Ads 468x60px

.

බොඳ කරපු මගේ පිංතූරය නිසා මම වෛද්‍ය ප්‍රතිකාරත් ගත්තා - සේමිණි (පිංතූර)

ජනප්‍රිය නිළියකවන සේමිණි ඉද්දමල්ගොඩ, වෙබ් අඩවිවල පළවූ පුවත් සම්බන්ධයෙන් ඇය කනගාටුවෙන් සිටින බව අප වෙත වාර්තා වෙනවා..

ඇය පවසන්නේ අදාල පුවත සම්බන්ධයෙන් මෙවැන්නකි.

"ඔය ආරංචිය වැරැදි පුවතක්. එහි සඳහන්ව තිබුණේ මගේ වෙබ් පිටුවකට පිටස්තරයෙක් අසත්‍ය පුවතක් ඇතුළත් කළා කියලා. 

ඔහුට විරුද්ධව මා නඩුවක් පැවරූ බව. ඒක නෙවෙයි එතන සිද්ධ වුණේ. මං මීට ටික කලකට ඉහත එක්තරා නිවුස් වෙබ් එකකට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත්තා. 

බොඳ කරපු මගේ පිංතූරයකුත් එක්ක තනිකර මඩ පුවතක් පළ කිරීම සම්බන්ධව. ඒ නඩුවෙහි විස්තර පටලවලා අරගෙන වෙනත් විදිහකටයි පුවත ගිහිල්ලා තියෙන්නේ."

අදාල පුවත පලවී තිබුණේ සේමිණිගේ විමසීමකින් තොරව බවත්, එය තමාගේ අකුසල කර්මයක් පලදීමක් ලෙස සිතන බවද ඇය කියන්නීය. ඒ පුවත හේතුවෙන් ඇතිවූ තිගැස්ම නිසා සේමිණි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවද ඇය මාධ්‍යට පවසා තිබෙනවා.

අලුත්ම ආරංචි න්නේ, සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි නිසා සේමිණි මහත් වීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා. සේමිණි මෙසේ මහත්වී ඇත්තේ ප්‍රසන්නගේ අලුත්ම සිනමා සිත්තම වන විසිඅට ශ්‍රී සිනමා පටයේ රගපෑම වෙනුවෙනි.

එහි තවත් විස්තර පහතින්

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ කෙළින් කතා කරන, සෘජුව අදහස් ප්‍රකාශ කරන නිළියක්. ඒ වගේම මොන කට කතා හැදුනත් කෙසේ හෝ හොඳට හිනා වෙලා ඉන්න ශක්තිමත් ගැහැනියක්.

ඇය පිළිබඳ මාධ්‍ය ඔස්සේ පසුගිය සමයේදී නිතර නිතර පුවත් පළ වුණා. ඒ එක්තරා නිළියක් සමඟ පටලා ගත් නඩු හබයක් ගැන. ඒ උණුසුම වියැකී යන්නටත් මත්තෙන් සේමිණි ආයෙත් යම් පාර්ශවයකට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට සූදානම් වෙනවා කියලා ගිය සතියේ ජාතික පුවත්පත් කිහිපයකම පළ වුණා. 


මේ පිළිබඳ ඇත්ත නැත්ත අපි සේමිණිගෙන් කෙලින්ම විමසීමක් කළා. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන ගමන් ඇය තවත් අදහස් කිහිපයක්ම සාෘජුවම කියන්නත් පසුබට වුයේ නැහැ. 

මේ සේමිණි ඉද්දමල්ගොඩ සමඟ අප උණුසුම් කතාබහක් 

සේමිණි අපි කෙළින්ම මාතෘකාවට ආවොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකක්ද මේ නඩු කතාව. කාට විරුද්ධව ද ඔබ ඒ නඩුව පවරලා තියෙන්නේ?

මුලින්ම කියන්න ඕන ඔය ආරංචිය වැරැදි පුවතක්. එහි සඳහන්ව තිබුණේ මගේ වෙබ් පිටුවකට පිටස්තරයෙක් අසත්‍ය පුවතක් ඇතුළත් කළා කියලා. ඔහුට විරුද්ධව මා නඩුවක් පැවරූ බව. ඒක නෙවෙයි එතන සිද්ධ වුණේ.


