Ads 468x60px

.

සමහරු කියනවා ජෝති මැරිලත් ලබන ප්‍රතිචාර වලට මං ඊර්ෂ්‍යයයි කියලා - ඇන්ජි

ඔය පණුවත් එක්ක සින්දු කියන්නේ නැහැ’ කිව්ව ගායිකාව කවුද.?

'ශ්‍රැතියට කියන්න බැරි ගායකයා’ කියලා කිව්ව ගායිකාව කවුද.?

ඇන්ජි සහ ලතා වල් පොල අතර ජෝතිපාල සමග යුග ගී ගැයූ ගායිකාවන් අතර ජනප‍්‍රියම දෙදෙනායි. මේ දෙදෙනා අතර ජෝති පාලගේ යුග ගී නැවත ගැයීමේදී ඇතිවූ අලකලංචිය තවමත් ඉවර නැත. මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථා වල ඇන්ජි සහ ලතා සිය අදහස් මාධ්‍යට හෙළිකරයි.

මෙවර ඇන්ජලීන් සිය අදහස් මාධ්‍යට දක්වා ඇත්තේ ලතාට දෝෂා රෝපණයක් සහ අභියෝගයක් ද කරමිනි. මාධ්‍යවේදියා සිය ප‍්‍රශ්නය ඇන්ජි වෙත යොමුකරන්නේ පහත ආකාරයෙනි.

ජෝතිපාලයන් සමඟ ඔබ ගැයූ යුග ගී නැවත ගායනා කිරීම පිළිබඳ ඔබ ලතා වල්පොල ගායන ශිල්පිනියට චෝදනා කළත් එම ගීත එලෙස ගායනා කළේ මුල් ගායකයා වශයෙන් ජෝතිට තිබුණු අයිතිය නිසා බවත්, ඔබේ තනි ගීත තමන් ගයා නැති බවත් ඇය පවසා තිබෙනවා නේද?

"ඒක හරි අපූරු කතාවක්නේ. ජෝතිපාල එක්ක ජීවත් වෙන්න ගිය පළියට ලතාට ඒ ගීත ලියලා දීලා තිබෙනවා ද? එහෙම නම් මට මගේ සැමියා'ලෙස්’(ලෙස්ලි ගුණතිලක) සමඟත් ඒ ගීත ගයන්න පුළුවන්ද?

ජෝති සමඟ ඒ යුග ගී ගැයූ ගායිකාව මම තාමත් ජීවතුන් අතර ඉන්නවා. මං ජීවතුන් අතර සිටිද්දීම ඒ ගීත මටත් නොකියා හොරෙන්ම ජෝති එක්ක ගායනා කිරීම සදාචාරාත්මක ද? මගේ තනි ගීතයක් නොකිව්ව එක හොඳයි. කිව්වා නම් මං ඒ ගැන බලා ගන්නවානේ.”

ඔබ ජෝතිපාලයන්ට අපහාස වන අයුරින් පුවත්පත්වලට යම් යම් ප්‍රකාශ කරනවාලු නේ?

"මම ඇත්ත කතා කරනවා.ඒ ජෝතිට හෝ වෙන කාටවත් හෝ අපහාස කරන්න නෙමේ. දැන් ජෝති තරම් කෙනෙක් බොහෝ දෙනෙකුට නැහැ. මැරුණායින් පස්සේ මොන උපහාර ද? ඔය උපහාර වැඩ සටහන්, ප්‍රසංග වගේ ඒවාට මං යන්නේ නැහැ. 

ඒ ජෝතිට අපහාසෙකට නෙමේ. සමහරු කියනවානේ ජෝති මැරිලත් ලබන ප්‍රතිචාර වලට මං ඊර්ෂ්‍යයයි කියලා. ජෝතිට ඊර්ෂ්‍යා කරලා මොනවා ගන්න ද මට.

ජෝතිට සමහර අවස්ථා ලැබුණේ මම නිසා.උදාහරණයක් කියනවා නම් අපි 'සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට ගැයූ 'අමර පෙම් ලතාවේ’ ගීතය පටිගත කරන්න ජෝති එන්න ප්‍රමාද වුණාම එයට වෙනත් ගායකයෙකු යොදා ගන්න සූදානම් වෙද්දී මගේ සැමියා 'ලෙස්’ ගිහිල්ලා තමයි ජෝතිව එක්කගෙන ආවේ. ඒ වගේ අවස්ථා අනන්තවත් තියෙනවා.

මුල් කාලේ 'ඔය පණුවත් එක්ක සින්දු කියන්නේ නැහැ’ කිව්ව ගායිකාව කවුද?  'ශ්‍රැතියට කියන්න බැරි ගායකයා’ කියලා කිව්ව ගායිකාව කවුද? ඔය කිසි දෙයක් හරිහැටි නොදැන බල්ලෝ බිරුවට කඳු වැටෙන්නේ නැහැ. මම 'ලෙස්’ එක්ක අපේ කාරේ එකේ යනකොට ජෝතිගේ ගීත අහගෙන යනවා. කිසිවෙකුට ජෝති වගේ ගීත ගයන්න බැහැ.”



 
Related Posts with Thumbnails