Ads 468x60px

.

රතුපස්වලදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ෂමිල රවිශාන් සිසුවාගේ අවසන් කටයුතු අද (07)...

වැලිවේරිය නගරයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය වැලිවේරිය බණ්ඩාරවත්තේ ෂමිල රවිශාන් පෙරේරා සිසුවාගේ අවසන් කටයුතු අද සවස 3.30 ට වැලිවේරිය රෝමානු කතෝලික සූසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් වැලිවේරිය නගරය සහ අවට ගම්මානවල සුදු කොඩි ඔසවා තිබූ අතර ක්‍රීඩාපිටිද සුදු කොඩි වලින් සරසා ඇත. වැලිවේරිය අවට පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවති.

මේ වනවිට ඔහුගේ නිසල සිරුර නිවසේ තැන්පත් කොට තිබේ. දහඅට වසරක් පුරා තම නිවසට පහනක් වූ දරුවාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර දෙස බලා ගෙන මෑණියන් වූ ලූසියන් මාග්‍රට් පෙරේරා මහත්මිය හා පියා වූ එච්. ඇන්ටනී පෙරේරා මහතා මහත් කම්පිතව සිටී.


ඉකුත් දින කිහිපය මුලුල්ලේ මේ සිසුවාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට සිය ගණන් පිරිස් පැමිණියහ.

ෂමිල සිසුවා උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයේ අ.පො.ස. උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ අතර මේ සතියේ ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටියේය. උපකාරක පන්තියකට සහභාගී වී නිවෙස බලා එමින් සිටියදී හමුදා වෙඩි පහරකට ලක්විණ .

මේ නිවසට අද (07) උදෑසන හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැමිණ, ෂමිලගේ ඥාතීන්ට ශෝකය පල කල අවමගුල් වියදම් වෙනුවෙන් මුදලින් පරිත්‍යාගයක්ද කර ඇත.


මේ ප්‍රශ්නයේදී රතුපස්වල ජනතාව ගත් ක්‍රියාමාර්ගය අසාධාරණයයි කියන්නට කොහොමවත් බැහැ. ජනමාධ්‍ය ඔස්සේ ඔවුන් දැක්වූ අදහස් වලින් එය පෙනීයනවා. 

නීති පොතේ භාෂාවෙන් කියනවා නම් යුතු ජන රාශියක්, අපිට තේරෙන භාෂාවෙන් කියනවානම් මිනිස්සු පක්ෂ පාට ජාති කුලමල භේදයකින් තොරව පොදු කරුණක් උදෙසා කරන උද්ඝෝෂණයක් වලක්වන්නට අයිතිය තිබෙන්නේ කාටද? අධිකරණයට පමණයි.

අධිකරණය එවැනි තීරණයක් ගන්නේ පොලීසිය විසින් ඉදිරිපත් කරන වාර්තා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙනවානම් පමණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා සමාජයේ අනෙකුත් බහුතරය දැඩි පීඩාවකට ලක්වන බව පොලීසිය විසින් අධිකරණයට කරුණු ඔප්පුකර පෙන්විය යුතුයි. 


විනිශ්චයකාර වරයාත් අධිකරණයට යන පොලිස් නිලධාරියත් රජයේ එහෙයියන් නම් එතැනදී සාධාරණයක් ඉෂ්ඨවන්නේ නැහැ. ඒ එක පැත්තක්.

මේ වගේ ප්‍රශ්න වලට හමුදාව මැදිහත් වෙන්නේ ඇයි? මැදිහත් වියයුත්තේ ඇයි? එහි සීමාවන් මොනවාද? කවුද වගකීම දරන්නේ? එයින් ඇතිවන ප්‍රතිඵල වලට වගකිවයුත්තේ කවුද? අපි මේ කරුණු ටිකක් සවිස්තරාත්මකව බලමු. යුදහමුදාවක් සංග්‍රාමික කටයුතු වලදී යෙදෙන ප්‍රධාන භූමිකා (role) දෙකක් තිබෙනවා.

