුත් දාලාලු...

සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේ වන විට ඩුබායිහි වෙසෙන බව අප වෙත වාර්තා වෙනවා. 

ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබුනා. පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනු වලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසෙනවා.

එම පුවත මෙතනින් 
සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු

කෙසේ වුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාද වීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වාර්තා වෙනවා. සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබුනා

එම පුවත මෙතනින්
නදීෂාට විශේෂ ඖෂධ එන්නත දුන්නේ කේ. සුජීවා ද?
සුදුවීමට ගත්තු ඉන්ජෙක්ෂන් එක නිසා නදීෂා මහත් වෙලාලු

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලැබුවා. සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප‍්‍රතිකාර වේ. 

සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතර වාරයේදී ලෝක ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගත් බවද ඇය මාධ්‍යට පවසා තිබුනා.

ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර කේ. සුජීවා හා ජනපි‍්‍රය නිළි කාංචනා මෙන්ඩිස්ගේ උපන් දිනය යෙදී ඇත්තේ එකම දිනයකදී බවද ප්‍රසිද්ධ කාරනාවකි. ඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ ජුනි මාසයේ 24 වැනිදාය.
 
Related Posts with Thumbnails