Ads 468x60px

.

කෝටි 10කට කන්‍යාභාවය විකිණූ කිව් කැතරිනා තවමත් කන්‍යාවක්‌ලු...

ජස්‌ටින් සිස්‌ලේ 
මාව මුලා කළා... 

මම ඔවුන්ට 
රැවටුණා...

තමන්ගේ කන්‍යාභාවය ලොව වැඩිම මුදලකට විකුණා දැමු තරුණිය ලෙස පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ කැතරිනා මිග්ලිඕරිනි නම් බ්‍රසීල ජාතික තරුණිය තමන් රැවැටීමකට ගොදුරු වූ බව පසුගියදා හෙළි කර තිබුනා. එසේම ඇය තවමත් කන්‍යාවියක් බවත් ඇය පැවැසුවා.

කැතරිනා මිග්ලිඕරිනි (Catarina migliorini) නමැති  තමන්ගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපිල් දස කෝටියකට නොහොත් ඩොලර් 780,000 ට ජපනකු වෙනුවෙන් අලෙවි කළ බව කියැවුනා.

මෙම පුවත පළ වී මාස අටකට පසු, පසුගිය සතියේ යළිත් වරක්‌ කන්‍යාභාවය විකුණූ එම දැරිය ගැන අලුත්ම පුවතක්‌ ලන්ඩනයේ "ඩේලි මේල්" පුවත්පතින් අපට අසන්නට ලැබුනා. 

කිසියම් පිරිසකට රැවටී මෙම දැරිය තම කන්‍යාභාවය නැති කරගෙන ඇති බව එම පුවතින් වැඩි දුරටත් කියැවුනා. සමස්‌ත ලෝක ජනතාවම විශ්මයට පත් කළ එම කතාවේ අලුත්ම තොරතුරු ඔබට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමු.

ජස්‌ටින් සිස්‌ලේ (Justin siselly) ඕස්‌ට්‍රේලියානු ජාතික චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු "වර්ජින්ස්‌ වෝන්ටඩ්" (Virgins Wanted) නොහොත් 'කන්‍යාවන් ඕනෑ' නමින් චිත්‍රපටයක වැඩ පසුගියදා ආරම්භ කළේය. මෙම චිත්‍රපටයට හැබෑ ලිංගික සංවාස ජවනිකාවක්‌ ඇතුළත් කිරීමට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේට අවශ්‍ය විය. 

ඒ සඳහා ඔහු අන්තර්ජාලය ඔස්‌සේ කන්‍යාවකගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ වෙන්දේසියක්‌ ආරම්භ කළේය. එතැනින් නොනැවතුන ජස්‌ටින් සිස්‌ලේ ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල ද විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශන කරමින් "කන්‍යාවන් උවමනායි" කියා සිටියේය. 

අන්තර්ජාලයේ පළ වී තිබුණ මෙම වෙන්දේසියේ තොරතුරු දුටු බ්‍රසීලයේ භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවක වන කැතරිනා මිග්ලිඕරිනි තමන්ගේ කන්‍යාභාවය වෙන්දේසියේ විකිණීමට කැමැත්ත පළ කර සිටියාය.

මෙම වෙන්දේසියේදී කැතරිනාගේ කන්‍යාභාවය විකිණී ඇත්තේ ඩොලර් 780000 ට නොහොත් අපේ මුදලින් රුපියල් දස කෝටි දාහතර ලක්‍ෂයකටය. 

විසිහැවිරිදි කැතරිනාගේ කන්‍යාභාවය ලබා ගැනීම සඳහා මෙම වෙන්දේසියේදී ලන්සු පහළොවක්‌ ඉදිරිපත් වූ අතර ඇය අලෙවි වී ඇත්තේ පහළොස්‌වැනි ලන්සුවටය. ඇය මිලදී ගෙන ඇත්තේ ජපනෙකි. "නට්‌සු" නමින් පෙනී සිටි මෙම ජපනා ඔහුගේ නියම නමින් පෙනී නොසිටියේය.

මෙම වෙන්දේසියෙන් පසු චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ කියා සිටියේ ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව යන ගුවන් යානයකදී මෙම කන්‍යාව, ඇයව මිලදී ගත් පුද්ගලයාට භාර දෙන බවය. ඇයගේ කන්‍යාභාවය සිඳීමට පෙර හා පසුව වන සිද්ධීන් ඉතා රහසිගත ස්‌ථානයකදී ඇය මුණගැසී දැන ගන්නා බව ද නිෂ්පාදක ජස්‌ටින් කියා සිටියේය.