මං මීට ටික කලකට ඉහත එක්තරා නිවුස් වෙබ් එකකට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත්තා. බොඳ කරපු මගේ පිංතූරයකුත් එක්ක තනිකර මඩ පුවතක් පළ කිරීම සම්බන්ධව. ඒ නඩුවෙහි විස්තර පටලවලා අරගෙන වෙනත් විදිහකටයි පුවත ගිහිල්ලා තියෙන්නේ.

ඒ පුවත පළ කරන්නට ප්‍රථම අදාළ කිසියම් හෝ පුද්ගලයෙක් ඔබෙන් විමසීමක් කළාද?

 
නැහැ. මගෙන් කිසිදු විමසීමකින් තොරවයි එය ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. අඩුම ගානේ මං ඒ ගැන දන්නෙත් පුවත්පත පිට වුණායින් පස්සේ.

කවුද ඔබ ගැන මෙහෙම අසත්‍ය පුවත් හදන්නේ?

ඒක ගැන මටත් හිතාගන්න බැහැ. හැබැයි මං හිතනවා මේ වෙලා තියෙන්නේ මගේ අකුසල් කර්මයක් පළදීමක් වෙන්න ඇති. එහෙම හිතලා මං හිත හදා ගත්තා.

මාධ්‍ය ලෝකයේ ඔබට තරහාකරයින් ඉන්නවද?

අපෝ නැහැ. මාධ්‍ය ලෝකයේ ඉන්නේ ඔක්කොම මගේ හිත මිතුරෝ. මං ඉතින් හැමෝමත් එක්ක සුහදයිනේ.

නිළියක් වීම ගැන මේ මොහොත වන විට සතුටින් ද ඉන්නේ?

පැහැදිලිවම. නමුත් මම අර කිව්ව අසත්‍ය පුවත වෙබ් පිටුවෙහි දැක්ක ගමන් ඇති වෙච්ච තිගැස්මට මං වෛද්‍ය උපදෙස් ගත්තා. ඒ වෙලාවේ නම් හිතුණේ මං නිළියක් නොවුණා නම් මේ වගේ කතා හැදෙන්නේ නැහැනෙ කියලා.

වෙබ් සයිට්වලින් ඔබට ඇයි මේ තරම්ම මඩ ප්‍රහාර එල්ල කරන්නේ?

වෙන මොකක්ද ඉතින්, මං ජනප්‍රිය නිසානේ. මට විතරක් නෙවෙයි, ජනප්‍රිය හැමෝටම ඔවුන් පහර දෙනවා.

ඔබට කටකතා හැදෙද්දී සැමියා ඊට මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

ඔහු එදා මෙන්ම අද ද නොවෙනස්ව එකම ස්ථාවරයක ඉන්නවා ඒත් . . .

ඇයි ඒත් කිව්වේ?

ඔහුගේ පාර්ශවයේ ඇතැම් වැඩිහිටියෝ කිව්වා මේ වගේ ආරංචි එනකොට මාව ඩිවෝස් කරන්න කියලා. ඒත් ඔහු මට හරිම ආදරෙයි. මං කරන්නේ මොනවද, කොහෙද යන්නේ යනාදී හැම විස්තරයක්ම දන්නවා. ඒක නිසා ඔහු මං කෙරෙහි දැඩි විශ්වාසයකින් ඉන්නේ.

සැමියා ගැන බොහොම ගෞරවයෙන්, ආදරයෙන් ඔබ කතා කරන්නේ. සාමාන්‍යයෙන් නිළියෝ එහෙම කියනවා අඩුයි?

සත්තකින්ම. මං තමයි මේ ලෝකේ වැඩියෙන්ම පින් කරපු කාන්තාව. මොකද දන්නවද එහෙම කියන්නේ මට මේ වගේ සැමියෙක් ලැබුණු හින්දයි.

ඔබේ දියණිය දැන් යෞවනියක්. මේ සිදුවීම් නිසා ඇයට යම් මානසික බලපෑමක් සිදුවන්නට ඇති?

මගේ දුව යන්නේ ජාත්‍යන්තර පාසලකට. ඒකට එන ළමුන්ගෙන් භාගයක්ම වැඩිහිටියෝ විදේශිකයන්. ඔවුනට ලංකාවේ නිළියෝ ගැන පළවන පුවත් හොයන්න වෙලාවක් නැහැ. බැරි වෙලාවත් සිංහල පාසලකට ගියා නම් තත්ත්වේ මීට වඩා බරපතළ වන්නට තිබුණා.

