Ads 468x60px

.

මලී ටෙලියේ මලී, මලී දෙකේ නැතිවූ හේතුව...

මලී දෙකේ මලී නැතිවීම ප්‍රේක්ෂකයන් අතර තරමක් කතාවට නැගුණ නිමිත්තකි. දෙරණ නාලිකාවේ විකාශය වූ මලී ටෙලියේ පළමු කොටස අවසන් වූයේ මලී නාට්‍යයේ මලී රට යාමෙනි.

ඇය රට ගියේ තමන්ගේ මවට පුංචි දියණිය භාර කරය. මේ අත්තම්මා හා මිනිපිරී අතර තියෙන සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන “මලී” දෙවන කොටස අත්තම්මා ලෙස දැන් දෙරණෙන් විකාශය වේ. 'මලී' පළමු කොටසේ මලී ලෙස රගපෑවේ සමාධි අරුණචායා.

තිස්සමහාරාමෙයන් කේෂත්‍රයට ආ සමාධි මලී ටෙලියට ඈදෙද්දී ඇගේ වයස අවුරුදු 20 කි. පාසල් කීපයකම අධ්‍යාපනය ලබා ඇති සමාධි ඒ අතරින් රත්නපුර සුමන බාලිකාව, දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද තංගල්ල බාලිකා විද්‍යාලයේ වැඩි කාලයක් ගත කර තිබේ.

ගෙදරට සුදුනෝනාත්, රටට මලීත් වූ සමාධිව අත්තම්මා ටෙලියට නොගැනීමට කෙලින්ම නොවුණද වක්‍රව චෝදනා එල්ලවූයේ සුනන්ද සිල්වාටය. සුනන්ද යනු මලී ලියූ මෙන්ම අත්තමමාද ලියූ පිටපත් රවකයාය.


සොහොයුරෝ, සැනසිලි සුවඳ, කෙම්මුර, හැංගි මුත්තං, දෙපත් නයි, කුලවන්තයෝ, නාඳුනන නෑයෝ, පාවෙන සරුංගල් මේ ආදී ටෙලි නාට්‍ය රචනා 120 ක් පමණ ඔහු අතින් ලියවී තිබේ. රට්ටු කෙසේ කීවද මලී වූ සමාධිව හැලී ගියේ වෙනත් කතාවක් නිසාය.

ඒ මලී හි අධ්‍යක්ෂ හා සමාධි මිතුරු වූ නිසාය. අධ්‍යක්ෂ හා සෙට්වූ මලී එතැකින් නොනැවතී මලී ටෙලියේ සියලු මෙහෙයවීමද ඇය අතට ගත් නිසා බව දන්නේ කිහිප දෙනෙක් පමණි. ඇත්තෙන්ම මලී ටෙලියේදී සමාධි, දුලීකා මාරපන හා කෙල ගැනීමද තවත් එක් හේතුවක් විය.

මලී රූගත කරද්දී එක් තැනක සමාධිට, දුලීකා සමග දු
ඇගවෙන ආකාරයට රගපෑමට තිබී ඇත. ඒත්, සමාධි එම කොටසට මුහුණ දී ඇත්තේ යන්තම් හෝ දුඛ නොපෙනෙන ආකාරයටය. මේ ගැන  දුලීකා උපහාසයෙන් කතාකර තිබේ.

ඊට උරණ වූ සමාධි, අධ්‍යක්ෂට හොදනම් තමුසෙට ඇති රුදාව කුමක්දැයි දුලීකාගෙන් විමසා ඇත. පසුව කට සැර දුලීකා එම දර්ශන තලයේදීම සමාධිට සුද්ධ සිංහලෙන් අමතා තිබේ.

ඒ අනුව එම නාට්‍ය යේ රගපෑ නඩයම සමාධි ගැනීමට විරුද්ධවීම නිසා සමාධි හලා පිටපත ලිවීමට සුනන්ද සිල්වාට දෙරණ මුල් පුටුවෙන් නියෝග ලැබී ඇත. සමාධි අත්තම්මාට සෙට්කර නොගත්තේ ඇය මාධ්‍යට කියනා සුරංගනා කතා නිසා නොවන බවද අප වෙත වාර්තා වෙනවා.