සාම්ප්‍රදායික සංග්‍රාම – Conventional Warfare – CW
ප්‍රතිවිප්ලවීය සටන් – Counter Revolutionary Warfare – CRW


මේ ප්‍රධාන භූමිකා දෙක යටතේ තවත් උප කොටස් තිබෙනවා. ඒවා පසුවට තබා, රතුපස්වල සිද්ධියට අදාළ කොටස විතරක් එළියට ගන්නම්. ඒ උප කොටස් වලින් එකක් හඳුන්වන්නේ, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි – Internal Security Duties = IS Duties කියලයි. මොනවද IS Duties කියන්නේ? මෙන්න මේවගේ දේවල්.

හමුදා භටයන් හෝ අවි ආයුධ පතරොම් වැනි දේ එක තැනක සිට තව තැනකට වාහන වලින්, දුම්රියෙන්, (යුද්ධයක් නැති ප්‍රදේශයක වුනත්) ආරක්ෂිතව ප්‍රවාහනය සංවිධානාත්මකව, ආරක්ෂිතව, හමුදා පිළිවෙත අනුව සිදුකිරීම. (ඒ සඳහා රජයේ චක්‍රලේඛ වගේ හමුදාවේ තියනවා කාලයෙන් කාලයට පනවන ස්ථාවර නියෝග – standing orders)

වැදගත් පුද්ගලයන්ට – VVIP/VIP සහ මර්මස්ථාන - Vulnerable Points – VP වෙත ආරක්ෂාව සැපයීම. (උදාහරණ; ලොකු දෙස්පාලුවන්ට, කාලීනව ආරක්ෂාව අවශ්‍යයි කියලා රජය විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන වෙනත් පුඟුලන්ට, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු/තෙල් ගබඩා/විදුලිබලාගාර/ජලාශවල වේලි ආදී බරපතළ හානි සිදුවියහැකි ස්ථාන.)

යුද්ධයක් නොවන, අභ්‍යන්තර කැරළි කෝලාහල, සන්නද්ධ කණ්ඩායම් වලින් කරන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ජන පීඩන ක්‍රියා, මැඩපැවැත්වීම සඳහා පොලීසියට සහාය වීම.

ඔන්න ඔයවගේ රාජකාරි ලැයිස්තුවක් තමා අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි කියලා කියන්නේ.

ඔන්න අපේ කට්ටිය පොට වරද්දාගත්තේ, මෙන්න මේ පොලීසියට සහාය දීමේ වැඩේ කරන්න ගිහින් තමයි. අපි බලමු යුදහමුදා පුහුණුවේදී මේ පිළිබඳව තිබෙන න්‍යාය/පිළිවෙත/නියෝග/ මොනවාද කියා. 


ඔබෙන් සමහර අය හිතාගෙන ඇති යුද්ධයකදී විශාල සේනා සංවිධානය කර, ‘ඔයගොල්ලෝ මෙහෙන් යන්න, ඔයාලා මෙහෙන් ගිහින් මෙහෙම කරන්න’ ආදී වශයෙන් තමයි යුද්ධ කරන්නේ කියා. නැහැ. ආරක්ෂක විද්‍යාව කියන්නේ ලෝකයේ බොහොමයක් රටවල (ලංකාවද ඇතුළුව) විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන ඉතා ගැඹුරු විෂයයක්.

සාමාන්‍ය නිළධාරි පුහුණුවේදී පවා මේ විෂයය අවශ්‍ය තරම් ගැඹුරට හදාරනවා. සොල්දාදුවන්ටත් ඔවුන්ගේ මට්ටමට ගැලපෙන පුහුණුවක් දෙනවා. සංග්‍රාමයක් පවතින්නේ සංග්‍රාමික මූලධර්ම මත බව, මම මීට පෙර ඔබට කියාදී තිබෙනවා මතකද? 


මේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටුකිරීම පිළිබඳව තිබෙන හමුදා ප්‍රකාශන වල ඇති කරුණු, එලෙසින්ම ගෙනහැර දැක්වීම හමුදා නීතියට පටහැනි නිසා, මා ඔබට ඒ ඇසුරෙන් පමණක් කරුණු පැහැදිළි කරන්නම්.
මේ වගේ වැඩකට භටපිරිස් යොදවන්න කළින් පහත දැක්වෙන කරුණු ගැන සිතා බැලිය යුතුයි කියලයි පොතේ තියෙන්නේ. වෙනත් වචන වලින් කියනවානම් මූලධර්ම ලෙස සැලකියයුතු කරුණුයි මේවා.

තමන් කරන ක්‍රියාවේ සාධාරණ සහ යුක්තිසහගත බව – Justification


වැළක්වීමේ ක්‍රියාවක් ලෙස පමණක් යෙදවීම – Prevention


සෑමවිටම අවම බලය යෙදවීම – Minimum Force


හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටද සම්පූර්ණයෙන් අනුකූලව ක්‍රියාකිරීම – Legal Obligations

අහිංසක, නීති ගරුක, සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාකිරීම – Safeguarding Loyal Citizens


තමන් (හමුදාව) කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොවන ආකාරයට ක්‍රියාකිරීම – Maintenance of Public Confidence


තමන් කරන සෑම ක්‍රියාවකම සාධාරණත්වය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට හැකිවනසේ ක්‍රියාකිරීම – Evidence

මා හිතනවා, මේ සිද්ධිය ගැන පරීක්ෂා කරන හමුදා පරීක්ෂණ කණ්ඩායම, තම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම, Land Operations නමැති මහා හමුදා පොතේ, Counter Revolutionary Operations යන කොටස යටතේ එන, Internal Security යන දීර්ඝ පරිච්ඡේදය නැවත කියවා බලනු ඇතැයි කියා.

මීළඟට මා ඔබව කෙළින්ම ගෙනයන්නේ රතුපස්වල වැනි සිද්ධියකදී කලයුතු දේ පිළිබඳව හමුදා පොතේ කියා තිබෙන්නේ මොනවාදැයි සොයාබැලීමටයි. මේ සම්බන්ධව ඇති ඉතා දීර්ඝ කරුණු රාශියක් හැකිතරම් සංක්‍ෂිප්තකොට කියන්නම්. නැත්නම් ඔබට මේ ලිපිය නීරස වෙනවා. ඒ වගේමයි හමුදාවේ රහසිගත classified තොරතුරුත් මෙහි ඇතුළත් කරන්නට හැකියාවක් නැහැ.

පොතේ කියන්නේ මේ වගේ තත්වයන් ඇතිවිය හැකි බව ඒ ඒ රටේ හමුදා ප්‍රධානීන්ගේ අවධානයට ලක්වූ වහාම ඒ පිළිබඳව ඉතා සැළසුම් සහගත පූර්ව සූදානමක් තිබියයුතු බවයි. (එදා රතුපස්වලදී මෙහෙමම වුනා කියලා මම කියන්නේ නැහැ. 


නමුත් මොහොතකට මෙහෙම හිතන්න. කොළඹ නගරය පුරා කුළීකරුවන් මෙන් දවස පුරා වෙහෙසෙන සෙබළුන් ඉන්නේ හිත සතුටෙන් නොවේ. තමන් පාර හදන කම්කරුවකුගේ අත්වැඩ දෙන්නෙකු බව, තම නෑ දෑ හිතවතුන් දැක්කම, ඔහුට මොනවද හිතෙන්නේ?

ඉතින් මෙහෙම වැඩ කර කර ඉන්න අතරේදී එකවරම, ‘ටක් ගාලා යුනිෆෝම් එක දාගෙන, වෙපන් එකත් අරන් වරෙන්, කචල් එකක් තියනවා නවත්තන්න’ කියලා මේ සෙබළාගේ කෝප්‍රල්/සැරයන්/නිළධාරියා කිව්වොත්, ඔහු යළිත් හිතෙන් බැණ බැණ එනවා. 