මේ අතර තම කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුව ගැන 'Huffington Post' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරන කැත්රිනා

"ජස්‌ටින් සිස්‌ලේ මාව මුලා කළා. මම ඔවුන්ට රැවටුණා මං හිතනවා සිස්‌ලේ මාව පමණක්‌ නොවෙයි තවත් බොහෝ දෙනෙක්‌ රවට්‌ටලා තියෙනවා කියල...." යැයි කියා ඇත. මෙම කන්‍යාභාව ගනුදෙනුව ගැන වැඩිදුරටත් කරුණු දක්‌වන කැතරිනා, මෙම වෙන්දේසිය සංවිධානය කළ චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දෙනවා යෑයි කී මුදලෙන් (ඩොලර් හත්ලක්‍ෂ අසූ දහ) සතයක්‌වත් මේ දක්‌වා ලැබී නැතැයි ද කියා සිටියි.
කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුවට තමා කැමැති වුවත් තමන් තවමත් කන්‍යාවක්‌ බව කැතරිනා වැඩිදුරටත් සඳහන් කරයි. තමන් කන්‍යාභාවය විකිණීමට කැමැති වූයේ එක්‌ පරමාර්ථයක්‌ මුල් කරගෙන යැයි කියන කැතරිනා මෙම මුදල් තමන්ට ලැබුණේ නම් නිවසක්‌ නැති දුගී පවු
ල් කීපයකට නිවාස කීපයක්‌ තනාදීමට තමන් සැලසුම් කර තිබුණේ යෑයිද කැතරිනා වැඩිදුරටත් කියා සිටියි.

කැතරිනා තම කන්‍යාභාවය වෙන්දේසියේ අලෙවි කිරීමට ඉදිරිපත් වූයේ හොඳ පරමාර්ථයකින් වුවත් මුළු ලෝකයාම ඇය දෙස බැලුවේ වපර ඇසකිනි. මුළු ලෝකයාගේම අපවාදය ඇය වෙත එල්ල වූයේ ඉන් පසුවය. වෙසඟනකට හැර වෙන කෙනකුට මෙවැනි දෙයක්‌ කළ නොහැකි බව ඔවුහු චෝදනාකර සිටියහ. ඇත්ත වශයෙන්ම ඇය වෙසඟනකැයි ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

මෙම වෙන්දේසිය නිසා තමන් ලෝක අපවාදයකට ලක්‌වී සිටින බව දන්නේ යෑයි 'Folha' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටි කැතරිනා තමන් එවැනි ගැහැනියක්‌ නොවේ යැයිද කියා සිටියාය.

"මේ වෙන්දේසිය ඒ අයගේ බිස්‌නස්‌ එකක්‌. මෙයට ඉදිරිපත් වීමෙන් මට ලෝකය පුරා කරක්‌ ගැසීමටත් චිත්‍රපටයක රඟපෑමටත් ලැබෙනවා.... එපමණක්‌ නොවෙයි.. චිත්‍රපටයේ රඟපාල මට වෙනම මුදලක්‌ හොයා ගන්නත් පුළුවන්කම තිබුණා" ඇය 'Folha' පුවත්පතට කියා සිටියාය.

මෙම වෙන්දේසියෙන් පසු තමන්ගේ කන්‍යාභාවය මිලදී ගත් "නට්‌සු"නමැති ජපන් කාරයා හමුවීම සඳහා සිඩ්නි නගරයේ අවන්හලකට ගිය බව කියන කැත්රිනා එහිදී තමන්ට මුණ ගැසුණේ කැත පුද්ගලයකු බව ද චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සඳහන් කළ රූප ලක්‍ෂණ ඔහුට නොතිබුණේ යැයි කියා සිටියාය. "මේ නිසා නට්‌සු සහ තමන් අතර කිසිම ලිංගික සංවාසයක්‌ නොවූ බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම වෙන්දේසියේදී චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දීමට පොරොන්දු වූ මුදලෙන් සතයක්‌වත් නොගෙවූ බව කියන කැතිරිනා. තමන් නට්‌සු හමුවීම සඳහා ඔස්‌ට්‍රේලියාවට ගිය ගමන් වියදම්වත් නොදුන් බව කියා සිටියාය.." මොහු ප්‍රොඩාකාරයෙක්‌... 

මොහු මේ වෙන්දේසිය සංවිධානය කරල තිබුණේ ඔහුගේ චිත්‍රපටයට ප්‍රචාරයක්‌ ලබා ගැනීමේ අරමුණින් බව දැන් පැහැදිලිය. මගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ මුවාවෙන් ජස්‌ටින් ඔහුගේ චිත්‍රපටයට හොඳ ප්‍රචාරයක්‌ ලබා ගත්තා. 

අනිත් කාරණය තමයි මාව අලෙවි කළ ජපන්කාරයා "නට්‌සු" නමැති පුද්ගලයෙක්‌ මාව මිලදී ගත් බව චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් කියතත් එහෙම කෙනෙක්‌ සිටියේ නැති බව දැන් මට පැහැදිලියි". 

මෙම වෙන්දේසිය නිසා කැතරිනා මිග්ලිඕරිනි නමැති භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවට ලෝක ප්‍රසිද්ධියක්‌ ලැබුණ බව ඇත්තකි. මෙම වෙන්දේසිය නිසා තමන් වංචාකාරයන් පිරිසකට අසු වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
 
Related Posts with Thumbnails