සමාධි 'ලක්බිමට' කී සුරංගනා කතාව පහතින්


පසුගිය කාලෙ දෙරණ නාලිකාවේ විකාශය වූ ‘මලී’ ටෙලිනාට්‍යයේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබූ නිර්මාණයක්. මලීගේ චරිතයට පණපෙවූ සමාධි අරුණචායාට ඇගේ සැබෑ නාමය අහිමි කරවන තරමට මේ ජනතා ප්‍රසාදය ප්‍රබල වුණා. පාරේ තොටේ දකින අය අද පවා තමාව අමතන්නේ ‘මලී’ ලෙසින් බවයි සමාධි පවසන්නේ. 

මලී නාට්‍යයේ මලී රට ගියා තමන්ගේ මවට පුංචි දියණිය භාරකරලා. මේ අත්තම්මා හා මිනිපිරී අතර තියෙන සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ “මලී” දෙවන කොටස අත්තම්මා දැන් දෙරණ තුළින් විකාශය වන්නේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. 

මලී එම ටෙලිනාට්‍යයේ නැහැ. ඒ වගේම මලී විදියට අප අතරට ආ සමාධිත් වැඩිය පෙනෙන්නට නැහැ. ඉතින් තවමත් මලීට ආදරය කරන පිරිසක් ඉන්න හින්දා අපි හිතුව ඈ ගැන ටිකක් හොයා බලන්න. 

මේ දිනවල ඇය පතිකුලයට යන්න සූදානමින් ඉන්න බව අපට දැනගන්නට ලැබුණා. අපි ඇයව ඇමතුවා. අලුතින් අරඹන දිවිය ගැන, වර්තමානය ගැනත් මලී ගැන සමාධි කතා බහ කළේ සුපුරුදු සුහදශීලී ලීලාවෙන්.

මලී 2 අත්තම්මා නාට්‍යයේ සමාධි නැත්තෙ ඇයි කියන එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක්.

මම රඟපෑ මලීගෙ චරිතය අත්තම්මා ටෙලිනාට්‍යයේ නැහැ. මලී 2 කොටස කරන්නට කතිකා ගොඩ නැගෙද්දීම මම එයට දායක නොවී සිටින තීරණයට ආවා.

ඇයි ඒ දෙරණ සමග හෝ මලී කණ්ඩායම සමග හෝ අමනාපයක් නිසාද?

කිසිම අමනාපයක් නැහැ. මම “මලී” සමග අවුරුදු දෙකක් හිටියා. නාට්‍යය කොටස් පන්සිය ගණනක රඟපෑවා. ඉහළමප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවා. ඒත් ඕනෑම දෙයක එක දිගටම කළොත් නීරස වෙනවා ටෙලිනාට්‍යයක දිගින් දිගට යන චරිතයකටත් එහෙමයි. ප්‍රේක්ෂකයාටයි රඟපාන ශිල්පියාට හෝ ශිල්පිනියයි හැමෝටම ඒ එපා වීම සිදුවිය හැකියි. මටත් ඒ දේ සිදුවන්න පුළුවන් කියලා හිතුණ හින්දයි කලින්ම ඉවත් වුණේ.

මෙගා ටෙලිනාට්‍යවල අතරමගදී නළු නිළියන් වෙනස් වීම, පිටපත ඒ අනුව වෙනස් වීම සිදුවනවා. මලී 2 අත්තම්මාටත් එය බලපෑවාද?

