Ads 468x60px

.

මහ ඉහළින් උපන්දින පැවැත්වූ නදීෂාට හදිස්සියේම වැඩිහිටි අය ගැන කැක්කුමක් ඇතිවුනේ ඇයි.?

ලක්‍ෂ එකහමාරක 
තෑගිත් දෙනවලු...

නදීෂා හේමමාලිගේ උපන් දිනය එළැඹෙන 10වන දිනට යෙදී තිබෙනවා. ඇය සිය උපන් දිනය සැමරුම ගැන පැවසුවේ මේ ආකාරයෙන් .

"මම මේ සැරේ ප‍්‍රිය සම්භෘෂණ කිසිවක් පවත් ව
න්නේ නැහැ. ජීවිතේ අපි දේවල් තේරුම් ගන්න කොට වෙනස් දේවල් කරන්න අපි කල්පනා කරන්න ඕනෙ".

"මම අද මේ තැන ඉන්නෙ මගෙ අම්මා තාත්තා මට උපතක් දු
න්න නිසා. අපි දරුවන් විදිහට දෙමව්පියන්ට සළකන්න ඕනෙ අපිට හැකි ශක්ති ප‍්‍රමාණයෙන්. අම්මලා තාත්තලා අපිව ලොකු මහත් කරලා උගන්වලා ජීවිතේ ලබන සතුට අප‍්‍රමානයි. අපි ඒ අයට පෙරළා යමක් දිය යුතුයි. අඩුම ගානෙ සතුට හරි".

"ඉතින් ඒ නිසා මම හිතුවා මේ සමාජෙ දරුවන්ගෙ ආදරයට, කරුණාවට, පාත‍්‍ර නොවූ අම්මලා, තාත්තලා පිරිසක් ජීවත්වෙන පානදුර 'ආලෝකා' නිවාසයට ගිහින්, එතැන ඉන්න අම්මාවරු- පියවරු වෙනුවෙන් සතුට, ආදරය ,කරුණාව වගේම ඒ අයට අවශ්‍ය උපකරණ දීලා එන්න ඕනෙ කියලා. මුදල් වළින් තක්සේරු කරන්න බැරි හුගක් දේවල් තිබෙනවා. ඒ ආදරය, කරුණාව වගේ දේවල්".

"එදාට මම ඒ අයට දිවා ආහාරය වගේම, හැන්දෑවේ තේ සංග‍්‍රහයකුත් කරලා, ලක්‍ෂ එකහමාරක විතර තෑගි බෝගත් දීලා සින්දුවක් කියලා ඒ අයව සතුටින් තියලා එන්න තමයි සැළසුම් කරලා තියෙන්නෙ. 10 දින උදෑසන බෞද්ධයා චැනල් එකේ දළදා පූජාවට සම්බන්ධවෙනවා".

"මේ සියලූ දේවල් වලට මගේ පවුලේ අය, මගේ සමීප යහළු යෙහෙළියන් සහ කලා ක්‍ෂෙත‍්‍රයේ මගේ සමීප සහෝදර කලා ශිල්පීන් ශිල්පිණියන් මෙන්ම, මගේ රසික රසිකාවියන් 10 දෙනෙකුටත් මාත් එක්ක මේ කර්තව්‍ය සඳහා දායක වෙන්න මම ආරාධනා කරණවා. ඒ සඳහා contact@hemamali.com එකට මට මේල් එකක් එවලා අවස්ථාව ලබා ගන්න පුළුවන්".

නදීෂා උපන්දින දා ඇය කරන්නට සූදානම් වන වැඩ පිළිවෙල ගැන කිව්වෙ එහෙමයි. නදීෂා තරමක් විනෝද වෙන්න කැමති කෙනෙක්. පසුගිය කාලවල අපි දැක්කා ඇය මහත් ඉහළින් උපන්දින සාද පැවැත්වූ ආකාරය. කෙසේ හෝ අන් අයටත් ආදර්ශ සපයමින් ඇය කරණ මේ ක‍්‍රියාව එක උපන්දිනයකට පමණක් සීමා නොවනවා නම් හොඳයි.
 
Related Posts with Thumbnails