සිංහල මිනිස්සු සම්ප්‍රදායිකයි කියලද සේමිණි කියන්නේ?

අපේ අය අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ කරගෙන විඳවන අයනේ. සිංහල ඉස්කෝලෙකට මගේ දරුවා යැව්වා නම් මං ගැන අහ අහා එයාව පිස්සු කරවයි. ඒකයි මං කිව්වේ.

සේමිණිගේ නම කිව්වොත් ඕනෑ කෙනෙක් දන්නවා. ඕනෑවටත් වඩා කට කතාත් හැදෙනවා. නමුත් සම්මාන උළෙලවල්හි ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ ඔබ නැහැ නේද?

මං හිතන්නේ මගේ වටා ඉන්නේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් පිරිසක්. ඔවුන්ට කූපන් යව යවා මාව ජනප්‍රිය නිළිය කරන්න වුවමනාවක් නැතිව ඇති.

ඔබ කියන්නේ ජනප්‍රිය නිළියන් වටා ඉන්නේ මෝඩ රසික රසිකාවන් පිරිසක් කියලද?

අනේ මං එහෙම දෙයක් නෙවෙයි කලින් උත්තරයෙන් අදහස් කළේ. ජනප්‍රිය නිළිය සම්මානය ගන්න අයට වාසනා ගුණයත් බලපානවානේ. මට ඒ ගුණයක් නැතුව ඇති. හැබැයි මට ජනප්‍රිය නිළිය නොවුණාට කිසිම කනගාටුවක් නැහැ.

මේ දිනවල ඔබ සිටින බොහොම අපූරු නාට්‍යයක් විකාශය වෙනවා අමුතු මිනිස්සු කියලා?

ඔව්. මං ඒකේ රෝසා. මුළු නාට්‍යය පුරාම රෝසා නැති වුණත් සිටිය ටිකේ ඇයව හොඳින් කැපී පෙනුණා. රෝසා කියන්නේ සැබෑ ජීවිතයේ ඉන්න චරිතයක්.

අමුතු මිනිස්සු නිර්මාණය වන්නේ ප්‍රංශ - ඇල්ජීරියන් ජාතික ඇල්බෙයා කැමූගේ ද අවුට් සයිඩර් (පිටස්තරයා) නවකතාව ඇසුරෙන්. ඔබ ඒ ග්‍රන්ථය කියවලා බලල ද මේ චරිතය කළේ?

 
නැහැ. මං පොත කිව්වේ නැහැ. පිටපත විතරයි කියෙව්වේ.

ඒ නාට්‍යය රූගත කරද්දී සිදු වූ අමතක නොවන අත්දැකීම් ගැන ඔබේ මතකය අවදි කළොත්?

අමුතු මිනිස්සු තනිකරම රූගත කළේ රන්මිහිතැන්නේ. ඒ කාලය කොච්චර සුන්දර ද කිව්වොත් ෂූටිං නැති දවස්වලත් මං රන්මිහිතැන්නේ හිටියා. එතරම් ආසාවෙන් මං ඒ චරිතය කළේ. ඒක තමයි අමතක නොවන අත්දැකීම.

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය වන ‘සිනහව අතරින්’ හි ඔබ රඟපාන්නේ පෙම්වතියකගේ චරිතය. ඔබ තවමත් පෙම්වතියගේ චරිතයට සුදුසුයි කියලා ඔබ හිතනවාද?

මට චරිතයක් ලැබෙද්දි මං ඒ ස්වරූපයට වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයන් පිළිගනීවී ඒ චිත්‍රපටය නරඹලා මං පෙම්වතියට කොතරම් ගැළපෙනවද කියලා. මං ටිකක් කෙට්ටුත් වුණා ඒ චරිතයට.

චරිතයක් වෙනුවෙන් මහත් වෙන්න වුණත් ඔබ සූදානම්ද?

අනිවාර්යයෙන්ම.

එහෙනම් චරිතයක් වෙනුවෙන් මහත් වෙච්ච එක අවස්ථාවක් කියන්නකෝ බලන්න?

ප්‍රසන්න ජයකොඩිගේ අලුත් චිත්‍රපටය විසි අට ශ්‍රී සඳහා මං මහත් වුණා. මං ඒකේ මළමිනියක්.


SeminiIddamalgoda 600px 06 08 13 003
SeminiIddamalgoda 600px 06 08 13 001
SeminiIddamalgoda 600px 06 08 13 002
 
Related Posts with Thumbnails