ඒ එන්නේ අර මිනිස්සුන් එක්ක කෝපයෙන් වෛරයෙන්. ‘මේ %$#^ගේ පුතාලා නිසා අපට නිවනක් ඇත්තෙම නෑනේ යකෝ. අපි මේ උදේ ඉඳන් දවස පුරා කුළීකාරයෝ වගේ නැහෙනවා, මුන් කාලා බීලා තෙල මෝරලා එනවා රට පෙරළන්න’ යන හැඟීමෙන් තමයි ඔවුන් අර මිනිස්සු දිහා බලන්නේ.

ඒ නිසා, ‘අපිව කන්ඩ එන කාලකන්ණි හැත්ත, හිටපියවූ තොපිට දෙන්නම්……….’ යන හැඟීමෙන් ක්‍රියාකරන්නට හොඳටම ඉඩ තිබෙනවා.) ඒ නිසා තමයි පූර්ව සූදානම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සඳහාම වෙනමම විශේෂයෙන් පුහුණුකළ භටපිරිස්, වෙනත් රාජකාරිවල නොයොදවා සූදානම්ව තැබිය යුතුයි.

මෙලෙස හමුදා මැදිහත්වීමක් කරන්නට පෙර, හමුදා ප්‍රධානීන් උසස් පොලිස් ප්‍රධානීන් සමග තත්ත්ව සමාලෝචනයක අනිවාර්යයෙන්ම යෙදිය යුතුයි. එහිදී, පොලීසිය පැහැදිළිව පෙන්වා දිය යුතුයි, මෙය හමුදා සහායෙන් තොරව, තමන්ට තනිවම පාලනය කළ නොහැකි තරමට වර්ධනය වෙමින් පවතින තත්වයක් බව. හමුදාව සිද්ධියට මැදිහත් වුනාට පස්සේ අණ දීමේ බලය තියෙන්නේ හමුදා නිළධාරියා අතේ.

ඊට පස්සේ පොලීසියේ මොන ජගතාටවත් බැහැ හමුදාව නවත්වන්න. (අර වලං කඩේට පැන්න මීහරකාගේ ලොකු අප්පච්චි වගේ ඉන්න ඩී.අයි.ජී. හිතනවා ඇති හමුදාවටත් අණදෙන්න. මම හිටියානම්…….) ඒ සඳහා අණ දියයුත්තේ ඒ පිරිසට අණදෙන හමුදා නිළධාරියාමයි. එහෙම නොවුනොත් ඔක්කොම අවුල් ජාලයක් වෙනවා.

මෙතැන් සිට පොතේ විස්තර කරන්නේ ප්‍රහාරක සැළසුම් විධි සහ උපක්‍රම. මා මෙහිදී ඒවා විස්තර නොකරන්නේ රහසිගත තොරතුරු නිසයි. මෙන්න මේ කරුණ කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරනවා.


පොතේ සඳහන් පරිදි, පොලීසිය, මේ සඳහා හමුදාවේ සහාය ලබාගැනීමේදී, අනුගමනය කළයුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා. පිරිස විසුරුවා හැරීමට උසාවි නියෝගයක් ලබාගෙන තිබිය යුතුයි.

පොතේ කියන්නේ මහේස්ත්‍රාත්වරයා පිරිස විසිරවීමට යොදන හමුදා කණ්ඩායම සමග සිටිය යුතුයි කියලයි. ඒ හමුදා කණ්ඩායම සිද්ධිය වන ස්ථානයට ගිහින් හිටගත යුත්තේ හරි හතරැස් හැඩයකට box formation සෙබළුන් සිටින පරිදියි. බලන්න මේ සමග ඇති පින්තූරය සහ පහත දැක්වෙන සටහන.


ඉහත පින්තූරයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති හමුදා භට පිරිස සංවිධානයවී ඇති ආකාරය. පහත සටහනේ තිබෙන සෑම කොටුවකින්ම එක් පුද්ගලයකු නිරූපණය වෙනවා. 