මගේ ඉවත්වීම අනුව මලී 2 අත්තම්මා පිටපත ලියැවුණෙ නැහැ. මලී තුළින් ඒ අය මව හා දුව අතර වූ සම්බන්ධය ගැන කතා කළා. එහි දෙවැනි නිර්මාණය තුළින් අත්තම්මා හා මිනිපිරී අතර පවතින සම්බන්ධය ගැන කතා කරන්නයි ඒ අයට ඕනෑ වුණේ. මව දුව සම්බන්ධය වගේම අත්තම්මා හා මිනිපිරි සම්බන්ධයත් ‍පොදු දෙයක්. මම ඔය නාට්‍යයට දායක නොවී සිටීමට එයත් හේතුවක්.

මොකක්ද හේතුව?

මලී නාට්‍යයේ ප්‍රධාන චරිතය මලී. “මලී 2 අත්තම්මා” නාට්‍යය අත්තම්මා හා මිනිපිරී වටා දිව යනවා. මලී රට ගිහින් ආයෙමත් ඇවිත් අතිරේක චරිතයක් විදියටයි ටෙලිනාට්‍යයට එකතු වන්නේ. ඒකට මම අකමැති වුණා. අනික අවුරුදු 12ක 13ක ළමයකුගෙ අම්මා විදියට රඟපාන්නත් මම කැමති වුණේ නැහැ.

පහුගිය කාලෙ නිහැඩියාවක් තිබුණේ විවාහ වන්න සිටින නිසා බව අපට ආරංචි වුණා.

ඔව්. ඒ ආරංචිය ඇත්ත. ලබන වසරේ මුල හෝ මැද මගේ විවාහය සිදුවේවි.

නළු නිළියන් ගායක ගායිකාවන් විවාහය ප්‍රේමය ගැන කියද්දී පෙම්වතා හෝ පෙම්වතිය ගැන සඳහන් කරන්නේ එක්තරා කෙනෙක් විදියට. සමාධිගෙ ‘එක්තරා’ කෙනා ගැනත් තොරතුරු ටිකක් කියන්න.

(හිනැහී) එයාගෙ නම සංජය මොරගොල්ල. මම මීට කලින් ඔහු ගැන පත්තරවලට කියල තිබුණත් පළමු වතාවට නම හෙළි කළේ “රිද්ම” තුළින්.


එහෙනම් වැඩිදුර තොරතුරුත් හෙළි කරන්න.

 
සංජයට ‘මීඩියා හෝම්’ නමින් ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. අපි හමුවුණෙත් ඒ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් කරපු ටෙලි නාට්‍යයක් රූගත කරද්දී.

ඒ හමුවීම දැනගන්න කැමතියි.

‘මලී’ නාට්‍යයත් එක්ක මට ආරාධනා රැසක්ම ලැබුණා. ඒ අතරින් මම භාර ගත්තෙ “මහ මෙරකි නුඹ මට” විතරයි. ‘මලී’ ඉවර වුණ හැටියෙම වගේ ඒ නාට්‍යයත් පටන් ගත්තා. “මහ මෙරකි නුඹ මට” මීඩියා හෝම් නිෂ්පාදනයක්. එතැනදී තමයි අපි හමුවුණේ. “මහමෙරකි නුඹ මට” නාට්‍යයේ මගේ පෙම්වතා විදිහට රඟපෑවෙත් සංජය.

‘මලී” ජනප්‍රියත්වයත් එක්ක සමාධිට බොහෝ තරුණයෝ ආදරේ කළා. ඒ හැමදේම ප්‍රතික්‍ෂේප කරලා සංජයට කැමති වුණේ සල්ලිකාරයෙක් හින්දද?

(හිනැහී) අනේ නැහැ. එයා මට ගැළපෙන හින්දා.

විවාහයෙන් පසු සමාධි නැවත රංගනයෙන් සමු ගන්නවාද?

නැහැ. ඉඳහිට තෝරා බේරාගෙන රඟපානවා. දැනටත් මා රඟපෑ සුමිත්‍රා පීරිස් මහත්මියගේ “වෛශ්ණාවී” චිත්‍රපටයත් ‍පෝලිමේ තියෙනවා. මේ දවස්වල “මුතු” කියලා ටෙලිනාට්‍යයකුත් රූගත කෙරෙනවා.

 
Related Posts with Thumbnails