Ads 468x60px

.

මට කුමන්ත්‍රණ කරන එවුන් මම දන්නවා, දවසක මම එවුන්ගේ යට ඇදුමුත් ගලෝනවා - මර්වින්

කැළනියයි ගම්පහයි 
දාල යන්නෙත් නැහැ...

තමන්ට කුමන්ත්‍රණ කරන්නේ කවුරුන්ද යන්න තමා දන්නා බැවින් අවශ්‍ය වුනොත් එදාට උන්ගේ රෙදි ගැලවෙන්න කියනවා යැයි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

එහිදී ඒ මහතා
දුරටත් පවසන්නේ රතුපස්වල ජල ප්‍රශ්නයට මුලින්ම තමන් මැදිහත්වී විසඳුමක් ලබාදුන් බවත් තමන්ට පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසඳුම ලැබුන් බවත්ය.

එහිදී අමාත්‍ය වරයා පවසන්නේ "මේ සිදුවීම උනාට පස්සේ අපේ දිස්ත්‍රික්කේ ඇමතිවරු එකතුවෙලා තිබුනා මේ ප්‍රශ්නෙ ගැන සාකච්ඡා කරන්න. අස්සයා ගියාට පස්සේ ස්තාලේ වහලා වැඩක් නෑ...


මම මුලදිම මේ ප්‍රශ්නෙට මැදිහත් වුනා ඊට පස්සෙ තමයි ගරු ආරක්ෂක ලේකම් තුමත් මැදහත් වුනේ....

හැබැයි කියන්න ඕන දවසක් ආවොත් කියනවා. මගේ කුමන්ත්‍රණය පසු පස ඉන්නේ කවුද කියලා මම දන්නවා. කියන්න ඕනකමක් වුනොත් එදාට මම රෙදි ගැලවෙන්න කියනවා. රතුපස්වල ප්‍රශ්නෙ පිළිබඳවත් නිසොල්මන්ව හිටිය කට්ටිය මන් දන්නවා. ඒකත් රෙදි විතරක් නෙවෙයි යට ඇදුමත් ගැලවෙන්න මම කියනවා....

කවුරු කොහොම කිව්වත් 25,000ක් ඡන්දෙ දීපු 152,000 ඡන්දෙ දීපු කැළනියයි ගම්පහයි දාල යන්නෙත් නැහැ...." යනුවෙනි.
 
Related Posts with Thumbnails