(35 ක් ඉන්නවා) ඉහත පින්තූරය බැළුවම ඔබට පෙනෙනවා වටේට ඉන්න සෙබළු, (දෙදෙනෙකු හැර) සියළු දෙනාම පිටතට මුහුණලා ඉන්නේ කියලා. පහත සටහනේ එක් එක් කොටුව අසළ ඇති ඊතලයෙන් පෙන්වන්නේ ඒ ඒ පුද්ගලයා මුහුණ දා සිටින පැත්තයි. මේ කණ්ඩායමේ ඇතුළත එක් එක් පුද්ගලයාට නියමිත තැනක් තිබෙනවා.

මා ඒ තැන් කොටු වලින් ලකුණු කර ඇතත්, ඒ ඒ ස්ථානයේ ඉන්නේ කවුද කියා ලකුණු නොකරන්නේ, ඒවා රහසිගත තොරතුරු නිසා. නමුත් ඉන්න පිරිස කියන්නම්. 


හමුදා ඡායාරූප/වීඩියෝ වාර්තාකරු, මහේස්ත්‍රාත්වරයා, භට පිරිසට අණදෙන හමුදා නිළධාරි, ඛණ්ඩය භාර හමුදා සැරයන්, නිවේදක, බැනර් අල්ලන්නන් දෙදෙනයි, හමුදා ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු, බියුගල් නලාකරු, පොලිස් නිළධාරියා, සීමා ලණු අදින්නන් දෙදෙනයි, ගිලන්මැසිකරුවන් දෙදෙනයි, ප්‍රථමාධාරකරු.

මොනවද අප්පච්චියේ මේගොල්ලෝ කරන්නේ. ඡායාරූප/වීඩියෝ වාර්තාකරු සෑම මොහොතක්ම පටිගත/ඡායාරූපගත කළයුතුයි. මහේස්ත්‍රාත් නිරීක්ෂණය කරනවා නීතියට යුක්තියට අනුව සියල්ල සිදුවන්නේදැයි කියා. නළාකරු ඉස්සර හිටියා. 


ඔහු තමයි මුලින්ම බියුගල් නළාව පිඹලා කළහකාරී පිරිසේ අවධානය ගන්නේ. එවිට බැනර් කරුවෝ දෙන්නා කලහකාරීන්ට පෙනෙන්න බැනර් එකක් අල්ලනවා ඉහළට ඔසවලා. එහි භාෂා තුනෙන්ම ලියලා තියනවා අයුතු ජන රාශියකි වහාම විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කියලා.

ඊළඟට නිවේදක තමන් අතේ ඇති මෙගෆෝන් එකෙන්, භාෂා තුනෙන්ම කියනවා අයුතු ජන රාශියකි, වහාම විසිර යනු, විසිර නොගියොත් වෙඩි තබනු ලැබේ කියලා. සීමා ලණු අදින්නන් මේ භට පිරිස සහ අර කලහ කාරීන් අතර මැද ප්‍රදේශයේ, ලණුවක් හෝ කටු කම්බියක් වැනි යමක් එළනවා. 


ඉන්පසු නිවේදනය කරනවා, එම සීමාව පසු කළොත් වෙඩි තබනවා කියලා. ඊළඟට ඉතින් අපෙන් වෙඩි තැබීමක් සිදු වුනොත්, කිසිදු තුවාල කරුවකු අර පිරිසට රැගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන් අපේ ගිලන් මැසිවල තබාගෙන, අපේ පැත්තට ගෙනත්, ප්‍රථමාධාර දී, වහාම පොලිස් ආරක්ෂාව යටතේ, රජයේ රෝහලකට ඇතුළත් කරනවා.

ඔන්න දැන් ඉතින් මට කියන්න එපා, එදා රතුපස්වල වුනේ මෙහෙම නෙවෙයිනේ කියලා. අර කියමනක් තියනවනේ පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහට කියලා. 


සමහරුන්ට හිතෙයි මේ පොත පරණයි කියලා. කොහෙත්ම නැහැ. අර නලාකරු, බැනර්කරුවන් වගේ අය නැතත්, මේ ක්‍රමයම තමයි අදත් කරන්නේ (අනිවාර්යයෙන් කළයුත්තේ) එදාට වඩා 500% ක් සාර්ථකව අද මෙය කරන්න පුළුවන්.

දැන් පෙනෙනවානේ, හමුදාව රබර් උණ්ඩ අරන් එන්නේ නැහැ. හමුදාව කියන්නේ හමුදාව. අහවල් එක තියාගෙන අහවල් එකෙන් කොරන්න හමුදාව දන්නේ නැහැ. ඒ නිසයි අවසාන අවස්ථාව දක්වා ඉවසාගෙන ඉන්නේ. පොලීසියට හොඳටම ඉඩ තිබුනා තමන්ගේ අහවල් එකෙන් කොරන්න හමුදාවේ එකෙන් කොරවාගන්නේ නැතුව.

ඔන්න පොතේ දේවල් කියන්න පුළුවන් උපරිම දුරට කිව්වා. ඊළඟට රතුපස්වල ගැන මගේ නිරීක්ෂණ කියන්නම්.

මේ සිද්ධිය පැය කීපයකින් ඇතිවුන කුමන්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ ප්‍රශ්නය පිළිබඳව මිනිස්සු මුලින්ම අප්‍රසාදය පළකළ අවස්ථාවේදී, ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට තිබුනා, මේ තත්වය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත, ප්‍රාදේශීය සභාව වෙත, වාර්තාකරන්න, වහාම සුදුසු පියවර ගන්න කියලා. කෝ ඉතින් කරලා නැහැනේ.
 

ප්‍රාදේශීය සභාවේ බරපතළ වගකීමක් තමයි,මේ තත්වය ආරම්භවූ කාලයේදීම කරුණු සොයාබලා සුදුසු පියවර ගැනීම. එහෙම දෙයක් වෙලා නැහැ.

මේ රටේ තියනවානේ විවිධ පරිසර සංවිධාන මානව හිමිකම් සංවිධාන. ඒවායේ පිංපඩි ගන්න උන්නැහේලා, දිනපතා මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය කියවමින්, අසමින්, බලමින් සොයමින් (අසමි දකිමි සොයමි) :D සිටිය යුතුයි රටේ මොනවද වෙන්නේ කියා. 


(ඒගොල්ලන්ගේ මාධ්‍ය, දිනමිණ, ඔරොප්පු වාහිනී, සහ නයි ටී එන්, විතරද දන්නේ නෑ) එහෙම වුනානම් මේ ප්‍රශ්නයේ මුල්ම අවධියේදී මෙයට මැදිහත්වෙලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න තිබුනා. ඔය කියන විදිහට ගම් 10 ක ජනතාවට මෙය බලපානවා කියා අධිකරණ නියෝගයක් අරන් අර කම්හල වහන්නත් ඉඩ තිබුනා.

ඔය පැත්තේ පොලීසියේ අය, ක.බො.නි. න්‍යාය (කනවා බොනවා නිදාගන්නවා) අනුව ක්‍රියා කරන අයදැයි මා දන්නේ නැහැ. ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න බව, පොඩි පොඩි විරෝධතා යනකොට උන්නැහේලාට තේරුනේ නැද්ද? පොලිස් බුද්ධි අංශය ගමට රිංගවලා, මොකද වෙන්න යන්නේ කියා හොයා බලා, ඉහළට වාර්තා කරන්න, උකුණු පුකක් තරම් මොළයක් තිබුනේ නැද්ද?

ඔය පැත්තේ සෑහෙන්න ඉන්නවා කතෝලික ජනතාව. මොකද හාමුදුරුවරු විතරක් උපවාසෙට ආවේ? කතෝලික පියතුමන්ලා වචනෙකින්වත් සහයෝගය නොදෑක්වුවේ ඇයි? මා කතාකරන්නේ උන්වහන්සේලාට විරුද්ධව නොවේ. ඇත්ත කුමක්දැයි දැනගැනීමටයි.

වැඩේ හුඟක් බරපතළ බව කල්තියා පෙණුනානම්, ජාතික රහස් ඔත්තු සේවය, හමුදා බුද්ධි අංශය යොදවා කරුණු සෙව්වානම්, අර අපේ හමුදා ප්‍රකාශක තුමා රූපවාහිනියට කියපු, මහජනතාව අතරට රිංගලා හිටිය තුන්වැනි ද හතරවැනි ද බලවේගය හොයාගන්න තිබුනා නේද?

ඔය ගම් දහයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ගේ පවුල් කීයක් ඇද්ද? නිකම් දැන ඇඳුනුම්කම් මත, අයියේ, මල්ලියේ, මාමේ, බාප්පේ, මචං, මොකද වෙන්න යන්නේ කියලා ඇහුවනම්, වෙන්න යනදේ කල්තියා දැනගෙන, අර හතරවෙනි බලවේගේත් හොයාගෙන, මේ නැතිවුණු ජීවිත තුන රැකගන්න තිබුනා නේද?

පොලීසියේ ජල ප්‍රහාරක යන්ත්‍ර සද්දන්ත කුලේ ඒවාද? ඒවා කොළඹ තියන උසස් උද්ඝෝෂණ වලට විතරද යොදවන්නේ? මේ ගමේ බයියෝ මැරුණට කමක් නැති නිසාද එදා ඒවා නොයෙදුවේ? එකක් ගෙනත් ඒ වතුරට එක පොලිස් කාරයෙකුගේ කක්කා ටිකක් දියකරලා ගැහුවානම් අර මිනිස්සු පටස් ගාල විසිරෙනවා නේද? 


ඇයි යකෝ මිරිස් මෝලකින් මිරිස්කුඩු ටිකක් අරන් දිය කරලා ගැහුවනම් මිනිස්සු නොමැරී, තුවාල නොවී, හමුදාවේත් පොලීසියේත් නම්බුව රැකී, උද්ඝෝෂණය අවසන් වෙනවා නේද?

පොලිස් අශ්වයෝ දෙන්නෙක් ගෙනත්, මිනිස්සු මැදට අරන් ගියානම් බයවෙනවා. ඒක අදටත් බොහෝ රටවල කරනවා. ලවුඩ්ස්පීකර් හයිකරපු හෙලිකොප්ටරයක් ගෙනත්, හොඳටම පාත් කරලා, විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කිව්වනම්, මිනිස්සු බයවෙලා විසිරෙනවා.

T 56 තුවක්කුවක ක්‍රියාකාරී ලක්ෂණ, characteristics ඔය ආව එක ලොක්කෙක්වත් දන්නේ නැද්ද? මීටර් 100 කට අඩු දුරකදී, මිනිහෙකුට, කෙළින්ම වදින හෝ වෙනත් ඝන වස්තුවක වැදී, හැරී ඇවිත් වදින, T 56 උණ්ඩයකින් මොකද වෙන්නේ කියලා, ගමේ වින්නඹු අම්මා වුනත් දන්නවා නේද?

මේ සඳහා කොපමණ පරීක්ෂණ කළත්, ඒවාගෙන් කාට හෝ දඬුවමක් ලැබෙයි කියා හිතන්න අමාරුයි. සමහරවිට, රතුපස්වල කීපදෙනෙක් හිරේ යන්න ඉඩ තියනවා.

මෑතක සිට රජය උද්ඝෝෂණකරුවන් මරා දැමීමේ/ආබාධිත තත්වයට පත්කිරීමේ ප්‍රවණතාවක් ඇතැයි සිතෙන්නේ, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සහ තවත් ස්ථානවල උද්ඝෝෂණ වලදී, ආරක්ෂක අංශ වෙඩි පහරින් මිනිසුන් මියයාම නිසයි.

රජය කියන්නේ උඹලාට හෙට මැරෙන තරම් බරපතළ ප්‍රශ්න තිබුනත්, හිඟන්නන් මෙන් බැගෑපත් වෙයල්ලා උද්ඝෝෂණ කරන්න බැහැ කියලාද?


- අසමි දකිමි සොයමි ලියන විචාරක
 
Related Posts with Thumbnails